Kota Gavuma

Kota Gavuma

කොට ගවුම

Colour Digital Yet to be released

Yet to be released

0% · 0 votes
Rate this film

Summary

NameKota Gavuma / කොට ගවුම
Release StatusYet to be released
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryAdults

Description

කොට ගවුම (2026) (එරංග සේනාරත්න නිර්මාණයක්)

පිරිමි ඇස්වලින් සෙක්ස් කරන ලෝකය සහ ඇගේ "කොට ගවුම"

"පරිස්සමෙන් ගිහින් එන්න මැණික" – ඒ ආදරයක්ද? උගුලක්ද?

Sugar Daddy කෙනෙක් ළඟ ගැහැණුන්ට නවතින්න හිතෙන්නේ ඇයි?

ධනේශ්වර සමාජයේ පිරිමි ආශාවේ අනන්තය සොයා ගිය කිංකිණි.

බර සම්භාව්‍ය නොවුණත් ප්‍රේක්ෂකයා හිරකර තබන 'කොට ගවුම' සිනමා දැක්ම.

කෙටි මං හරහා යන ජීවිතය සහ "කොට ගවුම" පිටුපස ඇති ඇත්ත.

යොවුන් වියේ පසුවන්නන් සහ දෙමාපියන් අනිවාර්යයෙන්ම කියවිය යුතු/නැරඹිය යුතු කතාවක්!

තරුණියකගේ අහිංසකකම සූරාකන මැදිබාගයේ පිරිමි ෆැන්ටසිය.

ස්ථාවර ජීවිත මැද තෘප්තිය සොයන පිරිමිකම සහ 23 හැවිරිදි තරුණියකගේ ඉරණම. ගැහැණු සිරුරේ රස තැන් හොයන පිරිමි ආසාවේ අනන්තය!

ආරක්ෂාව සෙවූ ගැහැනියකගේ සහ ඇයව ලිංගික මෙවලමක් කළ පිරිමියෙකුගේ කතාව!

පළමු චිත්‍රපටයේදීම සෙව්වන්දි මුහුණ දුන් නිරුවත් අභියෝගය.

විකල්ප සිනමාවේ නව්‍යතම හැරවුම.කොට ගවුම ළඟදීම රිදී තිරයට.

"මම වයස 23ක කිංකිණි... මේ මගේ කතාවයි!"

"තාත්තා වගේ දැනුණු සර් මට 'මැණික' කිව්වා..."

රැකියාවක බලාපොරොත්තුව සහ හෝටල් කාමරයක ප්‍රේම පැකේජය..

පසුගිය දින කීපයේදී ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපට කීපයකම මාධ්‍ය දර්ශනය නැරඹීමට අවස්ථාව ලැබුණා.කොට ගවුමත් ඒ අතරින් එකක්.මෙය මෙරට සිනමාවේ ප්‍රවීණතම අධ්‍යක්ෂකවරයකු වන එරංග සේනාරත්නගේ නිර්මාණයක්.වඩාත් ශෘංගාරය මුසු චිත්‍රපට තැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන එරංග ,මෙවරත් අප කා හටත් හිරි ගඩුපිපෙන නිර්මාණයක් කරලා තියෙනවා.නිශ්චිත අරමුණක් නැතිව, රැකියාවක් නොමැතිව, ගෙදර ප්‍රශ්න කෝටිකට මැදිව සිටින යුවතියකගේ කතාව තමයි කොට ගවුම.වත්මන් සමාජයේ ආර්ථික දුෂ්කරතා ඇති මෙවැනි අයාලෙ යන තරුණියන් ඕන තරම් ඉන්නවා.ඔවුන්ගේ මුල් සමාජ පසුබිම මෙම අගාධය තව තවත් පුළුල් කරනවා.මව නොමැති පිළිකා රෝගයෙන් පීඩා විඳින පියාගේ උවතැන් කටයුතුත් කරන 23 හැවිරිදි කිංකිනිගේ ඛේදවාචකය තමයි මේහි කතා කරන්නේ.

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ විශාල තරුණ තරුණියන් පිරිසක් සමාජයට එක්වන බව අපි දන්නවා.එහිදී ඔවුන් මුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි රැකියාවක් සොයා ගැනීම.එන හැමෝටම රැකියා දෙන්න ලංකාවේ එහෙම ලොකු ජොබ්මාකට් එකකුත් නෑ.ඒ නිසා තියෙන සීමිත රැකියා ප්‍රමාණයට තරගකාරීත්වය වැඩි.සමාජයේ වැඩිපුර තියෙන්නේ දරිද්‍රතාවයෙන් පිරුණු අන්ත අසරණපවුල්.එවැනි පවුල් වලින් සමාජයට අලුතෙන් එක්වන අය තම පළමු කාර්ය ලෙස සලකන්නේ පවුල ගොඩ ගන්න රැකියාවක් සොයා ගැනීම.එතනදී රැකියාව හොයන්නේ තරුණියක් නම් ,ඒ අසරණකමින් ප්‍රයෝජනන ගන්න බලා සිටින පිරිස සුළු පටු නොවේ.මේ කතාවත් අන්න ඒ වගේ තමයි.එරංග සේනාරත්න, වර්තමානයේ සිටින අත්දැකීම් බහුල සිනමා අධ්‍යක්ෂකවරයෙක්,ඔහුගේ චිත්‍රපට සියල්ලම පාහේ මා නරඹලා තියෙනවා.ඒවායේ තියෙන විශේෂත්වය තමයි සමාජයේ කාටවත් අහුවෙන්නේ නැති මාතෘකාවක් ඔස්සේ ඔහුගේ නිර්මාණය බිහිකිරීම.ඇත්තටම සමහරු ඒ ගැන කතා කරන්න බියයි.චිත්‍රපටියක් නිර්මාණය කිරීමේදී ප්‍රේක්ෂකයාට පැය එකහමාරකට වැඩි කාලයක් ඉඳගෙන අපහසුවකින් තොරව ඔහුව ඒ වෙත රඳවා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ.එරංගගේ නිර්මාණ වල තියෙන විශේෂ ලක්ෂණය තමයි චිත්‍රපටය නිමාවෙනකම්ම ඒ තුළ රැඳී සිටීමේ හැකියාව තිබීම.ඔහුගේ නවතම නිර්මාණය තමයි කොට ගවුම, අර මම මුලින් පටන් ගත්ත ආකාරයේ තේමාවකින් යුත් සිනමා අත්දැකීමක්.ඔහුගේ පසුගිය නිර්මාණත් වැඩිහිටියන්ට පමණක් සීමා වුණ ඒවා.කතාවේ හැටියට එම දර්ශන අනිවාර්යෙන් ඇතුළත් විය යුතුයි.මේ චිත්‍රපටියත් ලිංගික දර්ශනත් සමග එකතු වූ බ්ලැක් කොමඩියක් විදිහට හඳුන්වන්න පුළුවන්.

අසරණකමේ පතුලේ සිටින කිංකිනි පාලිකා නම් 23 හැවිරිදිි තරුණිය ,පිළිකා රෝගයෙන් පෙළෙන තම පියාව රැක ගැනීමටත්,තම අනාගතයටත් රැකියාවක් සොයමින් ඉන්නේ.ඒ වෙලාවේ තමයි ඇයට සම්මුඛ පරීක්ෂණයක් සඳහා අවස්ථාව ලැබෙන්නේ.එතකොට තමයි ඇයට ජයලත් කියන ආයතන ප්‍රධානියා මුණගැසෙන්නේ. ඉතින් රැකියාවක් ගන්න නම් ඔහුගේ විතරක් මනදොල සපුරලා හරියයිද ? තමන්ගේ තාත්තටත් වැඩිය වයස මෙවැනි ශුගර් ඩඩිලා අද සමාජයේ කොතෙකුත් ඉන්නවා.ඔවුන්ට ඕන තරම් සල්ලි තියෙනවා.පවුලේ ප්‍රශ්නත් විසඳගෙන අවසන්.ඉතින් බලන්නේ මේ වගේ තරුණ කෙල්ලෙක් අල්ලගෙන තමන්ගේ කාන්සිය පාළුව මකා ගන්න. ජයලත්. සමග හෝටල් කාමරයේ තනිවන කිංකිනි පාලිකාගේ කතාව තමයි කොට ගවුම.රැකියාවක් ගැනීමට ඇයගේ ඕනකම,හෝටල් කාමරය තුළ ඇයගේ හැඟීම්,ගෙදර ප්‍රශ්න,මේ ඔක්කොම මධ්‍යයේ ඇයට සවියක් වීි සිටින පෙම්වතා විශ්ව ,ගැන සියලු දේ බලාගන්න පුලුවන් ඕගොල්ලෝ කොට ගවුම බැලුවොත්.

කතාව ලස්සනට ගොඩනගලා තියෙනවා.මේක ලොකු බර සම්භාව්‍ය කතාවක් නෙවෙයි.එහෙත් මෙකී සිද්ධි දාමය හරහා සමාජයට ලොකු පණිවිඩයක් ලබා දීමට එරංග සමත්වෙනවා.මෙහිදී කිං කිණි පාලිකා ලෙස රඟපාන සෙව්වන්දි චන්ද්‍රසිරි තම පළමු චිත්‍රපටයේදීම විශාල අභියෝගයකට මුහුණ දී තිබෙනවා. මොකද මේ චිත්‍රපටියේ ඇය සම්පූර්ණ නිරුවත් ජවනිකාවකට පෙනී සිටිනවා.

තවත් අර්ධ නිරුවත් ජවනිකා රාශියකින්ද යුක්තයි .මේ නිසා චිත්‍රපටිය අතිශයින්ම 18+.කිසිදු චකිතයකින් බියකින් තොරව ඇය මෙම චරිතය තාත්වික නිරූපණය කිරීම අගය කළ යුත්තක්. තෝරාගෙන තිබෙන ඇඳුම් විලාසිතා, කතාබහ සියල්ල මුල සිටම අග දක්වාම ඉතාමත් ශුංගාරාත්මකයි. .මෙවැනි චිත්‍රපටියක් කිරීමේදී අධ්‍යක්ෂකවරයාට අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවෙනවා.මොකද තමන්ට උවමනා රූප රාමුව ලබා ගැනීමට නළු නිලියන් හැසිරවීම හරිම අසීරුයි.මේ චිත්‍රපටයේ ප්‍රවීණතම නළුවා තමයි රංගන ප්‍රේමරත්න.එහි එක තැනක් තියෙනවා ඉතා දරුණු අවස්ථාවක්.කිංකිණි සහ ඔහු අතර.අතිශයින්ම 18 + . මට නම් හිතාගන්නත් බෑ. ඔහු ඒ දර්ශනයට මුහුණ දුන්නේ කොහොමද කියලා. කිංකිනිගේ පෙම්වතා ලෙස රඟපාන නවක නළු මතීෂ ගජවීර ඉතාමත් සාර්ථක ලෙස ඉවසිලිවන්ත පෙම්වතෙකුගේ රංගනයක යෙදෙනවා.සමස්තයක් ලෙස සියල්ලන්ගේම රඟපෑම හොඳයි.

කොහොම වුනත් ඕගොල්ලෝ කැමති වෙනස් ආකාරයේ නිර්මාණ දැක බලා ගන්නනේ.ඉතින් කාලෙකට පස්සේ එවැනි අවස්ථාවක් තමයි ඕගොල්ලන්ට උදාවෙලා තියෙන්නේ.ඒක හින්දා මගහැර ගන්නේ නැතුව අනිවාර්යෙන්ම කොට ගවුම නරඹා ඒ අත්දැකීම ලබාගන්න.........

23 හැවිරිදි කිංකිනි, ජයලත් සහ හෝටල් කාමරයේ රහස!

මොහාන් පෙරේරා

2026 . 10.10