Oscar

Oscar

ඔස්කාර්

Colour Yet to be released

Yet to be released

68.22% · 667 votes
Rate this film

Summary

NameOscar / ඔස්කාර්
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanySri Jayasineru and Dinera Movies
Main Actor: Palitha Silva Main Actress: Madushani Wickramasinghe Director: Eranga Senarathna Producer: Thushara De Silva

නිෂ්පාදකවරුන්ගේ මනදොල සපුරාලන්නට අධ්‍යක්ෂකවරුන් සැදී පැහැදී සිටින්නේ නම්, චිත්‍රපට නිෂ්පාදනය සඳහා නිෂ්පාදකවරුන් සොයා ගැනීම අදටද අපහසුතාවයක් නොමැති කරුණකි. “ඔස්කාර්” තුළින් ප්‍රේක්ෂක මනස තුළ ලියැවෙන්නේ එම සංසිද්ධියේම වෙනත් පරිච්ඡේදයකි. අතිශය ප්‍රකට සිනමා නිර්මාණකරුවකු වූ ඔහු වර්තමානයේ ගෙවන්නේ පාළු සුවිසල් බංගලාවක කාමරයකට කොටුවූ හුදකලා දිවියකි. තමාගේ අතීත දිවිය ආවර්ජනය කිරීමෙන් අනතුරුව තම ජීවිත කතාව තුළින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔහු තීරණය කරයි. එම පුවත සමාජගත වීමත් සමඟම ඒ පිළිබඳව අවධානය යොමු කළ එක්තරා නවක නිළියක් ඔහු සොයා යන්නේ එම චිත්‍රපටයේ රංගනය සඳහා අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණෙනි. ඒ සඳහා ඕනෑම පරිත්‍යාගයක් කිරීමට ඈ සැදී පැහැදී සිටී. නිරාමිස සුව නොපැතූ ඔහු, ඇයගේ උත්සාහය හමුවේ කිනම් ප්‍රතිචාරයක් දක්වයි ද? ඇයගේ බලාපොරොත්තුව ඉටුවේද, යනු ඉදිරියේදී දැනගැනීමට හැකිවනු ඇත. “ඔස්කාර්” තුළින් කියවෙන්නේ ඇයගේ එම රංගන චාරිකාවේ කතාවයි. antonjocic@gmail.com ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew