සිංහල චිත්‍රපට පසුබිම් ගායනයට දායක වූ අවසාන ඉන්දිය ගායිකාව වන එස්. ජානකී අද අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 88 වන වියේ පසුවූවාය. ඇය සිංහල චිත්‍රපටයකට දායක වූයේ 1959 වසරේ තිර ගත වූ සිහිනය චිත්‍රපටය සදහා මොහිදින් බෙග් සමඟ මල් පීදි සුවද වෘක්ෂයේ ගිතය ගායනා කරමින්ය. එම ගීතය ඉන්දියානු සංගිත අධ්‍යක්ෂ පාණ්ඩුරංගන් විසින් සංගීතවත් කළ අතර රචනා කරන ලද්දේ ඒ.ජේ. ද සොයිසා විසින්ය. මෙම ගීතය එවකට මදුරාසියේ පිහිටි නිව්ටෝන් චිත්‍රාගාරයේදී පටි ගත කළ අතර ඇයගේ ගායනයට රංගනයෙන් දායක වූයේ අයේෂා වීරකෝන් ය.
1938 වසරේ අප්‍රෙල් මස 11 වැනි දින තෙළිඟු පවුලක උපත ලදසිස්ටියා සීරමාමූර්ති ජානකී නමින් උපත ලද ඇය 1957 වසරේදී විදියින් විලයාට්ටු දෙමළ චිත්‍රපටයේ ගී ගැයුවාය. ඒතැන් පටන් ඇය තෙළිගු,මලයාලම්, හින්දි. සංස්කෘත, ඔඩිස්සා, ටුලු,උර්දු, පන්ජාබි, බෙංගාලි, කොන්කර්නි, වැනි ඉ්නදියානු භාෂාවන්ගෙන් මෙන්ම ඉංග්‍රසි, ජපාන.ජර්මානු භාෂාවලින් ද ගායනා කර ඇ්තතීය. ඇය ගේ සමස්ත ගී සංඛ්‍යාව 48000 ඉක්මවා යන බව වාර්තා වේ. හොදම ගායිකාව ලෙස ඇය 37 වරක් සම්මාන දිනා ඇති අතර. මයිසූර් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ලබා ගත්තාය. ඉන්දියාවේ ඉහළම සිවිල් පුරවැසි සම්මානය වන භාර්ත රත්න විනා වෙනත් සම්මානයක් ලබා ගැනීම ප්‍රතික්ෂප කළ ජානකී ඒ අතරින් පිරිනැමෙන තුන් වැනි සම්මානය වූ පද්ම භූෂණ සම්මානය ප්‍රතික්ෂප කළාය.
මේ වන විට සිංහල චිත්‍රපට පසුබි්ම ගායනයට දායක වූ ඉන්දියානු ගායිකාවන් අතර ඉතිරිව සිටිනුයේ ජමුනා රාණි සහ පී.සුසිලා පමණකි.
Aruna Gunarathna