Nilu Man Adarei

Nilu Man Adarei

Colour තවම තිරගත වී නැත

තවම තිරගත වී නැත

59.34% · 1,554 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමNilu Man Adarei
නිකුත් කිරීමේ තත්ත්වයතවම තිරගත වී නැත
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: සුරේෂ් ගමගේ ප්‍රධාන නිළිය: Nilushi Pawanya නිෂ්පාදනය: Prasanna Godakanda අධ්‍යක්ෂණය: Eranga Senarathna

විස්තරය

මෝටර් රථ ධාවන සූරයකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් වූ ඩිලන්ත මාලගමුව පළමු වරට රංගනයට එකතු වන නිලූ මං ආදරෙයි සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා නුගේගොඩ සංහිද හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. ගිනිගත් මධුසමය, රෝස පැටික්කි, සුරයහන ගිනි ගනියි, ස්විට් ඒන්ජල්, ඇතුවත් බෑ නැතුවත් බෑ ආදී සිනමාපට අධ්‍යක්ෂණය කළ එරංග සේනාරත්න එම සිනමාපටය අධ්‍යක්ෂණය කරයි. සුරේෂ් ගමගේ, නිලුෂි පවන්‍යා, රජිත හිරාන් චාමිකර, ගයත්‍රි ඩයස්, මධුශාන් නානායක්කාර, කීර්ති රත්නායක, ගයාන් මාපලගම, නන්දන හෙට්ටිආරච්චි, රෝහිත ඩයස්, මනීෂා නාමල්ගම, දිනූෂා කෙලාඩ් ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයති.

ශ්‍රී ජය සිනෙරු සමාගම සමඟ ප්‍රසන්න ගොඩකන්දගේ නිෂ්පාදනයෙන් එකතු වන මෙහි කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය එරංග සේනාරත්නගෙනි. ප්‍රසාද් වීරප්පෙරුම කලා අධ්‍යක්ෂණයෙන් ද, සමීර මධු කිඳෙල්පිටිය අංග රචනයෙන් ද, අනූෂ සංජීව ජයවර්ධන සංස්කරණයෙන් ද මේ සඳහා එක් වෙති. ලස්සන ජයසේකර සහ ප්‍රියන්ත නාවලගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිලූ මං ආදරෙයි සිනමාපටය සංගීතයෙන් හැඩ කරති. ෂෙහාන් ගලහිටියාව සහ ඩිනාලි රොෂාන්ති ගීපද රචනාකොට ඇත. සුරේෂ් ගමගේ සහ චේතනා රණසිංහ ගැයුමෙන් දායක වූ මෙහි නිෂ්පාදන කළමනාකරණය රෝලන්ඩ් ද සිල්වාගෙනි. ඩිලාන් ජගත් නිෂ්පාදන සම්බන්ධිකාරකවරයාය.

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - යතේජා ඥානරත්න - ගීත් ද මැල්

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play