Nelum Kuluna

Nelum Kuluna

නෙළුම් කුළුණ

Colour

Film No: 1430  ·  Released: 14 Mar 2025

57.27% · 1,376 votes
Rate this film
Special Message

ඉලංගෝ රාම්ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය

Summary

NameNelum Kuluna / නෙළුම් කුළුණ
Film No1430
Released Date14 Mar 2025
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanySilent Frames Productions
Main Actor: Priyantha Sirikumara Main Actress: Kaushalya Fernando Director: Ilango Rama Producer: Hiranya Ilango

Trailer

Description

“නෙළුම් කුළුණ” මෙතෙක් සිනමා පටයකට පාදක නොවූ කතා තේමාවක් සේම විශේෂ අවස්ථාවන් රැසක් සනිටුහන් කිරීමට සමත් වූ චිත්‍රපටයකි. එස්ටෝනියාවේ ටලින් නගරයේ පැවති බ්ලැක් නයිට් සිනමා උළෙලේ විශේෂ ජූරි සම්මානයෙන් මෙය පිදුම් ලැබු අතර , මෙය A/list ගණයට අයත් සිනමා උළෙලකි. Cannes, Venice, Berlin වැනි ඉහළතලයේ චිත්‍රපට උළෙල 15ක් පමණක් A/list ගණයට අයත් වෙයි. වසර 17 කට පසුව එම අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික තෙවන චිත්‍රපටය මෙය වේ. එසේම, ශ්‍රී ලාංකික සිනමා පටයක් ලෝකයේ රටවල් රැසක අතිශය ප්‍රථම වතාවට වෙනත් රටක ප්‍රතිනිර්මාණය වන්නේද “නෙළුම් කුළුණ සමඟිනි”. මෙය දකුණු ඉන්දියාව, ඉතාලිය, දකුණු කොරියාව, ඇමෙරිකාව, ප්‍රංශය, බෙල්ජියම සහ ස්පාඤ්ඤය ප්‍රතිනිර්මාණයට ගිවිසුම් ගත වූ සහ කැමැත්ත පළකළ විදේශයන් වන අතර, ඉංදියානු ප්‍රතිනිර්මාණය දැනට රූගත කිරීම් නිම කොට පසු නිෂ්පාදන අවධියේ පසු වෙයි. නෙළුම් කුළුණ මේ වන විට අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන් අටක් නියෝජනය කරමින් සම්මානයට සහ ඇගයීමටද පාත්‍රව ඇත.

තම පියා මියගිය බව දැනගත් ඔහුගේ පුතුන් දැඩි සේ ශෝකාකූල විය. ඔවුන්ගේ දුක ක්ෂණයකින් වෙනස්වීමට බලපෑ එක් කරුණක් විය. එනම්, ඔවුන්ගේ මියගිය පියාගේ සිරුරේ අවයවයක් තවමත් ජීවමානව හා සක්‍රීයව පවතින බව වටහා ගැනීමෙනි. ඒ ඔහුගේ පුරුෂ ලිංගයයි. පියාගේ වියෝව නිසා ශෝකාකූල හා කනස්සලුකාරි දිනයක් වීමට නියමිතව තිබූ මෙදින, මෙම අසාමාන්‍ය සිදුවීම නිසා සම්පූර්ණයෙන්ම කණපිට හැරී කලබලකාරී ආරවුලක් බවට පත්විය. පුතුන් දෙදෙනා විසින් අවමංගල්‍යය කටයුතු පටන් ගැනීමට ප්‍රථම, තම මව හා බිරින්දෑවරුන් දෙදෙනා සමගින් කාටත් හොර රහසේම පියාගේ සක්‍රීය ඉන්ද්‍රිය පහළට නැවීමට සියලු උත්සාහයන් දරයි. පවුලේ සියලු දෙනාම මෙම ලැජ්ජා සහගත ව්‍යසනය අසල්වාසීන් නෑදෑයන් සහ විශේෂයෙන්ම අසල්වැසි ඕපදූප ස්ත්‍රියක් වන කමලාගෙන් වසන් කර තම පවුලේ නම්බුව රැකීමට උපරිම ප්‍රයත්නයන් දරයි.

මෙරට වෙළඳ දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ඉලංගෝ රාම්, සම්මානනීය කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකුද වන අතර, ඇමරිකාවේ රොක් පොට් විද්‍යාලයේ කැමරාකරණය පිළිබඳව සහ ඉන්දියාවේ එන්.අයි.ටී. විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ හා විද්‍යුත් සන්නිවේදනය පිළිබඳව උපාධිධාරියකු වේ. කොරියාවේ ඒෂියන් ෆිල්ම් ඇකඩමි සහ රොටර්ඩෑම් ලැබ් ඇතුළු මෙරට සහ විදේශීය ආයතන රැසකින්ම සිනමාවේ විවිධ අංශයන් පිළිබඳව හදාරා ඉහළ පරිචයක් ලද අයෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ චිත්‍රපට අංශයේ බාහිර කථිකාචාර්යවරයකු මෙන්ම ශ්‍රී ලංකා කාර්මික පුහුණු ආයතනයේ (දමිළ) පාඨමාලා අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇති ඔහු පුද්ගලික ගුවන් නියමු බලපත්‍රයක් හිමි අයකුද වෙයි. කොළඹ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට සම්මාන උළෙලේ ජූරි සභිකයකු ලෙසින් කටයුතු කර ඇති රාම්, නිර්මාණය කළ කෙටි චිත්‍රපට අතර නිහඬ කඳුළු, ගිනිගත් පියාපත්, දොඩන කෙලී ඇතුළු නිර්මාණ රැසක් වන අතර ඒ සියලුම නිර්මාණ ලෝකයේ විවිධ සම්මාන උළෙලයන් නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කියූ නිර්මාණද වේ. තිර රචකයෙකු, කැමරා අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන ඉලංගෝ රාම්ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි “නෙළුම් කුළුණ”.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew