Sona

Sona

සෝණා

Colour

Film No: 1434  ·  Released: 09 May 2025

65.57% · 934 votes
Rate this film
Special Message

ශාන් ජයරත්නගේ කුලුඳුල් සිනමා නිර්මාණය

Summary

NameSona / සෝණා
Film No1434
Released Date09 May 2025
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
StudioSarasavi Studios
Main Actress: Miyona De Silva Director: Shan Jayarathne Producer: Mahathiru Productions

Trailer

Description

සෝණා තම කුලුඳුල් සිනමා නිර්මාණය කර ගනිමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන ශාන් ජයරත්න, ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස “අක්ෂි” හා “මේන් කැරැක්ට” ටෙලි නිර්මාණ ද්විත්වය සමඟින් පුංචි තිරයේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණ ඇත. යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඔහු ශිෂ්‍යත්වය සමත්වීමත් සමග කෑගල්ල, කෑගලු මහා විද්‍යාලයට ඇතුළත්ව එහිදී නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හදාරමින් නාට්‍යකරණයෙහි යෙදී ඇති ශාන්, සමස්ත ලංකා පළමුවැනි ස්ථානය අවස්ථා කිහිපයකදීම කණ්ඩායමක් ලෙස ලබා ගැනීමට සමත්ව ඇත. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන ධනුෂ්ක රත්නායක යටතේ ඡායාරූපකරණය, වීඩියෝ සංස්කරණය සහ කැමරාකරණය හදාරා ඇති ඔහු, ධනුෂ්ක රත්නායකගේ නිර්මාණයන්හි නිෂ්පාදන කළමනාකරුවකු ලෙස එක් වෙමින් ක්ෂේත්‍රයට පිවිසීමෙන් අනතුරුව ඉහත ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට යොමු වී ඇත. “වීදුරු තිර” නම් වූ ඔහුගේ තෙවන ටෙලි නිර්මාණය ළඟදීම විකාශනය වීමට නියමිතව ඇති අතර සිව්වන ටෙලි නිර්මාණය රූගත කිරීම් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතව ඇත. ඉදිරියේදී ද ටෙලි නාට්‍ය හා සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක මනස සුවපත් කිරීමට ශාන් අපේක්ෂාවෙන් සිටි.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

දකුණු ඉන්දීය සිනමා ආභාසය සහිතව ස්වතන්ත්‍ර තිර රචනයක් ඔස්සේ ඉදිරියේදී තිරයේ දිගහැරීමට නියමිත “සෝණා” කතා තේමාවට අනුව එහිදී හමුවන, පිරිමින් වසඟයට ගන්නා සුලු සුරූපි රූ සපුවකින් යුත් ආලියා සූසෑන් දක්ෂ පොලිස් පරීක්ෂකවරියකි. දිනක් තම නිල රාජකාරියෙන් විරාමයක් ලැබ නිවසේ හුදෙකලාව සිටිනා මොහොතක සෝණා නමැති භයානක අපරාධකරුවා ඇයගේ නිවසට ඇතුළු වෙයි. එම සිදුවීමෙන් අනතුරුව ඇය තම සහායක නිලධාරීන් හා එක්ව සෝණාගේ පැටිකිරිය සෙවීමට පටන් ගනී. එහිදී ඇයට දැන ගැනීමට ලැබෙන්නේ, මේ වන විට සේවයෙන් පහකර සිටින ශ්‍රීකාන්ත විජේබණ්ඩාර යන පොලිස් පරීක්ෂකවරයා සතුව සෝණා පිළිබඳව තොරතුරු ඇති බවයි. ඒ අනුව සෝණා සොයා යන ඇගේ ගමන් මඟ වෙනතකට යොමු වන්නේ “මාෂා” නමැති තවත් පුද්ගලයෙකු පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට සිදුවන නිසාය. ප්‍රබල දේශපාලන රැකවරණය සහිත පාතාල නායකයකු වන ලියෝ ද, සෝණා සහ මාෂා පිටුපස ඇති බව ආලියා සැක පළ කරයි. මෙම අපරාධකරුවන් නීතිය රැහැනට හසුකර ගැනීම සඳහා ශ්‍රීකාන් ආලියාට උදව් කරාවිද, මාෂා හා සෝණාගේ අරමුණු හා ඔවුන් පසුපස සිටින්නේ කවුරුන්ද සහ සෝණා ආලියාගේ නිවසට ඇතුළු වූයේ ඇයිද යන ගැටලුවලට පිළිතුරු, ත්‍රාසය කුතුහලය සමඟින් අතිශය යාවත්කාලීන වූ රූපණ හා ශබ්ද රීතියන් සමඟින් ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක ආශ්වාදය සහ අත්දැකීම ලබාදෙන “සෝණා” තිරගත වූ දිනෙක ලැබෙනු ඇත. antonjocic@gmail.com ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew