Night Rider

Night Rider

නයිට් රයිඩර්

Colour Digital

Film No: 1353  ·  Released: 29 Jul 2022

59.01% · 1,294 votes
Rate this film

Summary

NameNight Rider / නයිට් රයිඩර්
Film No1353
Released Date29 Jul 2022
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryAction
Main Actor: Kalana Gunasekara Main Actress: Yureni Noshika Producer: Kasun Pathirana Director: Kasun Pathirana

Trailer

Description

කසුන් පතිරණගේ කුලුඳුල් සිනමා නිර්මාණය නයිට් රයිඩර් ජූලි මස 22 වැනිදා තිරගත කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු සරසවියට පැවසුවේය.

කප්පරක් සිහින, බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවිතය ජය ගැනීමට වෙහෙසෙන කුලී රථ රියැදුරකුට අනපේක්ෂිත ලෙස මුණ ගැසෙන නාදුනන තරුණියක් සමඟින් රැයක් පුරා කොළඹ නගරය තුළ දිවෙන ත්‍රාසජනක වීර චාරිකාවයි නයිට් රයිඩර්.

කලණ ගුණසේකර, යුරේනි නොෂිකා, ඩබ්ලිව්. ජයසිරි, බිමල් ජයකොඩි, තුමිඳු දොඩම්තැන්න, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද කුමාර උන්නැහේ, දමයන්ති ෆොන්සේකා, අරුණි මෙන්ඩිස් රංගනයෙන් දායක වන මෙහි නිෂ්පාදනය ද කසුන් පතිරණගේය.

කතාව, දෙබස්, තිර රචනයෙන් කසුන් පතිරණ හා ශ්‍රීනාත් චතුරංග ද කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්ව කරුණාරත්න ද සංස්කරණයෙන් ලක්රුවන් ද සේරම් ද සංගීතයෙන් අජිත් කුමාරසිරි ද කලා අධ්‍යක්ෂණයෙන් චරිත් වික්‍රමතිලක ද රේඛීය නිෂ්පාදනයෙන් රොනිත් අධිකාරි ද නිෂ්පාදන සහායෙන් තරිඳු දේශප්‍රිය ද සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර ද වේශ නිරූපණයෙන් ශාලිත ගුණවර්ධන ද වර්ණ සංකලනයෙන් මලින්ද සම්පත් ද පරිගණක දෘශ්‍ය නිර්මාණයෙන් දිමුතු රූපසිංහ ද සටන් අධ්‍යක්ෂණයෙන් ඔසඳ සම්පත් බණ්ඩාර ද ඇඳුම් නිර්මාණයෙන් චරිත් ගමගේ ද ශබ්ද පරිපාලනයෙන් ආශා රාජපක්ෂ ද දායක වෙති.

Cast

Crew

Other Crew