තට්ටු දෙකේ ඉස්කෝලේ

තට්ටු දෙකේ ඉස්කෝලේ

Colour

Film No: 1368  ·  Released: 17 Feb 2023

59.5% · 1,961 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමතට්ටු දෙකේ ඉස්කෝලේ
චිත්‍රපට අංකය1368
තිරගත වූ දිනය17 Feb 2023
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයළමා
ප්‍රධාන නළුවා: ජයලත් මනෝරත්න ප්‍රධාන නිළිය: දමිතා අබේරත්න අධ්‍යක්ෂණය: Lalith Rohitha Edirisinghe නිෂ්පාදනය: Nishantha Prageeth Rodrigo

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

තට්ටු දෙකේ ඉස්කෝලේ නමින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් තවත් අධ්‍යක්ෂවරයකු සිනමාවට අවතීර්ණ වෙයි. ලලිත් රෝහිත එදිරිසිංහ එම අධ්‍යක්ෂවරයා වන අතර අද දින ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත්වෙන මුහුරත් උලෙළින් අනතුරුව තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමාපටයේ වැඩ කටයුතු ආරම්භ වේ.

ටෙලි නාට්‍ය තිර පිටපත් රචකයකු වශයෙන් නිර්මාණ දහයකට ආසන්න සංඛ්‍යාවකට දායක වූ ලලිත් විසින්ම තම කුලුඳුල් සිනමාපටයේ ද තිර නාටකය රචනා කොට තිබේ. වෛද්‍ය නිශාන්ත ප්‍රගීත් රුද්‍රිගූ තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමාපටයේ නිෂ්පාදකවරයාය.

ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, මංජුලා කුමාරි, තිස්ස බණ්ඩාරනායක, නෙතලි නානායක්කාර ඇතුළු නළු නිළියන් රැසක් මෙන්ම තිරයට හඳුන්වා දෙන ළමා නළු නිළියන් පස් දෙනෙකු තට්ටු දෙකේ ඉස්කෝලේ රංගනයෙන් හැඩ කරති.

කේ. ඩී. දයානන්ද කැමරා අධ්‍යක්ෂවරයාය. මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් ද, නලීන් ප්‍රේමතිලක අංග රචනයෙන් ද මේ සඳහා දායක වෙති. මේ යුගයේ කාර්යබහුලම සිනමා සහාය අධ්‍යක්ෂවරයා වන ඩොනල්ඩ් ජයන්ත තට්ටු දෙකේ ඉස්කෝලේ සහාය අධ්‍යක්ෂවරයාය.

තව නොබෝ දිනකින් නිකවැරටිය ඇතුළු ප්‍රදේශ ගණනාවකදී තට්ටු දෙකේ ඉස්කෝලේ රූපගත කිරීම් කෙරෙනු ඇත.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play