Pashchima Yamaya

Pashchima Yamaya

පශ්චිම යාමය

Colour 35mm Yet to be released

Yet to be released

62.92% · 686 votes
Rate this film
Special Message

සමන්ත විජේකෝන් කුළුඳුල් සිනමා නිර්මාණය

Summary

NamePashchima Yamaya / පශ්චිම යාමය
Release StatusYet to be released
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Bimal Jayakody Main Actress: Dilhani Ekanayake Director: Samantha Wijekoon Producer: Bandula Ranasinghe

Description

විවිධ සමාජ තලයන්හි සිරවී සිටින මිනිසුන් ඔවුන් ඔවුන්ගේ කුටුම්භය තුළ ජීවන අරගලය වෙනුවෙන් කෙරෙන ක්‍රියාදාමයන්හිදී සුදු කළු චරිත අතර බෙදී යන විෂමතාවය සම්ප්‍රේෂණය කරමින් දරිද්‍රතාවය හමුවේ තම ජීවන අරගලය දිනන්නට වෙරදරන දිරිය ගැහැනියක් දුර්වලයෙකු යැයි සිතා තම වසඟයකට ගැනීමට බලය හොබවන පුරුෂාධිපත්‍යයක් හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිමින් දාරක සෙනෙහස මෙන්ම ස්වාමි භක්තිය ද තම ජීවිතය කොටගත් ගැහැනියක වූ යසෝමැණිකේ සිය ස්වාමිපුරුෂයා වූ සිරිතුංග හා ඔවුන්ගේ එකම දියණිය සමන්මල්වලින් සමඟින් දුම්බර මිටියාවතෙහි පිහිටි මහල කොටුව නම් සුන්දර ගම්පියස තුළ දිවි ගෙවන්නීය ඔවුන්ගේ එකම අරමුණ තම දියණියගේ අධ්‍යාපනයයි යසෝ මැණිකා කළුගල් තලන අතර සිරිදාස ගොවිතැන් කටයුතු මෙන්ම කුලී වැඩවල නියැළී සිටියි. ඒ ගමේ වෙල්විදානේ උන්ට ඇති එකම පිලිලයයි. ඇයට බැල්ම හෙළන ඔහුගේ බහට අවනත නොවූ තැන ඔවුන්ගෙන් පළිගැනීමට ඔහු නොයෙකුත් උපක්‍රම යොදයි. ඒ අතරතුර නගරයේ සිට ගමට පැමිණෙන සුරේන්ද්‍ර, ඔහුගේ බිරිඳ රොෂෙල් සහ දරු දෙදෙනාත්, ගමේ වෙසෙන සූකිරි, උක්කුවා,සියාතු මෙන්ම ගමේ පාසැලට අළුත පත්ව එන ගුරුතුමිය වටා ගෙතුණු කතාවයි ”පශ්චිම යාමය”. තාඩන පීඩන මැද දිවිගෙවන සිරිදාසලගේ ඉරණම කෙලෙස විසඳේද? සමන්මලී අධ්‍යාපනයෙන් ජය ගනීද? වෙල්විදානේගේ අරමුණු ඉටුවේද යනු දැන ගැනීමට ප්‍රේක්ෂකයාට මදක් ඉවසීමට සිදුවනු ඇත.

සිංහල සිනමාව පෝෂණය කිරීම උදෙසා වූ මෙහෙවරට තවත් එක් යථාර්ථවාදී සිනමා වෘත්තාන්තයක් ලෙසින් “පශ්චිම යාමය” සිනමා නිර්මාණය කුලුඳුලේ රැගෙන එන සමන්ත විජේකෝන්, මෙහි තිර පිටපත් රචකයා මෙන්ම දෙබස් හා ගේය පද රචකයාද වෙයි. මාතලේ ලෙනදොර ගම්පියසෙන් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වන ඔහු, පාසල් අවධියේ සිටම කලාව හා සමීප සම්බන්ධතා පැවැත්වූවෙකි. නැටුම් අධ්‍යක්ෂවරයකු, ටෙලි නාට්‍ය, චිත්‍රපට රංගන ශිල්පියෙකු හා ග්‍රන්ථ කතුවරයකු වන සමන්ත විජේකෝන් “උරුමයක අරගලය”, “කලියුග කාලේ” ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකත් “ගුත්තිල” සිනමා පටය සඳහාත් සිය රංගන දායකත්වය දක්වා ඇත. දීර්ඝ කාලයක සිට දුටු සිහිනයක ප්‍රතිඵලයක් ලෙසින්, අඳුරු කල අවසන්ව එළිවන්නට මත්තෙන් යන අරුත් සහිතව “පශ්චිම යාමය” ඔහු විසින් නිර්මාණය කර ඇත.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew