INFO
Smile / ස්මයිල්
[ Colour ]
Not Yet Released
57.68115942029
58% |   69  Vote(s) | Vote Here
1 2 3 4 5
 
පැතුම් මහගම කුළුඳුල් සිනමා නිර්මාණය
 
SUMMARY

Smile / ස්මයිල්
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actor : Pathum Mahagama
Main Actress : Sandunika Pavithra
Director : Pathum Mahagama
Producer : City of Light Production

 
DESCRIPTION

ගතානුගතිකත්වයෙන් මිදුණ වර්තමාන තාරුණ්‍යයේ නිර්මාණකරුවන් සිනමාව පිළිබඳව දකින සමහර කෝණයන් ගැඹුරු චිත්තාවිෂය ඉක්මවා ගියද සිනමාරූපීබවෙහි අඩුවක් නොවීමට ඔවුන් දරනා වෑයම ප්‍රශස්ථය. “ඉථඪතඥ” සිනමා නිර්මාණයද එවැන්නෙකි. කාල රිද්මයානුකූල පුද්ගල පෞරුෂත්වයේ විවිධ වූ පැතිකඩයන් නිරීක්ෂණයට බඳුන් කර ඇති “ඉථඪතඥ” කුතුහලය කැටිකළ මනෝවිද්‍යාත්මක ශානරයට අයත් සිනමා කෘතියකි. විශේෂිත වූ චරිත හයක් කේන්ද්‍ර කර ගනිමින් දිගහැරෙන මෙම කෘතියට මූලික බීජය වී ඇත්තේ හීනෝන්මාදය සහ මානසික විපරිතභාවයට ලක් වූ රෝගී පුද්ගලයෙකි. ඔහු එම රෝගයනට ලක්වීමට ප්‍රථම ඔහුගේ ජීවන තත්ත්වය එම රෝගයට ගොදුරු වීමට හේතු වූ සාධකයන් මෙන්ම රෝගය වැලඳීමෙන් පසුව ඔහු වෙතින් සමාජය වෙත එල්ල වන බලපෑම සිනමානු රූපීව පෙන්වා දෙන අතර, එම රෝගය උත්සන්න වීමත් සමඟම ඝාතකයකු වන ඔහු, සමාජය තුළ කෙතරම් භීෂණයක් වපුරයිද යන්න “ඉථඪතඥ” තුළ අන්තර්ගතව ඇත. එක් එක් දිශානතියන් ඔස්සේ කුතුහලය හා භීතිය රඳවා තබා ගනිමින්, අවසානය කෙබඳු වේදැයි නොසිතන මානයකට ප්‍රේක්ෂකයා රැගෙන යාමට අධ්‍යක්ෂකවරයා ක්‍රියා කර ඇත.
 
අන්තර්ජාතික සම්මාන දහතුනකින් සහ ඇගැයීම් රැසකින් පිදුම් ලැබූ “ජ්චජඥ” කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින් 2022 වසරේ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ පැතුම් මහගමගේ අධ්‍යක්ෂණය කරනු ලබන ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය ලෙසින් “ඉථඪතඥ” සිනමා තිරයට එක්වීමට නියමිතව ඇත. රංගනය පිළිබඳව ධ්ථනචඵ ආයතනයෙන් දීර්ඝ හැදෑරීමක් ලද ඔහු, රංගන ශිල්පියෙකු සේම තිර පිටපත් රචකයෙකුද වෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයෙන් විශේෂ උපාධිය අවසන් කිරීමෙන් පසු, මේ වන විට නීතිවේදී ගෞරව උපාධිය හදාරමින් සිටී. ඔහු රංගනයෙන් දායක වූ ”ආයුතම්” දේශීය දමිළ සිනමා පටය ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති අතර, නවතම සිනමා නිර්මාණයක් සඳහා පෙර නිෂ්පාදන කටයුතුවල මෙම දිනවල නිරතව සිටී.
 
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
CAST

CREW

Cinematographer
Shen Kolmal
Art Director
Dasun Nirmana
Sound Management
Oshan Viraj
Make-up Artists
Sandunika Pavithra
Background Music
Oshan Viraj

OTHER CREW

Assistant Director
Madushan Anthony
Assistant Director
Sachin Sendil
Assistant Director
Harsha Bonnie
Production Manager
Viranga Goonaratne
Assistant Camera
Dilan Kroos
Assistant Makeup
Dilan Kroos
Assistant Art Director
Madushan Anthony
Lighting
Dilan Kroos
Lighting
Shen Koltan
Still Photographer
Shen Photography
Special Effects
Narada Dissanayake
Colour Mixing
Akila Shamendhra
Recordist - Dialog
Oshan Viraj
Assistant Producer
Malith Promod
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS