ප්‍රධාන වශයෙන් මේ සිනමාපටය ගෙතෙන්නේ සත්ව උද්‍යානයක් වටා.මේ සත්ව උද්‍යානයේ ඉන්න පශු වෛද්‍යවරියක් සහ එහි ඉන්න සතුන් අතරත් මේ සතුන්ගේ භාරකරුවන් අතරත් තමයි කතාව ගලාගෙන යන්නේ. තව කතාවකුත් තියෙනවා.
සදේෂ් සහ රනුග කියන්නේ ආණ්ඩු පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා, හිටපු ප්‍රබල ඇමතිවරුනුත් පරාජය කරමින් වැඩි මනාප ගණනකින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ තරුණයින් දෙදෙනෙක්.ඡන්දයෙන් රනුග පළමු තැනටත් සදේෂ් දෙවන තැනටත් පත් වෙනවා. තමන් දෙවැනියා වීම ගැන සදේෂ් ඉන්නේ කේන්තියෙන්. සදේෂ්ගේ රූමත් පෙම්වතිය සත්ව උද්‍යානයක පශු වෛද්‍යවරියක්. ඇය සහ සතුන් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම මේ සත්වෝද්‍යානයේ කිසිම කෙනෙක් නොදන්නා රස රහසකුත් තියෙනවා. මේ රහසත් එක්ක තමයි සිනමාපටය ඉදිරියට ගලා යන්නේ. මේ රහස තුළින් ප්‍රේක්ෂකයාගේ විචක්ෂණශීලීත්වයට ආමන්ත්‍රණය කරන්න අපි උත්සහා කරනවා.
තවත් කාරණාවක් මේ සිනමාපටය තුළින් කියැවෙනවා. මිනිස්සුන්ට විතරක් නෙමෙයි හැඟීම් තියෙන්නේ. තිරිසන් සතුන්ටත් ආදරය, කරුණාව, දයාව, ඊර්ෂ්‍යාව, කේන්තිය වගේ හැඟීම් තියෙනවා. ඒ වගේම ඔවුන්ට ආරක්ෂාව, රැකවරණය, කුසගින්න, උණුසුම, අවධානය වැනි අවශ්‍යතාත් තියෙනවා. මේ සිනමාපටයේ තියෙනවා සමහර සතුන් බොරුවට අසනීප වෙලා වෛද්‍යවරියගේ අවධානය දිනාගන්න උත්සාහ කරන අවස්ථා. ගෝරිල්ලා වෛද්‍යවරියත් සමඟ දකින හීනෙකුත් තියෙනවා. ඒක බොහොම ලස්සන රංගනයක් සහිත ෆැන්ටසි ගීතයක්. ඉතින් ඒ විදිහේ සතුන් සහ මිනිසුන් අතර හෘදයාංගම බව ගැනත් කියවෙන බොහොම අපූරු සිනමා පටයක් මේක.
ප්‍රියංවදා පෙරේරා