INFO
Nilu Man Adarei
[ Colour ]
Not Yet Released
59.008419083255
59% |   1069  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Nilu Man Adarei
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actor : Suresh Gamage
Main Actress : Nilushi Pawanya
Director : Eranga Senarathna
Producer : Prasanna Godakanda

 
DESCRIPTION

මෝටර් රථ ධාවන සූරයකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් වූ ඩිලන්ත මාලගමුව පළමු වරට රංගනයට එකතු වන නිලූ මං ආදරෙයි සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා නුගේගොඩ සංහිද හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. ගිනිගත් මධුසමය, රෝස පැටික්කි, සුරයහන ගිනි ගනියි, ස්විට් ඒන්ජල්, ඇතුවත් බෑ නැතුවත් බෑ ආදී සිනමාපට අධ්‍යක්ෂණය කළ එරංග සේනාරත්න එම සිනමාපටය අධ්‍යක්ෂණය කරයි. සුරේෂ් ගමගේ, නිලුෂි පවන්‍යා, රජිත හිරාන් චාමිකර, ගයත්‍රි ඩයස්, මධුශාන් නානායක්කාර, කීර්ති රත්නායක, ගයාන් මාපලගම, නන්දන හෙට්ටිආරච්චි, රෝහිත ඩයස්, මනීෂා නාමල්ගම, දිනූෂා කෙලාඩ් ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයති.
 
ශ්‍රී ජය සිනෙරු සමාගම සමඟ ප්‍රසන්න ගොඩකන්දගේ නිෂ්පාදනයෙන් එකතු වන මෙහි කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය එරංග සේනාරත්නගෙනි. ප්‍රසාද් වීරප්පෙරුම කලා අධ්‍යක්ෂණයෙන් ද, සමීර මධු කිඳෙල්පිටිය අංග රචනයෙන් ද, අනූෂ සංජීව ජයවර්ධන සංස්කරණයෙන් ද මේ සඳහා එක් වෙති. ලස්සන ජයසේකර සහ ප්‍රියන්ත නාවලගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිලූ මං ආදරෙයි සිනමාපටය සංගීතයෙන් හැඩ කරති. ෂෙහාන් ගලහිටියාව සහ ඩිනාලි රොෂාන්ති ගීපද රචනාකොට ඇත. සුරේෂ් ගමගේ සහ චේතනා රණසිංහ ගැයුමෙන් දායක වූ මෙහි නිෂ්පාදන කළමනාකරණය රෝලන්ඩ් ද සිල්වාගෙනි. ඩිලාන් ජගත් නිෂ්පාදන සම්බන්ධිකාරකවරයාය. 
 
ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - යතේජා ඥානරත්න - ගීත් ද මැල්
 
CAST


OTHER CREW

Production Manager
Ronald De Silva
Production Coordinator
Dilan Jagath
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS