Ran Kolla

Ran Kolla

රං කොල්ලා

Colour

Film No: 1361  ·  Released: 19 Nov 2022

55.38% · 1,892 votes
Rate this film
Special Message

ශාන්ති දිසානායකගේ ‘රං කොල්ලා’ යොවුන් නවකතාව ඇසුරෙන්

Summary

NameRan Kolla / රං කොල්ලා
Film No1361
Released Date19 Nov 2022
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanyMa Films
Main Actor: Jayalath Manorathne Main Actress: Iranganie Serasinghe Director: Sumith Rathnayake

Trailer

Description

දරුවෙක් මෙලොවට බිහිකර ඒ දරුවා උස් – මහත් වන අයුරු දැක මවුපියන් මොන තරම් සතුටු කඳුළු වගුරනවාද. මා මේ කියන්නට යන්නේ එවන් දරුවෙක් වැනි සුමිත් රත්නායකගේ කුලුඳුල් සිනමා නිර්මාණයක් වන ‘රං කොල්ලා’ ගැන.

ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය ‘රං කොල්ලා’ ගැන කතා කළොත්?

ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකගේ ‘රං කොල්ලා’ යොවුන් නවකතාව ඇසුරෙන් තමයි ‘රං කොල්ලා’ චිත්‍රපට නිර්මාණය වෙන්නේ. අපේ ග්‍රාමීය පරිසරයේ සුන්දරත්වය හා ළමා අවධියේ රසවත් බවත්, අවුරුදු පහක පුංචි දරුවකු වටා ගෙතී තිබෙන අපූරු කතාවක් තමයි මම සිනමා නිර්මාණයක් ලෙසට ‘රං කොල්ලා’ චිත්‍රපටය නිර්මාණය කළේ.

‘රං කොල්ලා’ චිත්‍රපටයේ ප්‍රවීණ රංග ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. එය ගැන කතා කළොත්?

‘රං කොල්ලා’ චිත්‍රපටයට පරම්පරා කිහිපයක රංගන ශිල්පීන්, ශිල්පිනියන් සම්බන්ධ කරගත්තා. හැබැයි ඒ හැම පරම්පරාවකම ප්‍රවීණත්වයට පත් දක්‍ෂ පිරිසක් තමයි සම්බන්ධ කරගත්තේ. ඔවුන්ව අධ්‍යක්‍ෂණය කිරීම සුන්දර සහ රසවත් අත්දැකීමක්. සියලුමදෙනා විශාල කැපකිරීමක් හා ආදරයකින්, ගෞරවයකින් ‘රං කොල්ලා’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. රංගන ශිල්පීන් මෙන්ම නිර්මාණයට දායක වූ සියලුම අංශවල ශිල්පීන් ඉතා හොඳ දායකත්වයක් ලබා දුන්නා ‘රං කොල්ලා’ චිත්‍රපටයට. ඒ හැමදෙනාම බොහෝම ආදරයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා.

‘රං කොල්ලා’ සිනමා නිර්මාණයේ ප්‍රධාන භූමිකාවක් ආචාර්ය ජයලත් මනෝරත්නයන් නිරූපනය කරනවා. අද වන විට එතුමා ජීවතුන් අතර නැහැ. එතුමා චිත්‍රපටයට සම්බන්ධ කරගැනීම සම්බන්ධව ඔබේ අදහස?

ඔහු නැති අඩුව වචනවලින් විස්තර කරන්න බැහැ. එතුමා පිළිබඳව තිබුණු ආදරය, ගෞරවය නිසා ‘රං කොල්ලා’ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තාට පස්සේ එය තව තවත් වැඩි වුණා. ‘රං කොල්ලා’ චිත්‍රපටය සම්බන්ධයෙන් එතුමාට විශාල බලාපොරොත්තුවක් තිබුණා. එතුමා පළමුව අසනීප වෙලා සුව වුණාට පස්සේ ‘රං කොල්ලා’ චිත්‍රපටය හැමෝම එක්ක නරඹන්න ඕනෑ කිව්වා. ඒ නිසාම අපි එතුමාගේ ඉල්ලීමට ‘රං කොල්ලා’ චිත්‍රපටය විශේෂ දර්ශනයක් පැවැත්වුවා. එතුමා ‘රං කොල්ලා’ චිත්‍රපටය නරඹා අප්‍රමාණ සතුටට පත්වුණා. ජයලත් මනෝරත්නයන් ජීවතුන් අතර සිටින කාලයේ චිත්‍රපටය තිරගත කරගැනීමට බැරිවීම සම්බන්ධව විශාල කනගාටුවක් තිබෙනවා.

රං කොල්ලා චිත්‍රපටය තිරගත වන කාලවකවානුව ගැන කතා කළොත්?

අපි සූදානම් වෙලා ඉන්නේ ඉතා ඉක්මනින් චිත්‍රපටය තිරගත කිරීමට. ඒ වගේම සිනමා ප්‍රේක්‍ෂකයා හොඳ නිර්මාණයක් නැරැඹීමට හැම විටම සූදානමින් ඉන්නේ. අපිත් සූදානම්. ප්‍රේක්‍ෂකයාත් සූදානම්. අප දෙගොල්ල අතර මැද තිබෙන යාන්ත්‍රණයේ ඇති අකාර්යක්‍ෂමතාවයයි, සිනමා මාෆියාවයි විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. අධ්‍යක්‍ෂවරයකුගේ පළමු චිත්‍රපටයට ඉඩ දීමටවත් සදාචාර සම්පන්න විය යුතුයි. ඇත්තටම ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයේ තිබෙන ගැටලුව සම්බන්ධව ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය යුතුයි.

වසන්ත විතාරණගේ

Cast

Crew

Other Crew