Pirimi Adarayak

Pirimi Adarayak

පිරිමි ආදරයක්

Colour 35mm

Film No: 1419  ·  Released: 22 Nov 2024

58.69% · 1,112 votes
Rate this film

Summary

NamePirimi Adarayak / පිරිමි ආදරයක්
Film No1419
Released Date22 Nov 2024
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Menaka Rajapakse Main Actress: Hiruni Ranasinghe Director: Eranga Senarathna Producer: Suren Perera

Trailer

Description

එරංග සේනාරත්නගේ 13 වැනි චිත්‍රපටය පිරිමි ආදරයක් (Gentleman Love) හි රූගත කිරීම් පසුගියදා ආරම්භ විය. සුරේන් පෙරේරා විසින් නිෂ්පාදනය කෙරෙන මෙහි මේනක රාජපක්ෂ, හිරුණි රණසිංහ, රුවන් පෙරේරා, සුසංග කහඳවආරච්චි, නෙතලි නානායක්කාර, සැනට් දික්කුඹුර, ශාන්ත ගුණවර්ධන ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. කැමරාකරණය - උපුල් ප්‍රියාන්, සංස්කරණය දසුන් රණසිංහ, නිෂ්පාදන සම්බන්ධීකරණය - ඩිලාන් ජගත් ගෙනි. මෙහි තිරරචනය සමඟ ඩිනලි රොෂාන්ති සේනාරත්න චිත්‍රපට තිරරචනා ක්ෂේත්‍රයට පිවිසේ. එරංග සේනාරත්නගේ බිරිය වන රොෂාන්ති මීට පෙර චිත්‍රපට පසුබිම් ගී රචනා කර තිබේ. සංගීත අධ්‍යක්ෂණය එම්.එම්.ජේ වසයිලාඕ ගෙනි. චම්පා කල්හාරි ගීත ගායනයෙන් එක් වේ. මේ දිනවල පිරිමි ආදරයක් (Gentleman Love) චිත්‍රපටයේ රූගත කිරීම් නාවින්න ප්‍රදේශයේදී සිදු කෙරේ.

Cast

Crew

Other Crew