Ajantha Mahantharachchi

Ajantha Mahantharachchi

59.1% · 1,682 votes
Rate this artist

Summary

NameAjantha Mahantharachchi

Biography

අප සටන් පෙළපතේ වර්තමාන මොහන්දිරම් වන්නේ අජන්ත මහන්තාරච්චි ගුරුතුමන්ය. හෙල අංගම් කලාව පෝෂණය කරන මේ මහ සම්පත වූ අජන්ත ගුරැතුමා තරැණයෙකු වුවත් ඔහු හා දොඩමලු වන්නෙකුට හැඟී යන්නේ තමන් වයස අවුරැදු සියයක් වයසැති පැරණි සිංහලයෙකු හා කතාකරන්නාක් මෙනි. වයස අවුරුදු 6දී පමණ සිට මෙම ශාස්ත්‍රය තම සීයාගෙන් ඉගෙන ගත් එතුමා පූර්ණ වශයෙන්ම නිර්මාංශිකය. නැකැත් ශාස්ත්‍රය, හෙළ වෙදකම, දේහධර්ම විද්‍යාව වැනි අංගං ශාස්ත්‍රයට අදාල වන්නාවූ සියලු ශාස්ත්‍රයන්ගේ ප්‍රවීණයෙකු වන එතුමා තම පරපුර පණමෙන් රැකගෙන ආ ශිල්පය අනාගත පරපුරට රැකදීම සඳහා තම ජීවිත කාලයම කැප කරමින් සිටී. එය තමාගේ වගකීම මෙන්ම ඒ සඳහා දිවුරුම් දී ඇති එතුමා දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද දැනට නිවැරදි අංගං ශාස්ත්‍රය සාම්ප්‍රධායික පසුබිමක් තුළ ප්‍රසිද්ධියේ පවත්වාගෙන යන එකම පුද්ගලයා ද වෙයි.

එතුමන් සටන් ශාස්ත්‍රයට අත්පොත් තැබූ මුල් කාලයේ සිට එතුමන්ගේ ගුරු සීයා විසින් පුහුණ කළ දුෂ්කර සටන් අභ්‍යාස හා උපදෙස් සියල්ල අංගං ශිල්පය මතු පරපුරට රැකදීම සඳහා කළ ප්‍රභල මෙහෙවරක් ‍ලෙසට දකින එතුමාට කැලේට ගොස් බෙහෙත් වර්ග හා බෙහෙත් පැලෑටි වර්ග සොයාගෙන එන ලෙස උපදෙස් දුන්නේ අංගං කලාවට අයත් වෙදකම ප්‍රගුණ කරවීමටයි. එපමණක් නොව කඹුරු වැඩවලදී මී ගවයින් ඒ සඳහා යොදා නොගෙන පොල්කොට කරේ ති‍යාගෙන තමන් ඒ කාර්ය කළ බවත් වී ගෝනි කරතබාගෙන නියර දිගේ දිව් බවත් තම ශක්තිමත් භාවයත් ධාරණ හැකියාවත් එයින් ප්‍රගුණ කළ බවත් එතුමා මතක් කරන්නේ තම සීයා පිළිබඳ අසීමිත භක්තියකිනි.



මේ ආකාරයට මෙම ශාස්ත්‍රය පවත්වාගෙන යන මෙතුමාගේ අභිලාශය, අද හීන වී ඇති නමුත් ‍එදා පැරණි ලක්දිව මෙම ශාස්ත්‍රයට තිබූ උත්තරීතර තත්ත්වය මෙම ශාස්ත්‍රයට නැවත උදා කර දීමයි.

As a Crew

Fight Director

#Film NoYearFilm RoleDirector
1 11512012 Vijaya Kuweni විජය කුවේණි Fight Director Sugath Samarakoon