Udumbara

Udumbara

උදුම්බරා

Colour

Film No: 1288  ·  Released: 25 Oct 2018

59.29% · 2,250 votes
Rate this film

Summary

NameUdumbara / උදුම්බරා
Film No1288
Released Date25 Oct 2018
ColorimeterColour
Movie GroupSinhala
CategorySports
Main Actor: Jackson Anthony Main Actress: Nadeeshani Anderson Producer: Maharaja Entertainment Director: Chamath Raj

Trailer

Description

ධර්ම යුද්ධය සිනමා නිර්මාණයේ සහාය අධ්‍යක්ෂ චමත් රාජ් විසින් අධ්‍යක්ෂණය කළ උදුම්බරා සිනමාපටය අද සිට (25) සිනමාශාලා රැසක ප්‍රදර්ශනය ආරම්භ වේ.

ධාවන සුරියක් වීමේ අපේක්ෂාවෙන් සිටින උදුම්බරා නැමැති දැරියක වටා ගෙතී ඇති කතා පුවතකින් සමන්විත මෙහි ජැක්සන් ඇන්තනී, ජනක කුඹුකගේ, ජයනි සේනානායක, සරත් කොතලාවල, හර්ෂි රසාංග, නදීශානි ඇන්ඩර්සන්, රයන් වැන්රෝයන්, කෞශල්‍ය නිර්මාණ ඇතුළු පිරිස රඟපාති.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර උදුම්බරා සමඟ රංගනයට පිවිසේ. එය එස්. භාරත්වාජ්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. බාබු ඒ ශ්‍රීවාත්සව සංස්කරණ ශිල්පියාය. ධීනා සංගීතයෙන් දායක විය.

සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂවරයාය. සම්පත් වන්නිආරච්චිගේ කලා අධ්‍යක්ෂණයකි. ශර්මිලා ෆොන්සේකා ඇඳුම් නිර්මාණය කොට ඇත. ඉන්දික උදාරලංකාගේ අංගරචනයකි. සුරේන් චන්ද්‍ර නිෂ්පාදන කළමනාකරුය.

2017 වසරේ ජනප්‍රිය චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය දිනූ ධර්ම යුද්ධය හා 2016 වසරේ හොඳම චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය මෝටර් බයිසිකල් මෙන්ම ඒ ලෙවල්, තී, ගෝල් චිත්‍රපට ගෙන ආ සීමාසහිත මහරාජා සමාගම උදුම්බරා නිෂ්පාදනය කොට තිබේ.

Cast

Crew

Other Crew