Thundenek

Thundenek

Colour Yet to be released

Yet to be released

60.54% · 1,548 votes
Rate this film

Summary

NameThundenek
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Asoka Handagama Director: Asoka Handagama Director: Vimukthi Jayasundara Director: Prasanna Vithanage

Description

එකම තේමාවක් උපයෝගී කර ගනිමින් අධ්‍යක්ෂවරු තිදෙනෙක් තැනු චිත්‍රපටයක් ළඟදී තිරගතවීමට නියමිතය. තුන්දෙනෙක් ලෙසට නම් කොට ඇති එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ මෙරට විශිෂ්ට සිනමාවේදීන් තිදෙනකු වන ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දරගේ එකතුවෙනි. මෙහි ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කතාවේ අශෝක හඳගම එනමින්ම රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. ඔහු සමඟ එහි යාපන චිත්‍රපට අධ්‍යක්ෂ කේසවරාජන් නිමලරාසන් රංගනයේ යෙදෙයි.

එම චිත්‍රපට කතා ත්‍රිත්වයේ රංගනයේ යෙදෙන්නන් බහුතරයක් නවක නළු නිළියන්ය. මෙම චිත්‍රපටය නරඹන්නට යන ප්‍රේක්ෂකයාට එක ටිකට් පතක් ගෙන එම අධ්‍යක්ෂවරු තිදෙනාගේ එම චිත්‍රපට ත්‍රිත්වය නැරැඹීමට අවස්ථාව උදාවනු ඇත.

ලාංකික සිනමාවේ මුල්වරට කතා තුනක් ඇතුළත් චිත්‍රපට මාලාවක් තෙවත නමින් නිර්මාණය කරන ලද්දේ ටයිටස් තොටවත්තයන්ය. එය එක අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයන් වූ අතර මෙවර මෙම චිත්‍රපට ත්‍රිත්වය තිදෙනකුගේ අධ්‍යක්ෂණයකින් යුක්ත වීම විශේෂ ලකුණකි.

sarasaviya

Cast

Crew