Prashani Perera | Digital Identity of Sinhala Cinema
Prashani Perera

Prashani Perera

ප්‍රශානි පෙරේරා

57.47% · 1,196 votes
Rate this artist

Summary

NamePrashani Perera
Sinhala Nameප්‍රශානි පෙරේරා

Biography

ප්‍රශානි පෙරේරා කියන්නෙත් කෙටි කාලයක් තුළ නාලන් මෙන්ඩිස්, ලකී ඩයස්, මාලනී ෆොන්සේකා වගේ ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන් රැසකගේ යටතේ රංගනයට අවස්ථාවල ලබපු නිළියක්. එවකට ජනප්‍රිය මෙගා ටෙලි නාට්‍යයක් වුණා “වසූදා” ටෙලි නාට්‍යයේ වසුදා ගේ වැඩිමහල් දියණියගේ චරිතය රඟ පෑ මේධා ජයරත්න ඉවත්ව යාමත් සමග ප්‍රශානි පෙරේරාට එම චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණා. මේ හරහා ඇය සුවිශාල ජනප්‍රියත්වයකට පත් වුණා. නමුත් ඇයත් විවාහයෙන් පසුව රංගනයට සමු දෙන්න තීරණය කළා. ඉන් පසුව ඉතා මෑතකදී ඇය එක චිත්‍රපටයක රඟපෑවත් එම චිත්‍රපටය එතරම් ජනප්‍රියත්වයට පත් වුණේ නෑ.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 12892018 Yalu Malu Yalu 2 යාළු මාළු යාළු 2 Main Actress Lal Priyadeva