INFO
Nelum Kuluna / නෙළුම් කුළුණ
[ Colour ]
Film No : 1418
Released Date : 2025-03-14
47.19794344473
47% |   389  Vote(s) | Vote Here
1 2 3 4 5
 
ඉලංගෝ රාම්ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය
 
SUMMARY

Nelum Kuluna / නෙළුම් කුළුණ
Film No : 1418
Released Date : 2025-03-14
Colorimeter : Colour
Category :
Company : Silent Frames Productions
Main Actor : Priyantha Sirikumara
Main Actress : Kaushalya Fernando
Director : Ilango Rama
Producer : Hiranya Ilango

TRAILER


 
DESCRIPTION

“නෙළුම් කුළුණ” මෙතෙක් සිනමා පටයකට පාදක නොවූ කතා තේමාවක් සේම විශේෂ අවස්ථාවන් රැසක් සනිටුහන් කිරීමට සමත් වූ චිත්‍රපටයකි. එස්ටෝනියාවේ ටලින් නගරයේ පැවති බ්ලැක් නයිට් සිනමා උළෙලේ විශේෂ ජූරි සම්මානයෙන් මෙය පිදුම් ලැබු අතර , මෙය A/list ගණයට අයත් සිනමා උළෙලකි. Cannes, Venice, Berlin වැනි ඉහළතලයේ චිත්‍රපට උළෙල 15ක් පමණක් A/list ගණයට අයත් වෙයි. වසර 17 කට පසුව එම අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික තෙවන චිත්‍රපටය මෙය වේ. එසේම, ශ්‍රී ලාංකික සිනමා පටයක් ලෝකයේ රටවල් රැසක අතිශය ප්‍රථම වතාවට වෙනත් රටක ප්‍රතිනිර්මාණය වන්නේද “නෙළුම් කුළුණ සමඟිනි”. මෙය දකුණු ඉන්දියාව, ඉතාලිය, දකුණු කොරියාව, ඇමෙරිකාව, ප්‍රංශය, බෙල්ජියම සහ ස්පාඤ්ඤය ප්‍රතිනිර්මාණයට ගිවිසුම් ගත වූ සහ කැමැත්ත පළකළ විදේශයන් වන අතර, ඉංදියානු ප්‍රතිනිර්මාණය දැනට රූගත කිරීම් නිම කොට පසු නිෂ්පාදන අවධියේ පසු වෙයි. නෙළුම් කුළුණ මේ වන විට අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන් අටක් නියෝජනය කරමින් සම්මානයට සහ ඇගයීමටද පාත්‍රව ඇත.
 
තම පියා මියගිය බව දැනගත් ඔහුගේ පුතුන් දැඩි සේ ශෝකාකූල විය. ඔවුන්ගේ දුක ක්ෂණයකින් වෙනස්වීමට බලපෑ එක් කරුණක් විය. එනම්, ඔවුන්ගේ මියගිය පියාගේ සිරුරේ අවයවයක් තවමත් ජීවමානව හා සක්‍රීයව පවතින බව වටහා ගැනීමෙනි. ඒ ඔහුගේ පුරුෂ ලිංගයයි. පියාගේ වියෝව නිසා ශෝකාකූල හා කනස්සලුකාරි දිනයක් වීමට නියමිතව තිබූ මෙදින, මෙම අසාමාන්‍ය සිදුවීම නිසා සම්පූර්ණයෙන්ම කණපිට හැරී කලබලකාරී ආරවුලක් බවට පත්විය. පුතුන් දෙදෙනා විසින් අවමංගල්‍යය කටයුතු පටන් ගැනීමට ප්‍රථම, තම මව හා බිරින්දෑවරුන් දෙදෙනා සමගින් කාටත් හොර රහසේම පියාගේ සක්‍රීය ඉන්ද්‍රිය පහළට නැවීමට සියලු උත්සාහයන් දරයි. පවුලේ සියලු දෙනාම මෙම ලැජ්ජා සහගත ව්‍යසනය අසල්වාසීන් නෑදෑයන් සහ විශේෂයෙන්ම අසල්වැසි ඕපදූප ස්ත්‍රියක් වන කමලාගෙන් වසන් කර තම පවුලේ නම්බුව රැකීමට උපරිම ප්‍රයත්නයන් දරයි.
 
මෙරට වෙළඳ දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ඉලංගෝ රාම්, සම්මානනීය කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකුද වන අතර, ඇමරිකාවේ රොක් පොට් විද්‍යාලයේ කැමරාකරණය පිළිබඳව සහ ඉන්දියාවේ එන්.අයි.ටී. විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ හා විද්‍යුත් සන්නිවේදනය පිළිබඳව උපාධිධාරියකු වේ. කොරියාවේ ඒෂියන් ෆිල්ම් ඇකඩමි සහ රොටර්ඩෑම් ලැබ් ඇතුළු මෙරට සහ විදේශීය ආයතන රැසකින්ම සිනමාවේ විවිධ අංශයන් පිළිබඳව හදාරා ඉහළ පරිචයක් ලද අයෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ චිත්‍රපට අංශයේ බාහිර කථිකාචාර්යවරයකු මෙන්ම ශ්‍රී ලංකා කාර්මික පුහුණු ආයතනයේ (දමිළ) පාඨමාලා අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇති ඔහු පුද්ගලික ගුවන් නියමු බලපත්‍රයක් හිමි අයකුද වෙයි. කොළඹ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට සම්මාන උළෙලේ ජූරි සභිකයකු ලෙසින් කටයුතු කර ඇති රාම්, නිර්මාණය කළ කෙටි චිත්‍රපට අතර නිහඬ කඳුළු, ගිනිගත් පියාපත්, දොඩන කෙලී ඇතුළු නිර්මාණ රැසක් වන අතර ඒ සියලුම නිර්මාණ ලෝකයේ විවිධ සම්මාන උළෙලයන් නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කියූ නිර්මාණද වේ. තිර රචකයෙකු, කැමරා අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන ඉලංගෝ රාම්ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි “නෙළුම් කුළුණ”.
 
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
CAST

Thusitha Laknath
As Younger Son
Sulochana Weerasinghe
As Younger Son/s Wife
Koralage Saman
As Threewheel Driver
Ashoka Vandabona
As Gramaniladari
Sulaiman Dias
As Cheif monk
Pradeep Senarathna
As Young Monk
CREW

Director
Ilango Rama
Cinematographer
Ilango Rama
Sound Management
Rangana Sinharage
Make-up Artists
Rajitha Dikhinna
Music Director
Leon James

OTHER CREW

Production Designer
Ajantha Alahakoon
Colour Mixing
Dinindu Jagoda
Assistant Director
Niroshan Edirimanna
Assistant Director
Prasanna Wijesinghe
Production Manager
Manjula Perera
Assistant Camera
Muditha Vithana
Assistant Camera
Aruna Sanjaya
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS