Artists  
Fans : 0 Nirmal Rajapaksha -

Known As : Nirmal Rajapaksha
Real Name : Nirmal Rajapaksha
Birthday : --
First Released : Pitasakwala Abirahasa 2011
Latest Released : Pitasakwala Abirahasa
2011

Share on Google+ Share on twitt

Photo Gallery
Films
Actor
No Year Name Character Director
Director
No Year Name Character Director
1 ) 2011 Pitasakwala Abirahasa Nirmal Rajapaksha
Facebook Comments
Upcoming Films
  • Yodhayange Adaviya
  • Latest News

    නවතම VFX සිනමා පටයේ තොරතුරු

    10;ිරහස දයට දායාද කරමින් සිනමාවට පිවිසුණු ඔහු දේශීය සිනමාවට නවතම අත්දැකීමක් එක් කිරීමට සැරසෙන නිර්මාල් රාජපක්ෂයන්ගේ නවතම සිනමා පටයේ පරිගණක ග්‍රැෆික් කණ්ඩායමේ සුහද හමුවීමක් පසුගියදා ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. චල්ලභා නැමති ඇති බිහිසුනු දරුනු මන්ත්‍ර කරුවගේ අමරණීයත්වය හා විශ්වය පාලනය කිරීමේ බලය ලගගනිමට අදුරු යුගයක් නිර්මානය කිරීමට උත්සහ දරන මොහොතක මේ පෘතුවියේ මහද ගොඩගැලිම්,කදු පුපුරා යෑම්,ගොඩනැගිලි කඩාවැටීම් වැනි විනාශකාරී දේවල් රැසකට මුහුණදෙන මිනිස් සංහතිය බෙර ගැනීමට සටන් වදින රාජකීය කුමාරයෙක් හා පුංචි කුමාරිකාවක් මෙන්ම ඔව්නට සහය වීමට පැමිණෙන පිටස්තර ජීවීන් කණ්ඩායමක් වටා මෙම සිනමා පටය නිර්මාණය වේ .අමුතු ආකාරයේ විරූපී කුරුල්ලන් ,විරූපී සත්ව සෙනා ,විශාල බල කොටු මෙන්ම චාල්ලභාගේ සහයට සිටින අතිමහත් යක්ෂ ,ප්‍රේත ,විරූපී සේනාද ඔවුන් හා සටන් වදින විශ්වයේ පිටස්තර ග්‍රහලෝක රැසක ජීවීන් සමුහයක් සහිත අදි තාක්ෂණික දර්ශන මෙම සිනමා පටයේ අන්තර්ගත වේ.
     
    Autodesk maya, 3ds max, Pixologic Zbrush, Foundry mari, Foundry nuke, Adobe after effects, Adobe photoshop, Adobe premiere, Adobe illustrator  යන මෘදුකාංග මේ සදහා යොදා ගැනේ
     
                                                                මේ සදහා තාක්ෂණික විධික්‍රම රැසක් භාවිත කරන අතර දේශීය සිනමාවේ නවතම අත්දැකීමක් අපගේ සිනමා ප්‍රේක්ෂකයා හට තිලින කරවීමට මාගේ අභිප්ප්‍රායයි.මෙම කර්තවය සදහා පරිගණක ග්‍රැෆික් නිර්මාන 300 කට අදික පිරිසක් යොදා ගන්නා අතර විදේශීය ග්‍රැෆික් නිර්මාන ශිල්පින් කිහිප දෙනෙකුගේ සහයද මේ සදහා යොදා ගනී.මෙහිදී මෙම පිරිස ශ්‍රේණි ගත කරනු ලැබේ .ඒ අනුව ප්‍රමුක කණ්ඩායම 20 දෙනෙකුගෙන් සමන්විත වේ .අනෙක් පිරිස 2 සිට 7 දක්වා නිර්මාණ කණ්ඩායම් ලෙසද ශය කණ්ඩායම් 3ක් ද ,තොරතුරු වාර්තා කිරීමේ කණ්ඩායම් 2ක්ද වේ. මෙහි ග්‍රැෆික් කටයුතු සදහා පරිගණක 300කට අදික ප්‍රමාණයක් භාවිතා කරනු ලැබේ. මෙම පිරිස තම නිවෙස්වල සිට මෙයට දායක කරගන්නා අතර අන්තර්ජාලය හරහා ස්කයයිප්, ෆේස් බුක්,ගූගල් ඩ්‍රයිව් යන ක්‍රම හරහා විශේෂ සන්නිවේදන ක්‍රම සැලැස්මක් ස්ථාපිත කිරීමෙන් රට තුල විශාල නෙට්වර්ක් එකක් සාදා ගනී. එමගින් මෙම සිනමා පටයට අවශ්‍ය තාක්ෂණික වපසරිය ගොඩනගා ගනී. ඒ සදහා අප කණ්ඩායම විසින් විශේෂ සැලසුමක් මේ දින වල සුදානම් කරමින් පවතී. තවද මේ වන විට තිර පිටපත අවසන්ව ඇති අතර නිෂ්පාදන සැලසුම් කරණය මේ දින වල සිදු කරමින් පවතී.
     
    තිර රචනය, අධ්‍යක්ෂණය හා විශේෂ ප්‍රයෝග කරන අධ්‍යක්ෂනය නිර්මාල් රාජපක්ෂ විසින් සිදුකරනු ලබයි. මූලික නිෂ්පාදන කර්තව්‍යය මෝෂන් සිනමා ආයතනය විසින් සිදු කරනු ලබයි. මෙහි තිරපිටපත සකස් කිරීමේදෟ ලලිත් උදේශ මධුභානු මහතා, මහාචාර්ය්‍ය රාජ් සෝමදේව, අචාර්ය්‍ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය්‍ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, අති පූජ්‍ය මැදගම අබයතිස්ත ස්වාමින් වහන්ස යන අය විශාල සහයක් ලබා දුනි.
     
                                                මේ වන විට මෙම සිනමා පටයේ රංගනය සදහා ශ්‍රීයන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා උද්දික ප්‍රේමරත්න, බුද්ධදාස විතානආරච්චි, සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ, සේනක විජේසිංහ අර්ජුන් කමලනාත්, පාලිත සිල්වා, රවින්ද්‍ර මාපිටිගම,ලකි ඩයස්, ජනක කුඹකගේ, ක්ලීටස් මෙන්ඩිස් පබෝදා සංදීපනී, චාන්දනි සෙනවිරත්න, විනා ජයකොඩි යන රංගන ශිල්පින් මේ වන විට යෝජිතව පවතී,
     
                                               පරිගණක ග්‍රැෆික් කණ්ඩායමේ උදිත අබේකෝක්, දිනූක කවිරංග, බිහිසර පලවින්න, භානුක රිශ්වාන්, මලින්ද අශාන්, ඉල්හාම් මොහොමඩ්, ලකිත තෙබුවන යන අය මේ වන විට ග්‍රැෆික් තාක්ශනික සැලසුම්කරණයේ ප්‍රමුඛ කාර්ය භාරයක් හොබවයි. පරිගණක දත්ත හුවමාරුව, පරිගණක දත්ත කළමනාකරණය හා සන්නිවේදන ක්‍රම පද්ධති සැලසුම්කරණය සඳහා විශේෂ ක්‍රමවේදයක් ජයමාල් ඩිල්ශාක් සහ කසුන් උදයංග විසින් සිදු කරනු ලබයි. මෙහි ඩිජිටල් ඉන්ටර්මීඩියට් කලර් ග්‍රේඩින් ක්‍රියාවලිය ආනන්ද බණ්ඩාර විසින් සිදු කරනු ලබයි. මෙම තාක්ෂණික අභියෝගය ජය ගැනීමට සොෆ්ට්වෙයාර් ඩිවලොපින් හා ලැංවේජස් සඳහා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, කටුබැද්ද විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගනු ලැබේ.
     
                                                         මෙහි සජීවී රුපගත කිරීම සහ සජීවී නිෂ්පාදන සැලසුම් මෙම තාක්ෂණික සලසුමින් පසු ගැනීමට සුදානම් කර ඇත නිශ්චල චායාරුප ගතකිරීම විසින් අතර ශිල්පීන් හට මෙතෙක් හමු නොවූ තාක්ෂණික රංගන ක්‍රමවේදයන් රැසක් මෙම නිර්මාණය හරහා විවර වන බව අප කණ්ඩායමේ අදහසයි .අප ඔස්සේ සිනමාවට අත්‍යාවශ්‍ය කාරණයක් වෙලා තියෙන පරිගණක ග්‍රැෆික් තාක්ෂණය අපේ සිනමා කර්මාන්තයට යොදාගත හැකි පහසුම ක්‍රම සහ ආර්ථික වශයෙන් ලාබදායී ක්‍රම සමුදායක් හඳුන්වාදේ මෙහි පරිගණක ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන් හට අවස්ථාව ඇති අතර සම්බන්ධ කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි
     
                                                         අප ඔස්සේ සිනමාවට අත්‍යාවශ්‍ය කාරණයක් වෙලා තියෙන පරිගණක ග්‍රැෆික් තාක්ෂණය අපේ සිනමා කර්මාන්තයට යොදාගත හැකි පහසුම ක්‍රම සහ ආර්ථික වශයෙන් ලාබදායී ක්‍රම සමුදායක් හඳුන්වාදේ මෙහි පරිගණක ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන් හට අවස්ථාව ඇති අතර සම්බන්ධ කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි
    ...
    read more
    Nirmal Rajapaksha
    Reviewed by films.lk on 2017-12-15 .
    Rating: 3
     
    A project by isandi CREATIONS