Smile

Smile

ස්මයිල්

Colour Yet to be released

Yet to be released

61.4% · 643 votes
Rate this film
Special Message

පැතුම් මහගම කුළුඳුල් සිනමා නිර්මාණය

Summary

NameSmile / ස්මයිල්
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Pathum Mahagama Main Actress: Sandunika Pavithra Director: Pathum Mahagama Producer: City of Light Production

Description

ගතානුගතිකත්වයෙන් මිදුණ වර්තමාන තාරුණ්‍යයේ නිර්මාණකරුවන් සිනමාව පිළිබඳව දකින සමහර කෝණයන් ගැඹුරු චිත්තාවිෂය ඉක්මවා ගියද සිනමාරූපීබවෙහි අඩුවක් නොවීමට ඔවුන් දරනා වෑයම ප්‍රශස්ථය. “ඉථඪතඥ” සිනමා නිර්මාණයද එවැන්නෙකි. කාල රිද්මයානුකූල පුද්ගල පෞරුෂත්වයේ විවිධ වූ පැතිකඩයන් නිරීක්ෂණයට බඳුන් කර ඇති “ඉථඪතඥ” කුතුහලය කැටිකළ මනෝවිද්‍යාත්මක ශානරයට අයත් සිනමා කෘතියකි. විශේෂිත වූ චරිත හයක් කේන්ද්‍ර කර ගනිමින් දිගහැරෙන මෙම කෘතියට මූලික බීජය වී ඇත්තේ හීනෝන්මාදය සහ මානසික විපරිතභාවයට ලක් වූ රෝගී පුද්ගලයෙකි. ඔහු එම රෝගයනට ලක්වීමට ප්‍රථම ඔහුගේ ජීවන තත්ත්වය එම රෝගයට ගොදුරු වීමට හේතු වූ සාධකයන් මෙන්ම රෝගය වැලඳීමෙන් පසුව ඔහු වෙතින් සමාජය වෙත එල්ල වන බලපෑම සිනමානු රූපීව පෙන්වා දෙන අතර, එම රෝගය උත්සන්න වීමත් සමඟම ඝාතකයකු වන ඔහු, සමාජය තුළ කෙතරම් භීෂණයක් වපුරයිද යන්න “ඉථඪතඥ” තුළ අන්තර්ගතව ඇත. එක් එක් දිශානතියන් ඔස්සේ කුතුහලය හා භීතිය රඳවා තබා ගනිමින්, අවසානය කෙබඳු වේදැයි නොසිතන මානයකට ප්‍රේක්ෂකයා රැගෙන යාමට අධ්‍යක්ෂකවරයා ක්‍රියා කර ඇත.

අන්තර්ජාතික සම්මාන දහතුනකින් සහ ඇගැයීම් රැසකින් පිදුම් ලැබූ “ජ්චජඥ” කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින් 2022 වසරේ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ පැතුම් මහගමගේ අධ්‍යක්ෂණය කරනු ලබන ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය ලෙසින් “ඉථඪතඥ” සිනමා තිරයට එක්වීමට නියමිතව ඇත. රංගනය පිළිබඳව ධ්ථනචඵ ආයතනයෙන් දීර්ඝ හැදෑරීමක් ලද ඔහු, රංගන ශිල්පියෙකු සේම තිර පිටපත් රචකයෙකුද වෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයෙන් විශේෂ උපාධිය අවසන් කිරීමෙන් පසු, මේ වන විට නීතිවේදී ගෞරව උපාධිය හදාරමින් සිටී. ඔහු රංගනයෙන් දායක වූ ”ආයුතම්” දේශීය දමිළ සිනමා පටය ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති අතර, නවතම සිනමා නිර්මාණයක් සඳහා පෙර නිෂ්පාදන කටයුතුවල මෙම දිනවල නිරතව සිටී.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew