තොරතුරුඡායාරූප
Vishama Bhaga / විෂම භාග
[ Colour ]
චිත්‍රපට අංකය : 1312
නිකුත් වූ දිනය : 2019-12-16
59.928783382789
60% |   1685  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Vishama Bhaga / විෂම භාග
චිත්‍රපට අංකය : 1312
නිකුත් වූ දිනය : 2019-12-16
වර්ණමානය : Colour
වර්ගය :
Main Actor : Jackson Anthony
Main Actress : Kaushalya Fernando
Director : Lalith Rathnayake
Producer : Ven Aludeniye Subodhi Thero

පූර්ව ප්‍රචාරක පටය


 
සම්පූර්ණ චිත්‍රපටය

 
විස්තරය

ලංකාවේ  සිනමා කලාවේ ප්‍රතිභාව සනිටුහන් කරමින් අපූර්ව ප්‍රතිභාව උදෙසා මේ වනවිට ජාත්‍යන්තර සිනමා සම්මාන රාශියකින් පුද ලැබූ  විෂම භාග නැමැති නවමු කලාත්මක චිත්‍රපටය ශී්‍ර ලංකාවේ සිනමාහල්වල තිරගත කෙරෙන මංගල අවස්ථාව උÞපත්ව ඇත. 

 —විෂම භාග˜ ශ්‍රී ලංකාවේ පිටිසරබද සබරගමුව පළාතේ ගොවි පවුලක් වටා ගෙතුනු කතා පුවතකි. කතා වියමනට පාදක වූ රුවන්සිරි නැමති කතා නායකයා වටා ගොඩනැගෙන මෙකී පවුල, කලෙක අභිමානවත් වෘත්තියක් වූ ගොවිකම ධනවාදයේ ගොදුරට හසුවෙමින් වසර ගණනාවක් මුළුල්ලේ ස්වයංපෝෂිතභාවය ආර්ථීක වශයෙන් ක්‍රමයෙන් පිරිහී ගිය කඩතොළු වූ වර්තමානික ගොවි පවුලක් නියෝජනය කරවයි. සැබවින්ම මෙය පුංචි හිතක ඇතිවන පීඩනයක් සහ දෙදරා යන සො`දුරු සිතුවිලි සංකේතවත් කරනා චිත්‍රපටයක් ලෙසින් ද කිව හැකිය. තවත් ආකාරයකින් කිවහොත් වැඩිහිටියෙකුගේ එක වචනයකින් ළමා මනසට කෙතරම් බලපෑමක් කළ හැකිද යන්නත් මේ තුළින් විද්‍යාමාන වේ. විෂයානුබද්ධ අධ්‍යාපන ක්‍රමයේ ගුරුවරයෙකු විසින් ලබාදෙන නියෝගයක් හේතුවෙන් මානසිකව පසුබසිනා ළමා මනසක් කැඩපත් කරවන කණගාටුÞයී අත්දැකීමක් ගැන විග්‍රහයක් ද චිත්‍රපටය තුළ ගලා යන්නේය. කිසිම ආකාරයකින් විස`Þ ගැනීමට නොහැකි ගැටලූවක් පුංචි සිතක දරා ගනිමින් තම දෛනික ජීවිතයට මුහුණදෙන ආකාරය චිත්‍රපටයේ බාහිරෙන් පෙන්නුම් කෙරෙන මුත්, යටි පෙළින් සංකේතවත් කරන්නේ පවතින අධ්‍යාපන ක්‍රමයේ සකස්විය යුතු තැන් පිළිබ`ද ප්‍රබල යථාර්ථයයි. පාඨශාලාවක කෘති්‍රම ආකෘතියකට යටත් නොවන, වෙනත් ආකල්ප දරණ, හුදු අනිවාර්යයි සම්මත තරගකාරී විෂයන් කෙරෙහි රුචිකත්වයක් නොදරන උපතින් රැගෙන එන දකෂ් තා සහිත කලාත්මක විෂයන්ට ඇළුම් කරන සිසුවෙකුට අත්වන ඛේදජනක ඉරණම කතා සන්දර්භයෙන්ම ස්ඵුට කරවයි. ස්වභාවිකත්වයට අනුගත වූ නිර්මාණශීලී සංවේදී හදවත් පසුබස්සවන රාමුගත අධ්‍යාපන ක්‍රමයේ පවතින රික්තකය පිළිබ`ද ජන මනස් අවදි කරවීම විෂම භාග තුළින් පෙන්නුම් කරවයි. ජන සිත් තුළ සංජානය තිව්‍ර කරවමින් සමාජයට ×නාලෝකයක් ඇතිකර වීමට කලාත්මක සිනමාව යොÞ ගැනීමට නිදර්ශණයක් ලෙස —විෂම භාග˜ සිනමා නිර්මාණය පෙන්වා දීමට හැකිය.  

ඒ නිසාවෙන් ජාත්‍යන්තර සිනමා සම්මාන රාශියකින් පිදුම් ලැබීමට මේ නිර්මාණය සමත් වූවේ ශී්‍ර ලංකාවම ලොවක් අභිමුව අභිමානයට ලක ්කරමිනි. ජීවන ආනුභුතියක් ප්‍රතිභාපූර්ණ ලෙසින් සිනමාවට නැංවීමට ලලිත් රත්නායක නැමැති අධ්‍යක්ෂකයන් සමත්විය. ඔහුගේ කුළු`දුල් සිනමා නිර්මාණය ලෙසින් තිළිණ වූ මේ ශ්‍රේෂ්ඨ නිර්මාණයේ නිෂ්පාදන Þයකත්වය දරනු ලබන්නේ  ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසිනි. නොගැඹුරු බොළ`ද කතා පුවත ් තුළින් අද්‍යතන සිනමාව කිලිටි වූ යුගයක —විෂම භාග˜ සිනමා නිර්මාණය ලාංකේය සිනමා ගගන තලයේ පෑයූ ඕෂධී තාරකාවක් බ`දුය. එසේම එය සිනමා ගමන් මාර්ගයට නවමු මාවතක් විවර කරවනු ලබයි. චීනය, පිලිපීනය, භූතානය, ඇමරිකා එක්සත් ජනපදය, තායිලන්තය, ඕස්ටේ්‍රලියාව වැනි රටවල් ගණනාවක පැවති පිළිගත් ජාත්‍යන්තර සිනමා තරගවල දී බොහෝ සිනමා නිර්මාණයන් අභිබවමින් ඉදිරියට පැමිණ බොහෝ අංශයන්ගෙන් සිනමා සම්මාන දිනාගැනුමට හැකි වූවේ ලාංකේය සිනමාවට නව වාර්තාවක් ද සනිටුහන් කරවමිනි. හෘද සංවේදී කතා පුවතක්  ගෙනහැර දැක්වෙන මෙහි ජැක්සන් ඇන්තනි, කෞෂල්‍යා ප්‍රනාන්දු, හේමසිරි ලියනගේ, පි්‍රයන්ත සිරිකුමාර වැනි ප්‍රතිභාපූර්ණ කලාකරුවන් රැසකගේ ද, ජාත්‍යන්තර සිනමා සම්මානයෙන් පිදුම් ලද පන්සිලූ වික්‍රමරත්න යන නවක ළමා රංගන ශිල්පියාගේ ද අද්විතීය රංගනයෙන් ශෝභමානව ඇත. ජැක්සන් ඇන්තනියන් සිය රංගන දිවියේ පථ්‍ර ම ජාත්‍යන්තර සිනමා සම්මානයෙන් පිදුම් ලබන්නේද මේ චිත්‍රපටියෙන් වීම සුවිශේෂී සිදුවීමකි.  
 
විෂම භාග චිත්‍රපටය තුළින් ලැඛෙන සියළු ලාබය ලංකාවේ රුදුරු වකුගඩු රෝගයෙන් පීඩා වි`දින අසරණ ජනයාට සරණක් වීමට යෙදවෙනවා ඇත. එබැවින් මෙය ලංකාවේ ප්‍රථම සමාජ සත්කාර චිත්‍රපටය ලෙසින් ද විරුදාවලිය ලබයි. කලාත්මක සිනමාවේ ගමන් මඟට නව අරුතක් එක් කළ මේ සිනමා නිර්මාණය ජාත්‍යන්තර ප්‍රදර්ශණයට බ`දුන්කොට බොහෝ රසිකයන්ගේ අප්‍රමාණ ආදරයට සහ අවධානයට පාත්‍ර විය. විෂම භාග චිත්‍රපටය ලංකාවේ ඊ. ඒ. පී. සිනමා ශාලාවන්හි තිරගත කරවීම ස`දහා විවරවන මේ මොහොතේ එය මාධ්‍යවේදී ඔබ සැමට රසවි`දීමට සියලූ කටයුතු සූÞනම්ව පවතී. 

සුභාවිත සිනමාවට සහ සිනමාව විසින් උපයන ලාබයට අර්ථාන්විත අරුතක් එක් කරන  සිනමා නිර්මාණයක ගමන් මාර්ගය විෂම භාග චිත්‍රපටය තුළින් විවර වනු ඇත. සො`දුරු රසාස්වාදයකින් ප්‍රබල සමාජ යථාර්ථයක් රසික හදවත් තුළ ජනිත කරවන මේ නිර්මාණය ලාංකේය සිනමා වංශ කතාව තුළ අද්විතයී සටහනක් තබනු ඇත. 
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

Cinematographer
Palitha Perera B
Sound Management
Sasika Ruwan Marasinghe
Make-up Artists
Wasantha Purnawansha
Music Director
Chamara Ruwanthilaka

අමතර ශිල්පින්

Colour Mixing
Tissa Surendra
Assistant Director
Suranga Hikkaduwa
Assistant Director
Nimmi Priyadarshani
Assistant Director
Chamara Wijesuriya
Assistant Director
Praneeth Gunarathna
Production Manager
Susantha B Narasinghe
Assistant Camera
Gihan Kavinda
Assistant Camera
Lahiru Jayasinghe
Assistant Camera
Muditha Withanage
Assistant Art Director
Eranda Kularathna
Assistant Art Director
Chaminda Kankanamge
Still Photographer
Sithijaya Dahanayake
Still Photographer
Dinesh Rathnayake
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS