මෙරට කීර්තිමත් චිත්‍රපට තිර නාටක රචකයකු, කවියකු, ගුවන් විදුලි නාට්‍ය රචකයකු හා ගුරුවරයකු සහ ඔබ මේ කියවන අගනා පුවත්පතට ‘සරසවිය’ යැයි නම් තෑබූ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන්ගේ වියෝ වීම ද මෙම සතියේ 19 වැනිදාට යෙදී තිබේ.
1917 මැයි 17 වැනිදා හක්ගල්ලේ එල්ලක්කල දී උපත ලැබූ ඔහු කොළඹ යුගයේ සියනෑ කෝරළයේ ප්‍රකට කවියෙකි.
1937 සිට සිළුමිණ, සරසවිය, නවයුගය, මී වදය, සුවඳ දේදුන්න වැනි පුවත්පත් සඟරා ආදියට කවි ලියූ ඔහු 1961 දී ‘කුරුළු බැද්ද’ චිත්‍රපටයේ තිර නාටකය ලියමින් සිනමාවට අවතීර්ණ විය.
1963 දී ‘සිකරු තරුව’ චිත්‍රපටයේ ද තිර රචනය කළ සෙනෙවිරත්නයන් ‘පරසතු මල්’, ‘රන්සළු’ ආදී සිංහල සිනමාවේ සම්මානනීය චිත්‍රපටවල තිර රචකයා ද විය
Sarasaviya