Tution Sir

Tution Sir

ටියුෂන් සර්

Colour Yet to be released

Yet to be released

59.75% · 733 votes
Rate this film

Summary

NameTution Sir / ටියුෂන් සර්
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanyRN Creations
Main Actor: Ruwan Perera Main Actress: Gayathri Dissanayake Director: Eranga Senarathna Producer: Ravi Nanayakkara

Description

ප්‍රවීණ ටියුෂන් ගුරුවරයකු වන බුද්ධික සර් දරු දැරියන් අතර මහත් ජනප්‍රිය වීමට හේතුව වූයේ, ඔහුගේ ඉගැන්වීම් විලාසයයි. ඒ නිසාම ළමයින් ඔහුට දැක්වූයේ පුදුම ළෙන්ගතුකමක් හා ආදරයක්. ඉගැන්වීමට පමණක් නොව ගීත රචනයටත් දක්ෂයකු වූ ඔහු, ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් රචිත පදමාලාවකට ගැයූ ගීතයක් සමාජ මාධ්‍ය ජාලාවන්ට එක් කිරීමෙන් අනතුරුව එය යෞවනයන් අතර වඩාත් කතාබහට ලක්වූ ගීතයක් විය. බොහෝ දරුවන් ඒ ගීතය පිළිබඳ තම ගුරුවරයාගෙන් විමසා සිටින්නට වුණා. ඒ අතර වූ එක් ගැහැනු ළමයෙක් ඇයට වදයක් වූ පෞද්ගලික ගැටලුවකට ගුරුතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුණා. ඇයගේ ප්‍රශ්නය වූයේ, ඇයගේ පෙම්වතා ඇයට නිතර ලැඟුම්හලක් වෙත යෑමට එන ලෙස කරදර කිරීමයි. ගුරුතුමා ඇයගේ ගැටලුවට සහනයක් ලබා දුන්නා. ඒ හේතුවෙන් ගැහැනු ළමයගේ පෙම්වතා ගුරුතුමා සමගින් ගැටෙන තත්ත්වයක පසුබිමක් නිර්මාණය වුණා. මෙලෙසින් බුද්ධික සර්ගේ පන්තිවලට පැමිණෙන දරු දැරියන්ගේ මානසික හා ඔවුන්ගේ ජීවිතවල ගොඩනැඟී ඇති විවිධ ස්වරූපයන් හඳුනා ගැනීමට බුද්ධික සර්ට තිබුණේ පුදුම හැකියාවක්. ඒවා විටෙක ගැටුම්කාරී, වේදනාකාරී වගේම හාස්‍යජනක සිදුවීම් වලින් පිරී ගියා. ඔවුන්ගේ කතාවයි ටියුෂන් සර්.

ගිවන්ත අර්ථසාද්ගේ “ඉන්දු සාගරේ මුතු ඇටය” (තිරගත නොවූ) චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා ලෙසින් සිනමා ක්ෂේත්‍රයට එක්වන එරංග සේනාරත්න “යුවතිපති” සහ “ප්‍රතිඥා” චිත්‍රපට ද්විත්වයෙහි සහය අධ්‍යක්ෂවරයාද විය. 1994 වසරේදී “පළමු පත්වීම” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයා අතරට පිවිස “ඉර හඳ යට”, “හෝඩුවාව”, “තොණ්ඩුව”, “කේතුමතී රජදහන”, “පූජා”, “ආදරවන්තයෝ ”,“සක්වා ළිහිණි”, “දෙබත් නයි”,“රෑනගල වත්ත” ,“හිරු සොයා”,“අහසින් වැටුණු ගැහැනියක්”, “කුරුලු පිහාටු”, “සුදුසේල”, “නිල් නෙතු” වැනි ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. තිර පිටපත් රචකයකු සේම නිෂ්පාදකවරයෙකුද වන ඔහු විවිධ ශානරයන්ට අයත් චිත්‍රපට රැසක් නිර්මාණය කර ඇති අතර, “් සුර යහන ගිනි ගනී” (1999) ,“ගිනිගත් මදුසමය” (2000),, “රෝස පැටික්කි” (2002), “සිනාසුනා ආදරෙන්” (2009), “ස්වීට් ඒන්ජල්” (2011), “නෝනේ මගේ සුදු නෝනේ” (2015), “මොනාලිසා” (2022) යන චිත්‍රපට සිනමා තිරයට එක් කර ඇත. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද “නෝනා හරි වසයි”, “නිලූ මං ආදරෙයි”, “ආදරෙයි ජානු”, “පිරිමි ආදරයක්”, “ටාජ් මහල්”, සහ “ඔස්කා” යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew