Porisadaya

Porisadaya

පෝරිසාදයා

Colour

Film No: 1270  ·  Released: 16 Feb 2018

59.51% · 2,226 votes
Rate this film

Summary

NamePorisadaya / පෝරිසාදයා
Film No1270
Released Date16 Feb 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Sriyantha Mendis Main Actress: Udari Warnakulasuriya Director: Siritunga Perera Producer: Chandrasena Palihena Producer: Indika Wijeratne

Trailer

National Awards

For Artists

1 Best Actor 7th Derana Film Awards 2019 - 2019 Darshan Dharmaraj

Description

ප්‍රවීණ කලා ශිල්පී, බී. සිරිතුංග පෙරේරා සහ චිත්‍රපට නිෂ්පාදක දේශමාන්‍ය ඉන්දික විඡේරත්න සුසංයෝගයේ දෙවැනි සිනමා නිර්මාණය "පෝරිසාදයා" අද (16 වැනිදා සිකුරාදා) සිට දිවයින පුරා පිහිටි එල්.එµa.ඩී. සහ එම්.පී.අයි. මණ්‌ඩලයේ සිනමා ශාලාවන්හිදී තිරගත වීම ආරම්භ කෙරේ.

සිනමා ප්‍රේක්‍ෂකයාට කාවදින අයුරින් නිමවී ඇති ප්‍රබල කතා වස්‌තුවක්‌ රැගත් ක්‍රියාදාමයන් ගෙන්ද පිරුණු "පෝරිසාදයා" චිත්‍රපටය වර්තමාන සිනමාවට ප්‍රබල අභියෝගයක්‌ ගෙන එනු ඇති බව තම විශ්වාසය යෑයි අධ්‍යක්‍ෂ බී. සිරිතුංග පෙරේරා 'දිවයින සිනමා කලා' වෙතට පැවසීය.

උදාරි වර්ණකුලසුරිය, ශ්‍රියන්ත මෙන්ඩිස්‌, දර්ශන ධර්මරාඡ්, උදාර රත්නායක, කුමාර තිරිමාදුර, අමිල කරුණානායක, කමල් දේශප්‍රිය, ඉමායා ලියනගේ, හර්ෂ උඩකන්ද, අයිස්‌රා අතුකෝරළ, පී. බී. ගංගොඩතැන්න, රාජසිංහ ලෝලුවාගොඩ ඇතුළු පිරිසක්‌ චරිත මවන අතර කැමරාව මහේන්ද්‍ර කරුණාරත්න, සංගීතය - සුනෙත් කැළුම්, ගීත රචනා - ආනන්ද පත්මසිරි, මහින්ද කේ. ප්‍රේමසිරි, සංස්‌කරණය - ප්‍රවීන් ජයරත්න, සහාය නිෂ්පාදනය - චන්ද්‍රසේන පලිහේන, නිෂ්පාදක දේශමාන්‍ය - ඉන්දික විඡේරත්න, අධ්‍යක්‍ෂණය - බී. සිරිතුංග පෙරේරා විසිනි.

- සුජීව

Cast

Crew

Other Crew