Marukathara

Marukathara

මරුකතර

Colour Yet to be released

Yet to be released

60.73% · 1,933 votes
Rate this film

Summary

NameMarukathara / මරුකතර
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryCrime
CompanySithija Films
Main Actor: Cleatus Mendis Main Actor: Jeewan Kumaranatunga Main Actress: Lakshika Jayawardena Director: Sarath Dikkumbura

Description

රංගන ශිල්පියකු ලෙසින් නමක් දිනාගත් සරත් දික්කුඹුර සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වන වග සරසවියට වාර්තා විය. ඔහු මීට ප්‍රථම දුර්ගාත්ම නමින් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන ලදී. සරත්ගේ කුලුඳුල් සිනමාපටයට නම තබා ඇත්තේ මරුකතර නමිනි. කාන්තාවකගේ ඝාතනයක් ඔස්සේ ගලා යන කතාවක අනුසාරයෙන් අධ්‍යක්ෂවරයා විසින් මෙහි තිර රචනය ලියන ලදී.

ක්ලීටස් මෙන්ඩිස්, ජීවන් කුමාරතුංග, පාලිත සිල්වා, නිමල් පල්ලෙවත්ත, බුද්ධික රඹුක්වැල්ල, මාක් සැම්සන්, ලක්ෂිකා ජයවර්ධන, රුක්ෂානා දිසානායක, ශෙරීන් එදිරිසිංහ, වින්ද්‍යා නයනා හේමන්ති, අනුර බණ්ඩාර රාජගුරු, සුදත් විජේසේකර ඇතුළු පිරිස මරු කතරෙහි නළු නිළියෝය.

කැමරාකරණය ප්‍රියන්ත ප්‍රදීප්ගෙනි. සහාය අධ්‍යක්ෂණය ප්‍රසන්න ගෙනි. ගාමිණී කොස්තාගේ අංග රචනයකි. සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂවරයාය. ගීත රචනය සරත් දික්කුඹුරගෙන්ය. නඳුන් රත්නායකගේ සංගීත අධ්‍යක්ෂණයකි. චමින්ද දෑල නිෂ්පාදන කළමනාකරුය.

මරු කතර සිතිජ ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.

Cast

Crew

Other Crew