සාරාංශයඡායාරූප
Meril Kariyawasam
1936 - 1989
60.768431983385
61% |   963  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Meril Kariyawasam
Meril Kariyawasam
  • උපන්දිනය : 1936 April 6
  • විපත : 1989 09 05
  • සම්මාන

     
    තිරගත වූ චිත්‍රපට


    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1මුහුදු ලිහිණි
    නිෂ්පාදනය / කතාව / තිර රචනය / දෙබස්
    1983
    ජීවදත්ත

     

    ප්‍රවීණ දේශපාලනඥයකු, ලේඛකයකු හා සිනමා කරුවකු ද වූ මෙරිල් කාරියවසම් නීතිඥවරයකු ද විය. 1936 අප්‍රේල් 06 වැනි දා උපත ලැබූ හෙතෙම 1964 දී අධිනීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේය. අති දක්‍ෂ කථිකයකු ද වූ මෙරිල් කාරියවසම් මහතා පුවත්පත් සඟරා ආදියට විවිධ ලිපි සපයමින් නවකතා කීපයක් ද රචනා කළේය. කලාවට විශේෂ ලැදියාවක් දැක්වූ ඒ මහතා ‘මුහුදු ලිහිණි’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් එහි කථාව දෙබස් තිර නාටකය ද ලීවේය.
     
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිස්කම හඳුනා ගත් ගුණ ගරුක පුද්ගලයකු වූ හෙතෙම අගලවත්තේ හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ශික්‍ෂණ රෝහල් හා වනිතා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිවරයකු ද විය.
     
    පසුව රබර් පර්යේෂණ ආයතනයේ සභාපති ධූරයට පත් වූ ඔහු රත්මලානේ් පිහිටි එම කාර්යාලයේ සිටිය දී 1989 සැප්තැම්බර් 05 වැනිදා සාහසික වෙඩි පහරකට ගොදුරුව සඳහටම දෙනෙත් පියා ගත්තේය.
     
     
    මුල් පිටුව
    පුවත්
    DONATE US
    අමතන්න
    චිත්‍රපට
    වෙනත් චිත්‍රපට
    ළඟදීම
    කලාකරුවෝ
    සම්මාන
    සිනමා ශාලා
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS