The News Paper

The News Paper

ද නිවුස් පේපර්

Colour

Film No: 1326  ·  Released: 03 Jul 2020

58.78% · 2,044 votes
Rate this film

Summary

NameThe News Paper / ද නිවුස් පේපර්
Film No1326
Released Date03 Jul 2020
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama

Trailer

Description

ගුණාගෙන් ගමේ කාටත් කරදරයක් නැත. මහා ලොකුවට මුදල් හදල් නැතත් ඔහු සහ ඔහුගේ පවුලේ උදවිය රටට බරක් නොවී දැහැමින් සෙමින් ජීවත් විය. ඔවුනගේ ජීවිත කනපිට පෙරළෙන්නේ පුවත්පතක පළවන වැරැදි පුවතක් නිසාය. ගුණා අන්දමන්ද වෙයි. මේ වූයේ හීනෙකින්වත් නොසිතූ දෙයකි. ගුණා ඇතුළු පවුලේ උදවිය ත්‍රස්තවාදීන් ලෙසට පුවත්පත කියැවූ ගමේ උදවිය හංවඩු ගසනු ලබයි. ඒ ක්ෂණයෙන් ගමේ උන් නීතිය අතට ගෙන ගුණා ඇතුළු පවුලේ උදවිය ගමෙන් එළවා දමන්නේය. හොඳටම පහර කෑ ගුණගේ අතපය ද ගම්වාසීන්ගේ ප්‍රහාරයේදී කැඩී බිඳී යයි. අවසන ඔවුන් කැලෑබඳ ජනශූණ්‍ය ප්‍රදේශයක පදිංචි වන්නේ දැඩි කම්පනයෙන් යුතුවය. මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී යන්න සනාථ කරනා මිතුරකු ගුණාට වෙයි. ඔහු ලුවිස්ය. ලුවිස් ගුණාව කොයි මොහොතකවත් තනි කළේ නැත. දෙදෙනාගේ අදහස කොළඹට පැමිණ වැරැදි පුවත නිවැරිදි කර ගැනීමය. සැතපුම් ගණනාවක් දුරින් පිහිටි කොළොම්තොටට ඔවුන් පැමිණීම ද සිහිනයක් බඳුය. එහෙත් නිවැරිදි කළ යුතු දෙයක් ඇත්තේය. එහෙයින් ගුණා සහ ලුවිස් ජීවිතයේ අති දුෂ්කර වූ ගමනකට මුලපුරන්නේ දහසකුත් බාධක මධ්‍යහිය. මේ පුවත නිවැරිදි කොට ගමට පැමිණීම ඔවුන්ගේ එකම අපේක්ෂාව වන්නේය.

ද නිවුස් පේපර් මෙම සිනමාපටයේ නමය. සම්මානනීය නළුවන් දෙපොළක් වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ද නිවුස් පේපර් අධ්‍යක්ෂණය කොට තිබේ. සරසවිය සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහි නිෂ්පාදකවරයාය. එච්. ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ සම නිෂ්පාදනයෙන් දායක වන්නේය.

ද නිවුස් පේපර් හැඩ කරන නළු නිළි පිරිවර

සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු. ජයලාල් රෝහණ, ධර්මප්‍රිය ඩයස්, පුබුදු චතුරංග, ගිරිරාජ් කෞශල්‍ය, නෙතලි නානායක්කාර, දයාදේව එදිරිසිංහ, සරත් චන්ද්‍රසිරි, උමයංගනා වික්‍රමසිංහ, මාෂි සිරිවර්ධන, මිහිර සිරිතිලක, දිමුතු චින්තක, වසන්ත මොරගොඩ, වසන්ත කුමාරවිල, චින්තක වාස්, ආනන්ද කුමාර උන්නැහේ, රුවන් මදනායක, නිල්මිණි කෝට්ටේගොඩ, හේමන්ත ඊරියගම, සරත් කරුණාරත්න, සංජීව දිසානායක, සරත් කුලාංග, රුක්මල් නිරෝෂ්, ප්‍රියන්ත සිරිකුමාර, චින්තක පීරිස්, ශ්‍යාම් ප්‍රනාන්දු, අජිත් ලොකුගේ. ආනන්ද අතුකෝරල, ජයන්ත අමරසිංහ, වජිර කොඩිතුවක්කු, ජනක රණසිංහ, නිමල් පල්ලෙවත්ත, මහාචාර්ය පැට්‍රික් රත්නායක

කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ

නිෂ්පාදන විධායක - රවීන්ද්‍ර ගුරුගේ

සහාය අධ්‍යක්ෂණ්‍ය - රන්ජන් ප්‍රසන්න

කලා අධ්‍යක්ෂණය - අජන්ත අලහකෝන්

ඇඳුම් නිර්මාණය - ගීතානි සෙනෙවිරත්න

අංග රචනය - පේ‍්‍රමලාල් ලියනගේ

නිෂ්පාදන කළමනාකරණය - සුජීව කරුණාරත්න

සංගීත අධ්‍යක්ෂණය - ගයත්‍රි කේමදාස

සංස්කරණය - රුක්මල් නිරෝෂ්

වර්ණ සංයෝජනය - දිනිදු ජාගොඩ

සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල

නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත

සටහන - ප්‍රසාද් සමරතුංග

Cast

Crew

Other Crew