Thattu Deke Iskole

Thattu Deke Iskole

තට්ටු දෙකේ ඉස්කෝලේ

Colour

Film No: 1368  ·  Released: 17 Feb 2023

59.5% · 1,961 votes
Rate this film

Summary

NameThattu Deke Iskole / තට්ටු දෙකේ ඉස්කෝලේ
Film No1368
Released Date17 Feb 2023
ColorimeterColour
Movie GroupSinhala
CategoryKids

Trailer

Description

තට්ටු දෙකේ ඉස්කෝලේ නමින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් තවත් අධ්‍යක්ෂවරයකු සිනමාවට අවතීර්ණ වෙයි. ලලිත් රෝහිත එදිරිසිංහ එම අධ්‍යක්ෂවරයා වන අතර අද දින ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත්වෙන මුහුරත් උලෙළින් අනතුරුව තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමාපටයේ වැඩ කටයුතු ආරම්භ වේ.

ටෙලි නාට්‍ය තිර පිටපත් රචකයකු වශයෙන් නිර්මාණ දහයකට ආසන්න සංඛ්‍යාවකට දායක වූ ලලිත් විසින්ම තම කුලුඳුල් සිනමාපටයේ ද තිර නාටකය රචනා කොට තිබේ. වෛද්‍ය නිශාන්ත ප්‍රගීත් රුද්‍රිගූ තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමාපටයේ නිෂ්පාදකවරයාය.

ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, මංජුලා කුමාරි, තිස්ස බණ්ඩාරනායක, නෙතලි නානායක්කාර ඇතුළු නළු නිළියන් රැසක් මෙන්ම තිරයට හඳුන්වා දෙන ළමා නළු නිළියන් පස් දෙනෙකු තට්ටු දෙකේ ඉස්කෝලේ රංගනයෙන් හැඩ කරති.

කේ. ඩී. දයානන්ද කැමරා අධ්‍යක්ෂවරයාය. මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් ද, නලීන් ප්‍රේමතිලක අංග රචනයෙන් ද මේ සඳහා දායක වෙති. මේ යුගයේ කාර්යබහුලම සිනමා සහාය අධ්‍යක්ෂවරයා වන ඩොනල්ඩ් ජයන්ත තට්ටු දෙකේ ඉස්කෝලේ සහාය අධ්‍යක්ෂවරයාය.

තව නොබෝ දිනකින් නිකවැරටිය ඇතුළු ප්‍රදේශ ගණනාවකදී තට්ටු දෙකේ ඉස්කෝලේ රූපගත කිරීම් කෙරෙනු ඇත.

Cast

Crew

Other Crew