Wahal Dupatha
Film Song

මඳ සීත නල රැල්ල දැඟලිල්ල &#350

Wahal Dupatha - 1968

Summary

Songමඳ සීත නල රැල්ල දැඟලිල්ල &#350
Film No183
Year1968

Song Artists

Lyrics

Music

Vocalists

Description

සරත් – මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා

කැළඹිල්ල දී දසත විසිරී ගියා

සැනසිල්ල ඉතිරී දුක කැල්ම නැති වී

පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා

දයා - ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා

සුරතල්ම බව පේන රහසක් කියා

සැනසිල්ල ඉතිරී – දුක කැල්ම නැති වී

පෙම් ලෝකයේ සුවඳ විසිරී ගියා

සරත් - සුදු සේල මිහිඳුම් අහසින් නැඟී

නිල් ලෝකයේ එළිය නොපෙනී රැඳී

මගෙ දෑස පාදන්න ඔබෙ දෑත මට දෙන්න

ඔබ මාගේ ජීවේ සදා

දයා - මගෙ දෑත ඔබ ගන්න – ඔබෙ දෑත මට දෙන්න

යුග ගීත පවසන්නකෝ

මධු මිහිර රස බොන්න - ලොව මිහිර නරඹන්න

ඔබ මාගෙ ජීවේ සදා