5 Samath

5 Samath

5 සමත්

Colour

Film No: 1265  ·  Released: 01 Dec 2017

54.39% · 2,618 votes
Rate this film

Summary

Name5 Samath / 5 සමත්
Film No1265
Released Date01 Dec 2017
ColorimeterColour
Movie GroupSinhala
CategoryKids

Trailer

National Awards

For Artists

1 Merit Award 34th Sarasaviya Awards - 2018 - 2 - 2018 Amiru Koralage

නිලට නිලේ දිලෙන වෘක්ෂයෙන් සපිරි රූස්ස වනාන්තරය හා කඳුවැටිය සෙවිලි කන්ද නම් වූ ග්‍රාමය වටා සිටියේ ආරක්ෂිත පවුරක් පරිද්දෙනි. එකයායට විහිදෙන වෙල් යාය දෙස ඕනෑ තරම් වෙලා බලා සිටිය ද කාලය ගත වී බව දැනෙන්නේ නැත. මේ ගම තවමත් නාගරීකරණය වී නොමැති වීම එක අතකින් වාසනාවකි.

අව්‍යාජ ගැමියන්ගේ සිනහව නිරන්තරයන්ම මුවෙහි තිබුණේය. නිතරම ඔවුන් කතා කළේ ළෙංගතුවමය. පුංචි සමත් උපත ලැබුවේ මේ ගම් පියසෙහිය. මෙම වසරේ පහේ ශිෂ්‍යත්වයට මුහුණ දෙන්නට සිටින ඔහු සතු වෙනත් ගැටලු රැසකි.

සමත්ට අඹ යහළුවකු සහ යෙහෙළියක සිටියි. නමින් තිසුල සහ සයුනි ඒ දෙදෙනාය. සමත්ට සමාන අදහස් ඇත්තෝය. විදුලිය සොයාගෙන සියවසක් ඉක්මවා ගිය ද සමත්ගේ ගමට තවම විදුලිය නැත. මෙය ඔහුට ඇති ලොකුම ගැටලුව වන්නේය.

අනේ ඉතින් පුංචි සමත් ඒ වෙනුවෙන් කුමක් කරම්ද?

නිතරම ඔහු ඒ ගැන සිතන්නේය. සමත්ගේ නිවස පිහිටා ඇත්තේ ගමේ තරමක් උස් ප්‍රදේශයකය. කුඹුරු ඇත්තේ ද ඊට යාබදවය. ගමට වතුර ලැබෙන මනරම් දොළ පහර ගලා යන්නේ ඊට සෑහෙන පහළින්ය. සමත්ගේ මව කලගෙඩි උස්සාගෙන දොළෙන් වතුර ගෙනත් කුඹුර පණ ගස්සවා ගන්නට උත්සාහ කරන්නේය. ඇය මෙලෙස විඳින වෙහෙස දැක සමත් මහත් වූ කම්පනයට පත් වන්නේය.

ගෙවල් ගාවට වතුර ගෙන ඒමට වෙන උපායක් ඇත්තේම නැත. විදුලිය ඇත්නම් මෝටරයක් හෝ සවි කිරීමට ඇහැකිය. එහෙත් ගමට විදුලිය තියා විදුලිය ලැබේවි යැයි සිතෙන සලකුණක්වත් නැත. ඔය අතරේ සමත්ට තවත් දුක හිතෙන දසුනක් දිනපතා දැකගන්නට ලැබෙන්නේය.

ඒ ආබාධිත පියා කොර වූ කකුලක් ද සමඟ කිතුලට නැඟීමය. කොතරම් පෙරැත්ත කළ ද සමත්ගේ පියා තම වෘත්තීය අතහරින්නේ නැත.

මේ උභතෝකෝටික ගැටලු පිළිබඳ අහස පොළව ගැට ගහන්නට කල්පනා කරන සමත් තමන් ඉගෙන ගන්නා පෙළ පොත් හි ඇතුළත් ක්‍රියාකාරකම් ඔස්සේ විසඳුම් සොයන්නට කල්පනා කරන්නේය.

අවසන ඔහු දිය ගෙන එන්නට දිය රෝදයකුත් පියාට කිතුලට නගින්න උපකරණයකුත් සාදන්නේය.

සතුටින් ඉපිළ යන සමත් මේ දේවල් පිළිබඳ සිය පවුල දැනුවත් කරන්නේ මඳකට හෝ දුක තුනී වෙතැයි බලාපොරොත්තුවෙනි.

- sarasaviya

Cast

Crew

Other Crew