Wassanaye Sanda

Wassanaye Sanda

වස්සානේ සඳ

Colour

Film No: 1279  ·  Released: 25 May 2018

62.35% · 2,548 votes
Rate this film

Summary

NameWassanaye Sanda / වස්සානේ සඳ
Film No1279
Released Date25 May 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryRomance
Main Actor: Anuj Ranasinghe Main Actress: Piyumi Hansamali Producer: Udayakantha Warnasuriya Producer: H.D. Premasiri Director: Udayakantha Warnasuriya

Trailer

සන්දේශ් උගත්, උසස් පාන්තික පවුලක කඩවසම් තරුණයෙකි. මිහිිරි ඔහුගේ පෙම්වතියයි. මිහිරිගේ බුද්ධි හීන එකම සොහොයුරා නිසා ඇය හා සන්දේශ් අතර විවාහයකට සන්දේශ්ගේ දෙමාපියන්ගෙන් බාධා එල්ල වේ. පසුව සන්දේශ් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සඳහා ඕස්ට්‍රේලියාව බලා යයි. ඕස්ට්‍රේලියාවේදී සන්දේශ් නතාශා නැමැති තවත් සුරූපී යුවතියක් හා පෙමින් බැඳේ. එහෙත් දිනක් සිදුවන හදිසි අනතුරක් නිසා සන්දේශ් ආබාධිත තත්ත්වයකට පත් වේ. මේ හේතුවෙන් දෙදෙනා අතර විවාහයක් සඳහා නතාශාගේ දෙමාපියන් විරුද්ධ වීම නිසා සන්දේශ් යළිත් ලංකාවට පැමිණීමට තීරණය කරයි.

ලංකාවේදී සන්දේශ්ට යළිත් මිහිරි මුණ ගැසේ. මේ වන විට ඇයගේ ආබාධිත සොහොයුරා මිය ගොස් සිටි අතර ඇය ගයන්ත නැමැති තරුණයෙකු හා පෙමින් බැඳී සිටී. පසුව මිහිරිත් ගයන්තත් එකතු වී සන්දේශ්ගේ ආබාධය සුවකර දීමට අප්‍රමාණ වෙහෙසක් ගනී.

ගෙවී යන කාලයත් සමඟ සන්දේශ්ගේ ආබාධිත තත්ත්වය සුවකර දීමට මිහිරිට හා ගයන්තට හැකිවේද? සන්දේශ්ගේ හා මිහිරිගේ සුහදත්වය පිළිබඳ ගයන්ත සිතන්නේ කුමක්ද? සන්දේශ්ගේ ඉරණම කුමක් වේද?

Cast

Crew

Other Crew