Thotagamuwe Sri Rahula

Thotagamuwe Sri Rahula

තොටගමුවේ ශ්‍රී රාහුල

Colour Yet to be released

Yet to be released

60.71% · 1,237 votes
Rate this film

Summary

NameThotagamuwe Sri Rahula / තොටගමුවේ ශ්‍රී රාහුල
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryHistory
Director: Sujeewa Gunaratne

Description

ෂඩ් භාෂා පරමේෂ්වර ලෙස විරුදාවලිය ලත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ජීවිත කතාව ඇතුළත් දැවැන්ත ඓතිහාසික සිනමාපටයක් නිර්මාණය වන වග සරසවියට වාර්තා විය. එය අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වනුයේ සුජීව ගුණරත්නයි. කලා අධ්‍යක්ෂවරයකු ලෙස නම් දිනූ ඔහු කාල සිනමාපටය නිර්මාණය කරමින් සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත් විය. තොටගමුවේ ශ්‍රී රාහුල සුජීවගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි. මෙම සිනමාපටයේ නළු නිළි වරණය මේ දිනවලදී සිදු වෙයි. කතාව අධ්‍යක්ෂ සුජීව ගුණරත්නගෙනි. රොෂාන් අහංගම තිර රචනය සකසයි.

කාලිංග දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂවරයාය. අමිත් ලියනගේ සංගීත අධක්ෂණයෙන් එකතු වේ. ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂවරයාය. පි‍්‍රයන්ත දිසානායක අංග රචනයෙන් එක් වෙයි. විශේෂ දෘශ්‍ය ප්‍රයෝග චමත් පරණවිතානයි. නිෂ්පාදන සම්බන්ධිකරණය ධම්මික ගජවීර විසින් සිදු කරනු ලබයි. තොටගමුවේ ශ්‍රී රාහුල සිනමාපටය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම නිර්මාණය වේ. 1408 වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙමටන ගම්මානයේ උපත ලද තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් 1491 දී අපවත් වී වදාළහ. උන් වහන්සේ පිළිබඳ අතිශය ජනප්‍රිය ජනප්‍රවාදයන් රැසක් ද පවතියි.

Cast

Crew

Other Crew