Nilu Man Adarei

Nilu Man Adarei

Colour Yet to be released

Yet to be released

59.34% · 1,554 votes
Rate this film

Summary

NameNilu Man Adarei
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Suresh Gamage Main Actress: Nilushi Pawanya Producer: Prasanna Godakanda Director: Eranga Senarathna

Description

මෝටර් රථ ධාවන සූරයකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් වූ ඩිලන්ත මාලගමුව පළමු වරට රංගනයට එකතු වන නිලූ මං ආදරෙයි සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා නුගේගොඩ සංහිද හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. ගිනිගත් මධුසමය, රෝස පැටික්කි, සුරයහන ගිනි ගනියි, ස්විට් ඒන්ජල්, ඇතුවත් බෑ නැතුවත් බෑ ආදී සිනමාපට අධ්‍යක්ෂණය කළ එරංග සේනාරත්න එම සිනමාපටය අධ්‍යක්ෂණය කරයි. සුරේෂ් ගමගේ, නිලුෂි පවන්‍යා, රජිත හිරාන් චාමිකර, ගයත්‍රි ඩයස්, මධුශාන් නානායක්කාර, කීර්ති රත්නායක, ගයාන් මාපලගම, නන්දන හෙට්ටිආරච්චි, රෝහිත ඩයස්, මනීෂා නාමල්ගම, දිනූෂා කෙලාඩ් ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයති.

ශ්‍රී ජය සිනෙරු සමාගම සමඟ ප්‍රසන්න ගොඩකන්දගේ නිෂ්පාදනයෙන් එකතු වන මෙහි කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය එරංග සේනාරත්නගෙනි. ප්‍රසාද් වීරප්පෙරුම කලා අධ්‍යක්ෂණයෙන් ද, සමීර මධු කිඳෙල්පිටිය අංග රචනයෙන් ද, අනූෂ සංජීව ජයවර්ධන සංස්කරණයෙන් ද මේ සඳහා එක් වෙති. ලස්සන ජයසේකර සහ ප්‍රියන්ත නාවලගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිලූ මං ආදරෙයි සිනමාපටය සංගීතයෙන් හැඩ කරති. ෂෙහාන් ගලහිටියාව සහ ඩිනාලි රොෂාන්ති ගීපද රචනාකොට ඇත. සුරේෂ් ගමගේ සහ චේතනා රණසිංහ ගැයුමෙන් දායක වූ මෙහි නිෂ්පාදන කළමනාකරණය රෝලන්ඩ් ද සිල්වාගෙනි. ඩිලාන් ජගත් නිෂ්පාදන සම්බන්ධිකාරකවරයාය.

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - යතේජා ඥානරත්න - ගීත් ද මැල්

Cast

Crew

Other Crew