Rocket Raja Pocket Raja

Rocket Raja Pocket Raja

රොකට් රජා පොකට් රජා

Colour 35 mm Yet to be released

Yet to be released

59.6% · 2,016 votes
Rate this film

Summary

NameRocket Raja Pocket Raja / රොකට් රජා පොකට් රජා
Release StatusYet to be released
ColorimeterColour
Video Format35 mm
Movie GroupSinhala
CategoryAction
Main Actor: Ronnie Leitch Main Actor: Sanoja Bibile Director: Dinusha Pradeep Kumara Producer: Sajitha Rukmantha

Description

දිනුෂ ප්‍රදීප් කුමාර අධ්‍යක්ෂණයට රොකට් රජා පොකට් රජා නම් වූ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් තවත් නවක අධ්‍යක්ෂවරයකු හෙළ සිනමාවට එක් වෙයි.

ඔහු දිනුෂ ප්‍රදීප් කුමාරයි. මොහාන් නියාස්ගේ මායාවි සිනමාපටය ඇතුළු චිත්‍රපට ගණනාවක සහය අධ්‍යක්ෂණයෙන් හැඩ කළ දිනූෂගේ කුලුඳුල් සිනමා පටයෙන් දිග හැරෙනුයේ රොකට්, පොකට් නමැති රැකියා විරහිත තරුණයන් දෙපොළකගේ කතාවකි.

සුරස ෆිල්මස් වෙනුවෙන් සජිත රුක්මන්තගේ නිෂ්පාදනයක් වන මෙහි රංගන දායකත්වය රොනී ලීච්, සනෝජා බිබිලේ, විශාකා සිරිවර්ධන, උදයන්ති කුලතුංග,සජිත් රුක්මන්ත, නිලාන් සඳරුවන්, උපාලි කීර්තිසේන, ප්‍රේමදාස විතානගේ, අනූෂා රාජපක්ෂ, ප්‍රියනාත් රත්නායක, භාග්‍යා ගුරුසිංහ, මල්කි නිමල්කා ඇතුළු පිරිසගෙනි.

අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය ද දිනූෂගෙන්ය. නිරෝෂි දිසානායක සහ සුපුන් දිනූෂ සෙනෙවිරත්නගේ සහාය අධ්‍යක්ෂණයකි. ස්ටැනී ද සිල්වා කලා අධ්‍යක්ෂවරයාවේ. කැමරාකරණයෙන් නිෂාන් හසිත එක්වෙයි. රොඩ්නි වෙන්ට්‍රවෙස්ට් අංග රචනා ශිල්පියාය. ප්‍රියනාත් රත්නායක සත්සර මුසු කෙරෙනු ඇත. ශාන් අල්විස් සංස්කරණයට සූදානම් වන මෙහි නිෂ්පාදන කළමනාකරු වශයෙන් බන්දුල රූපසිංහ කටයුතු කරයි.

නුගේගොඩ සංහිඳ හෝටල් පරිශ්‍රයේ පැවති රොකට් රජා පොකට් රජා හි මුහුරත්උළෙල දා එහි පිරිවර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි මේ.

Cast

Crew

Other Crew