Ranjan Mendis

Ranjan Mendis

රන්ජන් මෙන්ඩිස්

59.24% · 1,787 votes
Rate this artist

Summary

NameRanjan Mendis
Sinhala Nameරන්ජන් මෙන්ඩිස්

Biography

ගූගලය පීරා සෙවූ නමුත්,මෙතුමන් ගැන වැඩි තොරතුරක් සොයාගත නොහැකි වූවා. මේ ඡායාරූපය පවා පිටපත් කරගත්තේ "අපේක්ෂා" චිත්‍රපටයේ රූප රාමුවකින්. "රන්ජන් මැන්ඩිස්" නම් මේ විශිෂ්ඨ රංගන ශිල්පියා ගැන ඔබ සතු යම් තොරතුරක් වෙතොත්,අප සැමගේ දැණගැණුම පිණිස ඒ තොරතුරු අපත් සමග බෙදාගන්නා මෙන් කාරුණිකව අයැද සිටිමි.

පාසැල් යන අවධියේ මීගමුව,කො‍ටුවපිට්ටනියේ අප පාපන්දු පුහුණුකරු වූයේ මනා කඩවසම් පෙණුමකින් යුත්,නිතර කලු කමිසයකින් හා ඩෙනිම් කළිසමකින් සැරසී සිටි උත්තුංග දේහධාරියෙකුවූ රන්ජන් මැන්ඩිස් නම් මෙතුමාමය. අඟුරුකාරමුල්ල පංසල් හන්දියේ තිබු මෙතුමාගේ නිවසේ උඩුමහළට, දෙපා අහසට විහිදුවා සිය බාහු යුග්මයෙන් තරප්පු පෙළ නැගයාමට තරම් තිබූ ජවය අප විශ්මයට පත්කළා පමණක් නොව ඔහු අපේ සැබෑ වීරයෙක්ම විය !

ප්‍රධාන චරිත නොවූවත් "පළඟැටියෝ" සහ "අපේක්ෂා"චිත්‍රපටවල ඔහු දැක්වූ අතිවිශිෂ්ඨ රංගන ප්‍රථිභාවය,ඔහු වෙත ජනප්‍රීයතාවයත්,තවත් බොහෝ චිත්‍රපටවල රඟපෑම සඳහා ඇරයුම්ද ‍රැගෙන ආවා. නමුත් අප සැවොමගේම අවාසනාවකට සිය භද්‍ර යෞවනයේදීම මේ හිත හොඳ සොඳුරු මිනිසා අපෙන් නික්ම යාමට හොර රහසේම සූදානම් වෙමින් හිටියා.

ඔහුගේ දේහයට අවසන් ගෞරවය පුදකිරීමට පැමිණසිටි සියල්ලොගේම තෙත්බරව තිබු, නෙත් අග, කඳුළු කැට මතුකරමින් මාලනී ෆොන්සේකා මහත්මිය නැගූ විලාපය,කිසි දිනක මගේ මතකයෙන් පහව නොයනු ඇත...............

තමන් පීඩා විඳිමින් සිටි ඇදුම රෝගයට ක‍ටු චිකිස්තා ප්‍රථිකාර ගැනීම සඳහා, කොච්චිකඩේ ,පල්ලන්සේනට පැමිණ සිටි අවස්ථාවක,පෙර මෙන්ම ප්‍රසන්නව සිනාසුණු මේ නිහතමානි මිනිසා අවසන් වරට මුණගැසුණෙමි............. වෙන කිසිත් පැවසීමට නොදණිමි.

Viraj Dissanayake

As a Cast

#Film NoYearFilm RoleDirector
1 3901978 Apeksha අපේක්ෂා Actor H.D. Premarathna
2 3951978 Anupama අනුපමා Actor Sunil Ariyaratne
3 3951978 Anupama අනුපමා Actor Sunil Ariyaratne
4 4011979 Amal Biso අමල් බිසෝ Actor Neil Rupasinghe
5 4031979 Palagatiyo පළගැටියෝ Actor Wasantha Obeysekara
6 4381980 Sasaraka Pathum සසරක පැතුම් Actor H.D. Premarathna