Malvila Farm

Malvila Farm

මල්විල ෆාම්

Colour Yet to be released

Yet to be released

60.46% · 649 votes
Rate this film
Special Message

රොෂාන් කුරුප්පුගේ කුලුඳුල් සිනමා නිර්මාණය

Summary

NameMalvila Farm / මල්විල ෆාම්
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanyMiracle Entertainment
Main Actor: Bimal Jayakody Main Actress: Nilmini Buwaneka Director: Roshan Kuruppu Producer: Miracle Entertainment

Trailer

Description

මේ සිනමා සිත්තමට පාදකව ඇත්තේ, මනුෂ්‍යයන් තුළ ඇතිවන මනෝමූලික පදාර්ථයන් කේන්ද්‍ර කරගත් සිද්ධි දාමයක් තුළින් සිදුවන අද්භූත සිදුවීම් මාලාවකි. ප්‍රොෆෙසර් කරලියද්ද ඇතුළු විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් තෘණ වගාව පිළිබඳ පර්යේෂණයක නිරත වීමේ අදහසින් කැලෑබද ප්‍රදේශයක පිහිටි ගොවිපලක් වෙත පැමිණෙති. පැමිණි පිරිසට ගොවිපළ භාරකරුගෙන් සුහද පිළිගැනීමක් නොලැබුණද, සිසු සිසුවියන්ට නම් මෙම නිස්කලංක ගුප්ත පරිසරය නිදහස භුක්ති විඳීමට ලද කදිම තෝතැන්නක්ම විය. සිසු සිසුවියන් පිරිස සහකාර කථිකාචාරිණියට භාරකළ ප්‍රොෆෙසර් රියදුරු සමගින් නැවත නගරයට යන්නේ අවශ්‍ය කරන භාණ්ඩ කිහිපයක් රැගෙන ඒමේ අදහසිනි. මෙම චාරිකාවට එක්වීමට නියමිතව සිටි එක් සිසුවියක් නියමිත වේලාවට පැමිණීමට නොහැකි වීමෙන්, බස් රථයකින් පැමිණ, ගම්මුන්ගේ විරෝධය මැද ගොවිපළ වෙත යන අතරතුර පාළු ස්ථානයකදී ඇය අනපේක්ෂිත ලෙසින් ඝාතනයට ලක්වෙයි. සිසු සිසුවියන් දිය නෑම සඳහා අසල ගඟ වෙත යන අතර, කථිකාචාරණිය ගොවිපළේ නවතියි. සිසුන් නැවත පැමිණෙන විට ඇය අතුරුදහන් වී ඇති බැව් වටහා ගනියි. නගරයට ගිය ප්‍රොෆෙසර් නැවත පැමිණිමේදී, වාහනය ක්‍රියා විරහිත වීම නිසා, රියදුරු වාහනයේ නවතා පා ගමනින් ගොවිපළට යන ප්‍රොෆෙසර්ද ක්ෂණික ප්‍රහාරයකට ලක්ව මරණයට පත්වෙයි. මේ ගොවිපළ අයිති වීරසූරිය මහත්මිය සිසුන්ට පවසන්නේ, මෙම ගොවිපලේ ඇති විළක ගිලී තම එකම පුතු මියගිය බවත්, ඒ හේතුවෙන් තම සැමියාද තමාට අහිමි වූ බවත්ය. ඉතිරි සිසුන්ගේ ඉරණම කෙලෙස විසදේවිද? මේ මරණවලට වගකිය යුත්තේ කවුරුන්ද යනු, මල්විල ෆාම් නැරඹීමෙන් වැටහෙනු ඇත.

රොෂාන් කුරුප්පුගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තය ලෙසින් මල්විල ෆාම් තිරයට එක්වෙයි. සිනමාව පිළිබඳව විවිධ පාඨමාලා හැදෑරීමෙන් අනතුරුව ක්ෂේත්‍රයට එක්වන ඔහු, කැමරා සහයකයකු, ටෙලි නාට්‍ය හා චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයෙකු, වේදිකා පසුතල නිර්මාණ ශිල්පයකු මෙන්ම කලා අධ්‍යක්ෂවරයෙකු, කැමරා හා වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙසත් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ ඇත්තෙකි. ටෙලි නාට්‍ය රැසක සහ සුදු සෙවනැලි චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා වූ ඔහුගේ ප්‍රථම ප්‍රාසංගික ටෙලි නිර්මාණය ලෙසින් ‘ආදරණීය අම්මා’ පුංචි තිරය මත දිගහැරිණ. ඉන් අනතුරුව, මිහිදුම් සෙවනැලි, වැටෙන් එහා, මුහුදු මනාලි, අමුතු මිනිස්සු, බාළොලි මල් හා විහඟ ගීතය වැනි ටෙලි නාට්‍යයන් ඔහු විසින් නිර්මාණය කරන ලදී. අපේ ජනකතා නමින් ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවක් සහ සංසාරේ පිය සටහන් තුළින් ඒකාංගික පෝය නාට්‍ය රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත. විවිධ සම්මාන උලෙළයන් රැසකදී සම්මානයට සහ ඇගැයුමට පාත්‍ර වූ ඔහු ප්‍රවීණ තිරපිටපත් රචකයෙකුද වෙයි.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew