ධනවත් ව්යාපාරිකයකු වන ක්ලෙමන්ට් සේනානායකට ෂේන් හා කාවින්ද යනුවෙන් පුතුන් දෙදෙනෙකි. මවගේ මරණයෙන් පසු ඔවුන් හැදි වැඩෙන්නේ එතෙරය. තරැණ වියට එළැඹුණු ඔවුන් දෙදෙනා යළි සිය රට එනවිට පියා ක්ලෙමන්ට් සේනානායක ඩැල්රීන් නැමැති ලාබාල ස්ත්රියක් විචාහ කොටගෙනය, ඇය සැමියාගේ මුල් විවාහයේ පුතුන් සිය කායික අවශ්යයතා උදෙසා පොළඹවා ගැනීමට පෙළඹෙයි. කාවින්ද ගේ පෙම්වතිය මිමි, ප්රයෝගයෙන් ශේන්ට විවාහ කරදීමට ඩැල්රින් කටයුතු කරයි. කාවින්ද කලකිරී නිවසින් පිටවෙයි. මේ අතර ක්ලෙමන්ට්ගේ සතුරු පිරිසක් ඔහුද, ඩැලිරින්, ෂේන් හා මිමී ද පැහැර ගෙන යති. ඔවුන්ට සහායට එන්නේ කාවින්දය. සතුරු වෙඩි පහරකින් ෂේන් මිය යයි. ඔහු මිය යන්නේ මිමි කාවින්දට භාර කරමිනි.