Piyabanna Ayeth

Piyabanna Ayeth

පියාඹන්න ආයෙත්

Colour Digital

Film No: 1356  ·  Released: 08 Sep 2022

58.31% · 1,231 votes
Rate this film

Summary

NamePiyabanna Ayeth / පියාඹන්න ආයෙත්
Film No1356
Released Date08 Sep 2022
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Kalana Gunasekara Main Actress: Chamathka Lakmini Director: Shirly Samarasinghe Producer: Udara Palliyaguruge

Trailer

Description

ෂර්ලි සමරසිංහ නිර්මාණය කළ පියාඹන්න ආයෙත් සිනමාපටය මණ්ඩලයේ ප්‍රධානව දිවයින පුරා ඇති සිනමාහල්වලදී සැප්තැම්බර් 08 සිට තිරගතවීම ඇරඹිණ. යූ. ඒ. පල්ලියගුරු නිෂ්පාදනය කළ පියාඹන්න ආයෙත් යොවුන්වියේ ආදර කතාවක් පාදක කරගත්තකි. “හැම චරිතයක් තුළම හැමෝටම කියාගන්න බැරි ආදරය පිළිබඳ කතාවක් තියෙන්න පුළුවන්. පියාඹන්න ආසයි චිත්‍රපටයේදී තේමාව වුණේ එය යැයි පවසන අධ්‍යක්ෂ ෂර්ලි එම නිර්මාණය ගැන තවදුරටත් පවසන්නේ මෙවැන්නක්.

“සරල ආදර කතා තේමාවකින් ආරම්භවෙන පියාඹන්න ආයෙත් චිත්‍රපටයේ ගැඹුරු ආදරයක් පිළිබඳ පුළුල් අර්ථකථනයක් ඉදිරිපත් කරනවා. ආදරය ජීවිතයේ විවිධ අවස්ථාවලදී මුණගැසෙනවා. නව යොවුන් වියේ තරුණ තරුණියන් විවාහ වෙද්දි ඇතැම් විට ඔවුන් බලාපොරොත්තු වෙන ආදරය ලැබෙන්නෙ නෑ. මේ චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් වන ගැහැනු ළමයගේ චරිතය ඒ වගේ එකක්. යෝජිත විවාහයකින් විවාහපත්ව විදේශගතව සිටි ඇය ලංකාවට පැමිණ කලින් පෙම්වතා මුණගැසීමට යන ගමනේදී ගුවන්තොටුපළේදී තරුණ ටැක්සි රථ රියැදුරෙකු හමුවෙනවා. ඒ අතරතුර ඇතිවෙන සිදුවීම් මාලාවක් ඔස්සේ ඇයගේ ජීවිතයේ වන පරිවර්තනය පියාඹන්න ආයෙත් සිනමාපටයේදී අපි කතා කරනවා.” යැයි පියාඹන්න ආයෙත් සිනමාපටයේදී ප්‍රේක්ෂකයාට දැකගත හැකි වන්නේ කුමක්දැයි පැනයට පිළිතුරු දෙමින් ෂර්ලි එසේ පවසනවා.

“මේ සිනමාපටයේ තිර කතාව ලිව්වේ චිත්‍රපටයේ නිෂ්පාදක වන යූ. ඒ. පල්ලියගුරු. ප්‍රේමයේ හැඩය වෙනත් මානයකින් ගෙන එන්න තමයි ඔහුටත් අවශ්‍ය වුණේ. ප්‍රේමයකින් විවාහපත් වුණත් තමන්ට ගැළපෙනම කෙනා හමු නොවෙන්න පුළුවන්. ඒ වගේ කතාවක් ප්‍රේක්ෂකයාට ගෙනෙද්දි කතාවම විතරක් නෙවෙයි එය ඉදිරිපත් කරන සෞන්දර්යාත්මක වටපිටාව සංගීතය ලොකු බලපෑමක් කරනවා. ඒ නිසා චිත්‍රපටයට ගීත තුනක් ඇතුළත් කරා. ඒත් එක්කම මේ චිත්‍රපටයේ කතාවම ඉල්ලා සිටින දර්ශනතල සොයාගෙන ලංකාව වටේම රූගත කිරීම් කෙරුණා. මේවා බලෙන් ඔබ්බපුවා නෙමෙයි. ශ්‍රී ලංකාවේ සෞන්දර්යාත්මක වටපිටාව මේ චිත්‍රපටය හරහා අපිට එළියට ගේන්න පුළුවන් වුණා.” ෂර්ලි පවසනවා.

යොවුන් රංගන ශිල්පී කලණ ගුණසේකර, චමත්කා ලක්මිණි, කල්ප මුණසිංහ, පොකුරුමලී ප්‍රනාන්දු, මාක්ස් ප්‍රනාන්දු රංගනයෙන් දායක වන පියාඹන්න ආයෙත් චිත්‍රපටයේ ගීත ගායනයෙන් නිසල් ගමගේ, රිද්ම වීරවර්ධන සහ සචිනී කටුවාවල එක්ව ඇත. සජීව කරුණානායක කලා අධ්‍යක්ෂණයෙන්ද තිලිණ දිසානායකගේ අංග රචනයෙන්ද හැඩ වන පියාඹන්න ආයෙත් කැමරාකරණය කර තිබෙන්නේ ගයාන් ගීතප්‍රිය විසිනි.

– තිස්ස

Cast

Crew

Other Crew