Ruhire

Ruhire

රුහිරේ

Colour Digital

Film No: 1360  ·  Released: 17 Nov 2022

57.09% · 1,325 votes
Rate this film

Summary

NameRuhire / රුහිරේ
Film No1360
Released Date17 Nov 2022
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Roshan Ranawana Main Actress: Paboda Sandeepani Director: Najini Dikkovita Producer: Udara Palliyaguruge

Trailer

Description

ආදරයක් ලෙයින් ලියවිය හැකිද? ලෙයින් ලියවුනු ආදරයක් යන කතා තේමාව යටතේ රිදී තිරයට පැමිනීමට නියමිත අපූරු චිත්‍රපටකි රුහිරේ.

අසම්මත ආදර කතාවක් තුල අතරමං වුනු පිරිමියෙකු හා ඔහුගේ බිරිඳ වටා ගෙතුනු කුතුහලය පිරි කතා තේමාවක් රැගත් රුහිරේ චිත්‍රපටය ලගදිම සිනෙමා ශාලා වලට පැමිණීමට නියමිත horror ශානරයට අයත් චිත්‍රපටයකි.

මෙහි ප්‍රධාන චරිතය වන සම්පත් ( රොශාන් රණවන )යනු විවාහක නමුත් තම බිරිද සමග එතරම් සතුටකින් වාසය නොකරන තරුණ වයසේ පසුවන කඩවසම් තරුණයෙකි. ඔහුගේ බිරිද ( මහේශි මදුසංකා ) රැකියාව තම ජීවිතයම කර තරුණ කාන්තාවකි. විවාහ ජීවිතයේ එතරම් සුන්දරත්වයක් නොවිදිනා තැන සම්පත් තම ජීවිතය ඉතා කලකිරීමකින් ගත කරන්නේ කිසිදු දෙයකට ලැදියාවක් කැමැත්තක් නොදක්වමිනි. මේ අතරතුර ඔහුට අහම්බයෙන් හමු වන කාමිනී ( පබෝධා සංදීපනී ) නම් තරුණියක් ඔහුගේ සිත සොරා ගැනීමට සමත් වේ. එය අනියම් සම්බන්ධතාවයක් දක්වා දුර දිග යන අතර අවසානයේ එය නතර වන්නෙ සම්පත් මිනී මැරුම් තුනකටම නොදැනිවත්වම වරදකරු වෙමිනි. සම්පත් හට තමා වරදකරු නොවන බවට ඔප්පු කිරීමට අවශ්‍යතාව ඇති වූවත්, සම්පත් විසින් අනියම් සම්බන්ධතාවය ඇති කර ගත් කාමිනී නම් තරුණ කාන්තාව තව දුරටත් සොයා ගත නොහැකි වීමෙන් මහත් වූ කරදරයකට මුහුණපාන්නට සිදුවේ. ඇත්තෙන්ම පෙරකී අපරාධයන් වලට වගකියයුත්තෙ කවුරුන්ද? සම්පත්, ඔහුගේ බිරිද හා කාමිනී නම් ගුප්ත තරුණියගේ අවසානය කුමක් වේවිද? රුහිරේ යනු වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට අතුරින් ප්‍රේක්ෂකයා නැවතත් සිනෙමා ශාලා වලට ඇද ගැනීමට සමත් වේ යැයි විස්වාස කල හැකි චිත්‍රපට අතුරින් එකකි. මෙම චිත්‍රපයටයේ නිශ්පාදනය යූ. ඒ පල්ලියගුරු විසින් වන අතර ඔහු සිංහල සිනෙමාවේ නිර්මාණය වූ අති දැවැන්ත සිනෙමා නිර්මාණයක් වන Super Six චිත්‍රපටයේ අධ්‍යක්ෂ වන අතරම, ඔහුගේ සාම, පැණි මකුළුවො, සූස්ති, ආලේ කොරෝනා වැනි චිත්‍රපට නිශ්පාදන කිරීමේ කර්තව්‍යයේ පස්වන සිනෙමා දායකත්වයයි මේ.මෙම චිත්‍රපටයෙන්ද ඔහු සිනෙමාවට අලුත් අධ්‍යක්ෂකවරියක් හදුන්වා දෙන අතර ඇය නමින් නජිනි දික්ඕවිට යි. මෙහි පිටපත හා අධ්‍යක්ෂනය ඇය විසිනි. මෙහි ඇතුලත් ගීත බාතිය සංතුශ් සුසංයෝගයෙන් නිර්මාණය කර ඇති අතර ගායනයෙන් අශාන්ති ඩි අල්විස් හා සංතුශ් වීරමන් වැනි ජනප්‍රිය ගායක ගායිකාවන් යොදාගෙන නිර්මාණය කර ඇත. කැමරා අධ්‍යක්ෂනයෙන් කපිල සුගත් විජයරත්න දායක වී ඇත.

Cast

Crew

Other Crew