Summary
Songමඳ සීත නල රැල්ල දැඟලිල්ල Ş
Film No183
Year1968
Song Artists
Lyrics
Music
Vocalists
Description
සරත් – මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සැනසිල්ල ඉතිරී දුක කැල්ම නැති වී
පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා
දයා - ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
සැනසිල්ල ඉතිරී – දුක කැල්ම නැති වී
පෙම් ලෝකයේ සුවඳ විසිරී ගියා
සරත් - සුදු සේල මිහිඳුම් අහසින් නැඟී
නිල් ලෝකයේ එළිය නොපෙනී රැඳී
මගෙ දෑස පාදන්න ඔබෙ දෑත මට දෙන්න
ඔබ මාගේ ජීවේ සදා
දයා - මගෙ දෑත ඔබ ගන්න – ඔබෙ දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ
මධු මිහිර රස බොන්න - ලොව මිහිර නරඹන්න
ඔබ මාගෙ ජීවේ සදා