INFO
Thattu Deke Iskole / තට්ටු දෙකේ ඉස්කෝලේ
[ Colour ]
Not Yet Released
59.82869379015
60% |   1401  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Thattu Deke Iskole / තට්ටු දෙකේ ඉස්කෝලේ
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actor : Jayalath Manorathne
Main Actress : Damitha Abeyratne
Director : Lalith Rohitha Edirisinghe
Producer : Nishantha Prageeth Rodrigo

TRAILER


 
DESCRIPTION

තට්ටු දෙකේ ඉස්කෝලේ නමින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් තවත් අධ්‍යක්ෂවරයකු සිනමාවට අවතීර්ණ වෙයි. ලලිත් රෝහිත එදිරිසිංහ එම අධ්‍යක්ෂවරයා වන අතර අද දින ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත්වෙන මුහුරත් උලෙළින් අනතුරුව තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමාපටයේ වැඩ කටයුතු ආරම්භ වේ.
 
ටෙලි නාට්‍ය තිර පිටපත් රචකයකු වශයෙන් නිර්මාණ දහයකට ආසන්න සංඛ්‍යාවකට දායක වූ ලලිත් විසින්ම තම කුලුඳුල් සිනමාපටයේ ද තිර නාටකය රචනා කොට තිබේ. වෛද්‍ය නිශාන්ත ප්‍රගීත් රුද්‍රිගූ තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමාපටයේ නිෂ්පාදකවරයාය.
 
ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, මංජුලා කුමාරි, තිස්ස බණ්ඩාරනායක, නෙතලි නානායක්කාර ඇතුළු නළු නිළියන් රැසක් මෙන්ම තිරයට හඳුන්වා දෙන ළමා නළු නිළියන් පස් දෙනෙකු තට්ටු දෙකේ ඉස්කෝලේ රංගනයෙන් හැඩ කරති.
 
කේ. ඩී. දයානන්ද කැමරා අධ්‍යක්ෂවරයාය. මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් ද, නලීන් ප්‍රේමතිලක අංග රචනයෙන් ද මේ සඳහා දායක වෙති. මේ යුගයේ කාර්යබහුලම සිනමා සහාය අධ්‍යක්ෂවරයා වන ඩොනල්ඩ් ජයන්ත තට්ටු දෙකේ ඉස්කෝලේ සහාය අධ්‍යක්ෂවරයාය.
 
තව නොබෝ දිනකින් නිකවැරටිය ඇතුළු ප්‍රදේශ ගණනාවකදී තට්ටු දෙකේ ඉස්කෝලේ රූපගත කිරීම් කෙරෙනු ඇත.
 
CAST


OTHER CREW

Assistant Director
Donald Jayantha
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS