Punchi Andare

Punchi Andare

පුංචි අන්දරේ

Colour

Film No: 1277  ·  Released: 05 Apr 2018

57.03% · 2,361 votes
Rate this film

Summary

NamePunchi Andare / පුංචි අන්දරේ
Film No1277
Released Date05 Apr 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryKids

Trailer

ලාංකේය ජන සමාජය තුළ නොමඳ ගෞරවාදරයට පත් සුවිශේෂී චරිත කිහිපයක් යුගයෙන් යුගයට නිර්මාණය වෙයි. විටෙක විරුවන් ද, තවත් විටක සාහිත්‍යකරුවන් ද, අහස උසට විහිදී යන අප මවිත කරවන මහා ප්‍රාකාර, දාගැබ්, වාරි කර්මාන්ත, මහා ප්‍රතිමා නෙළු කලාකරුවෝ තවත් විටෙක හමුවෙති. මේ සියල්ලන් අතරින් හාත්පසින් වෙනස් මුහුණුවරක් ගත් යුගවිරුවෝ අපට සම්මුඛ වෙති. මිනිසුන් හැඩවීම ලෙහෙසි වුව ද මිනිසුන් හිනස්සීම ඉතා අපහසු කාරණයකි. නම ඇසූ පමණින් නිතැතින් ම සිනහවක් මුවට නගන්නට හැකි සුවිශේෂි මානවයෙකු අප ජනසාහිත්‍යයේ හමුවේ නම්, ඒ අන්දරේ ය. රජ වාසල කවටයා ලෙස ලාංකික ජනසමාජයේ මිනිසුන්ගේ ඇට මස් නහරවලට කිදා බැස ඇති මේ මිනිසා තුළ වූ මහා ප්‍රඥාව විටෙක රජවරුන් පවා මවිත කළේය. ලාංකික ජනකතාකරුවා විසින් මීට දශක විසි තිස් ගණනකට පෙර ඔහුගේ සටකපටකම් මහත් අභිරුචියෙන් ජනහදවත් තුළ රෝපණය කළේ ය.

එහි අග්‍රඵලය ලාංකේය ජනසමාජය දැඩි පෙලඹවීමකින් යුතුව අද ද භුක්ති විඳියි. ˜පුංචි අන්දරේ˜ නම් සිනමා නිර්මාණයට පසුබිම් වන්නේ ˜අන්දරේ˜ නම් මහා ප්‍රාඥයාගේ ළපටි ජීවන අවධියයි.

අප ළපටි කථානායකයාගේ පියා ගොවිතැනින් ජීවිකාව ගෙන යන අහිංසක ගැමියෙකි. මව ගෙවිලියකි. නාඹර වියේ පසුවන කටකාර දියණියට මැදි වු හීන් පැටියා නොහොත් පුංචි අන්දරේ පවුලේ බඩපිස්සා ය.

අන්දරේ ගමේ පිරිවෙනේ අකුරු ශාස්ත්‍රය ප්‍රගුණ කරයි. විවේකයක් ලද විගස ම කොලූ කුරුට්ටන් ඈඳා ගැනීමට පුංචි අන්දරේ මහත් සමතෙකි. වළකජු ගැසීම ඔහුගේ ප්‍රියතම කී්‍රඩාව වේ. දිනක් මෙසේ වළකජු ගසමින් සිටින මොහොතක නායක හිමියන්ට අන්දරේ සහ පිරිස අතට අසුවී දැඩි සේ උරණ වන නායක හිමියන් අන්දරේට තදින් තරවටු කර එතැනින් නොනැවතී, ඔහුගේ පියා සොයා ගොස් ඔවුන්ට ද දොස් පවරන්නේ තොපේ කුˆමීමා මෙල්ල කරගන්නා ලෙසිනි. මෙයින් දැඩි සේ කෝපයට හා ලැජ්ජාවට පත්වන අන්දරේගේ පියා අන්දරේට ද~ුවම් පමුණුවයි. පියාට නොවඳිනා වැඳුම් වඳින මව, අවසානයේ අන්දරේ බේරාගනී. එයින් පාඩමක් උගෙන නොගන්නා පුංචි අන්දරේ ගමේ සිටින දංකොටුවේ රාළ සමග ගැටෙන්නේ පැණි මුළක් සම්බන්ධ කරණාවකිනි. එයින් නොනවතින අන්දරේ දංකොටුවේ රාළගේ මුණුබුරා වන හේතුවා ගේ අමුඩය ගලවා නිර්වස්ත්‍ර කර ගෙදර යවයි. එයින් දැඩි සේ ඔහුගේ මව හා දංකොටුව් රාළ උරණ වුවත් මොහොතකින් හේතුවා යළිත් තම සීයාට හා මවට පිටුපා අන්දරේ සොයා යයි.

ගමේ සිටින වයෝවෘධ පුද්ගලයෙකු වන රං අත්තා, හෙළ වෙදකම පිළිබඳව හා ඉතිහාසය හා වාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව මහත් දැනුම් සම්භාරයක් ඇත්තෙකි. නෑකමට ඔහු අන්දරේගේ සීයා ය. අන්දරේගේ පියාගේ පියා වන රං අත්තා අන්දරේට මහත් ළෙන්ගතුකමක් දක්වයි. අන්දරේගේ නෑනා වන රන්සිනා ගිනිකිකිළියකි. හොස්ස ළඟිින් මැස්සා යනු බැරි ඇය අන්දරේට වඩා බාල ය. අන්දරේගේ පියාගේ නැගණියගේ දියණිය වන රන්සිනා දිනක්් ජලය ගෙනෙන්ට යන අතරමග දී අන්දරේ ඇයට නොහොබිනා ගී පදයක් කියයි. එයින් කුපිත වන රන්සිනා අන්දරේට කළයෙන් දමා ගසයි. රන්සිනා ඒ අවනඩුව රං අත්තාට කියයි. නමුත් කෛරාටිකකමින් කවිය සෙත්කවියක් ලෙස ගායනා කරන අන්දරේ අවසානයේ බේරෙයි. රන්සිනා මහත් කේන්තියෙන් ගෙදර යයි. රං අත්තා ඉඳහිට පුංචි අන්දරේට සහ රන්සිනාට කතාන්දර කියාදෙයි. සීතාවක රාජසිංහ නොහොත් ටිකිරි කුමාරයා පිළිබඳ කතාන්දරය ඔව්හු මහත් ලැඳියාවකින් අසා සිටිති. දිනෙන් දින ප්‍රඥාවෙන් මෝරන පුංචි අන්දරේට හා හේතුවාට, හදිසියේ පිරිවෙනට පැමිණෙන තිබ්බොටුවාවේ සිද්ධාර්ථ නායක හිමියන් මුණගැසේ. උපසම්පදාවට සෙංකඩගල යන්නට සැරසී සිටින පොඩි හාමුදුරුවන්ගේ දහම් නුවණ පරික‍ෂාවට ලක්කිරීමේ දී, අන්දරේගේ පුදුම සහගත නුවණ ගැන පැහැදෙන තිබ්බොටුවාවේ නායක හිමියන්, උපසම්පදා වන භික‍ෂුව සමග අන්දරේ එවන ලෙස ලොකු හාමුදුරුවන්ට දැනුම් දෙයි. මෙයින් උරණ වන දංකොටුවේ රාළ අන්දරේගේ ගමන නැවැත්වීමට උත්සාහ කරයි. එම උත්සාහය නිසා අන්දරේ සිය පවුල තුල මහත් වියවුලකට පත්වූවත්, ප්‍රඥාගෝචරව ප්‍රශ්නවලට මුහුණ දෙන අන්දරේ තම පියාට හා මවට ඇති ෙළෙන්ගතුකම නිසා තීරණනයක් ගන්නට අපොහොසත්ව දෙලොවක අතරමං වෙයි.

Cast

Crew

Other Crew