SUMMARY
Sudath Dodangoda
සුදත් දොඩන්ගොඩ
56.551724137931
57% |   870  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Sudath Dodangoda සුදත් දොඩන්ගොඩ
Sudath Dodangoda

NATIONAL AWARDS

 
FILMOGRAPHY


AS CAST MEMBER

1Jolly Boys
Actor
2004
BIOGRAPHY

සුදත් දොඩන්ගොඩ මෙරට වේදිකාවට, සිනමාවට මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටද දායකත්වය ලබා දුන් කලාකරුවෙකි. දිනේෂ් ප්‍රියසාද්ගේ හිතට දුකක් නැති මිනිහා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු පාරාදීසේ, ඔබට පමණයි ආදරේ, ලව් ඉන් බැංකොක්, මවුබිමේ වීරයෝ, රෑ දනියෙල් දවල් මිගෙල්, බහු භාර්යා වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් එක් වී තිබේ.
 
ගාමිණි හත්තොටුවේගම යටතේ නාට්‍ය කලාව ප්‍රගුණ කිරීමට අවස්ථාව ලද ඔහු මුල්වරට වේදිකාවට පිවිසියේ විජිත ගුණරත්නගේ සාක්කි වේදිකා නාට්‍යයෙනි. වේදිකා නාට්‍ය නිර්මාණයට පිවිසෙමින් සුදත් වේයෝ නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළ අතර ලැගුම් නමින් වේදිකා නාට්‍යයක් පරිවර්තනය කර අධ්‍යක්ෂණය කළේ්ය.
 
සිනමා රංගනයේදී ඔහු සටන් නළුවෙකු වූයේය. සටන් කලාව ප්‍රගුණ කළ ඔහු කරාටේ කළු පටි සූරයෙකි. සබීතාට මං ආදරෙයි, සමුගන්නේ නැහැ, දෙන්නාම සූරයෝ චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂණය කරන ලද්දේද සුදත් විසිනි. ෆිල්ම් ලොකේෂන් ආයතනය යටතේ චන්ද්‍රන් රත්නම්ගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ විදෙස් සිනමා නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායකවීමට ඔහුට අවස්ථාව ලැබුණි. අ ඩේන්ජරස් ලයිෆ්, දි අයන් ට්‍රෑන්ගල්, ෂැඩෝ ඔෆ් ද කෝබ්‍රා වැනි විදෙස් චිත්‍රපටවලටද ඔහු රංගනයෙන් දායක වූයේය. රංගන ක්ෂේත්‍රයට දායක වුවද ඔහු ව්‍යාපාරිකයෙකු විය. නමුත් 2008 වසරේදී රැකියාවක් වෙනුවෙන් ඔහු විදෙස්ගත වූයේය. මේ වන විට ඩුබායිහි පදිංචිව සිටින ඔහු එමිරේට්ස් බැංකුවේ සේවය කරන්නේය. පසුගිය මැයි මාසයේදී ලද නිවාඩුවක් සමඟ සුදත් මෙරටට පැමිණියේය.
 
විදෙස් රටක සේවය කරන නිසා කලා කටයුතුවලින් දුරස් වෙලා ඉන්න වෙලා නේද?
රංගන කටයුතුවලින් දුරස් වුණාට කලාවෙන් දුරස් වෙන්න නම් අමාරුයි. ඒ නිසා මං ගීත ගායනයට යොමු වුණා. අපේ රටේ සංගීත වැඩසටහන් රැසකට මම සහභාගි වෙලා තියෙනවා. ඉභඤචබඩ ච්ධඤචදඨධඤච නමින් යුටියුබ් චැනල් එකකුත් පවත්වා ගෙන යනවා. මං සංගීතය ඉගෙන ගත්තේ කේමදාස මාස්ටර් ගෙන්. අවුරුදු දෙකක් විතර එතුමා යටතේ සංගීතය ප්‍රගුණ කළා. මුල් කාලයේදී වැඩියෙන්ම ගායනා කළේ විජය කුමාරතුංගගේ ගීත. මේ වන විට මම අලුත් ගීත දෙකක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ගීත දෙකට රූප රචනා කරන්න සූදානමින් ඉන්නේ.
 
ටෙලි නාට්‍ය රැසකටත් ඔබ රංගනයෙන් දායක වුණා නේද?
ඔව්. ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙන්න ලැබීම ගැනත් හිතේ තියෙන්නේ ලොකු සතුටක්. හොටෙල් ඩී කලබල, ගිම්හානේ නිමා විය, දඩයක්කාරයා, ගෞතමි වැනි ටෙලි නාට්‍ය කිහිපයක මගේ රංගනයන් ඇතුළත් වුණා.
 
මේ අතර සමාජ සේවයටත් කැප වෙලා කටයුතු කරන බව ප්‍රසිද්ධයි. . .
සමාජසේවා කටයුතුවලට මම දායක වෙන්නේ ලොකු උනන්දුවකින්. ඒක මගේ ලොකු ආසාවක්. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් වෝ සමඟ එක් වෙලා ස්ටීව් වෝ ෆෝ චිල්ඩ්රන් ෆවුන්ඩේෂන් නම් සමාජ සත්කාර පදනමෙන් මෙරට අසරණ දරුවන් රැසකට උපකාර කරන්න අවස්ථාව ලැබුණා. ස්ටීව් වෝ මේ කටයුත්තට දායක වුණේ පුදුමාකාර සතුටකින්.
 
නැවතත් කලා නිර්මාණයකට දායක වෙන්න අදහසක් නැතිද?
ජීවිතයේ අවසානය දක්වාම කලා කටයුතුවලට දායක වීම තමයි මගේ බලාපොරොත්තුව. මගේ හැකියාවන් තව තවත් වර්ධනය කර ගෙන අලුත් නිර්මාණ කරන්න හිතාගෙන ඉන්නවා. ටාසන් ද අපේ මෑන් සහ සෙල්ලං කුක්කා චිත්‍රපට සහය අධ්‍යක්ෂණයට දායක වුණේ මම. ඉදිරියේදී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානමක් තියෙනවා. ඒ වෙනුවෙන් තිරපිටපතකුත් ලියලා තියෙන්නේ. නමුත් වර්තමානයේ පවතින තත්ත්වය එතරම් හොඳ නැහැ නේ. මේ අපහසුතා මඟ හැරී ගිය ඉක්මනින් ඒ කටයුතු ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් කලාවට හිතැති හැමෝගෙන්ම සහයෝගය බලාපොරොත්තු වෙනවා.
 
ඒ වගේම මේ දක්වා මගේ හැම දේටම සහයෝගය දුන් මගේ අම්මා මිලී තිරිමාන්න, තාත්තා ඩී. ඒ චන්ද්‍රසේන, බිරිය චන්දිමා, ලොකු දුව සාරංගා, පොඩි දුව හංසනී, පුතා ශෙහාන් ආදරයන් සිහිපත් කරනවා. චන්ද්‍රම් රත්නම් සහ ලුවී වැන්ඩස්ට්‍රාටන් මහත්වරුන්ටද මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.
 
යතේජා ඥානරත්න
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS