Saddha

Saddha

සද්ධා

Colour Yet to be released

Yet to be released

59.86% · 1,698 votes
Rate this film

Summary

NameSaddha / සද්ධා
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryAction

Description

සේනක විජේසිංහ අධ්‍යක්ෂණය කරන තවත් සිනමාපටයක මුහුරත් උලෙළක් පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණ. සද්ධා යනුවෙන් නම් කොට ඇති එය සටන් කලාව හා සබැඳි සිනමාපටයකි. රසික ශාලින්ද රත්නයක සහ සතාසිවම් සුදාගර් නිෂ්පාදනය කරනු ලබන සද්ධා, චාමර ප්‍රසන්න කොඩිතුවක්කුගේ තිර රචනයකි. චන්දික නානායක්කාර, නිමල් පල්ලේවත්ත, නිරෝෂන් ඉලේපෙරුම, කුමාර වඳුරැස්ස, තාර්යා කෙනඩි, ඩිෂ්නි රාජපක්ෂ, ආනන්ද සෝමසිරි, රවී චන්ද්‍රසිරි මෙහි චරිත මවති. ලාල් ඩයස් කැමරාව මෙහෙයවයි. නිලන්ත පෙරේරා සහාය අධ්‍යක්ෂවරයාය. ශාන් ඉන්දිකගේ අංග රචනයකි. නිශාන්ත කුමාර කලා අධ්‍යක්ෂවරයාය. චූලා මෙන්ඩිස් නිෂ්පාදන කළමනාකරුය. චාමිකර පෙරේරා සංගීත අධ්‍යක්ෂණය සිදු කරන අතර නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්නගෙනි.

Cast

Crew

Other Crew