Swaroopa

Swaroopa

ස්වරූප

Colour

Film No: 1261  ·  Released: 29 Sep 2017

58.76% · 2,045 votes
Rate this film

Summary

NameSwaroopa / ස්වරූප
Film No1261
Released Date29 Sep 2017
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Thusitha Laknath Main Actress: Reeni De Silva Director: Dharmasena Pathiraja Producer: Mohan Mabotuwana

Trailer

Description

විශිෂ්ට සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය ස්වරූප පසුගිය සිකුරාදා සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹිණ. ෆ්‍රාන්ස් කෆ්කාගේ මෙට මොෆොසිස් කෙටි කතාව ඇසුරෙන් එරික් ඉලයප්ආරච්චි අනුවර්තනය කළ මෙහි ඩබ්ලිව්. ජයසිරි, නීටා ප්‍රනාන්දු, ලක්ෂ්මන් ිමෙන්ඩිස්, චමිලා පීරිස්, ප්‍රියා රණසිංහ, විමල් කුමාර ද කොස්තා, දයා තෙන්නකෝන්, තුසිත ලක්නාත්, රිනි ද සිල්වා, ඩී. බී. ගංගොඩතැන්න, සංගීතා පල්ලියගුරුගේ, ඩී. රම්‍යා, විමල් හලංගොඩ, මිල්ටන් පෙරේරා, සැනෙට් දික්කුඹුර චරිත මවති. සුගත් අමරජීව බණ්ඩාර සහාය අධ්‍යක්ෂණයකි. අනුර බණ්ඩාර සහාය සංස්කරණ ශිල්පියාය. නන්ද මුණසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වේ. රංජිත් මතඟවීරගේ අංග රචනයකි. කොණ්ඩා සැකසුම තුෂාර විදානගමගේ ගෙනි. ආචාර්ය ධර්මසේන පතිරාජ සමඟ එරික් ඉලයප්ආරච්චි ස්වරූප තිර රචනා කොට ඇත. කලා නිර්මාණ සැලැසුමකරණය ලාල් හරින්ද්‍රනාත්ගෙනි. අසංග නීලවතුර සහාය කලා අධ්‍යක්ෂවරයාය. නදීක ගුරුගේ ගේ සංගීත අධ්‍යක්ෂණයකි. එල්මෝ හැලිඩේ සංස්කරණයෙන් ද, ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ධර්මසේන පතිරාජ සහාය නිෂ්පාදනයෙන් ද, විමල් හලංගොඩ රේඛීය නිෂ්පාදනයෙන් ද මෙයට දායක විය. ස්වරූප මොහාන් මාබොටුවනගේ නිෂ්පාදනයකි.

- Sarasaviya

Cast

Crew

Other Crew