සාරාංශයඥාති සබඳකම
Vihara Samarasinghe
විහාරා සමරසිංහ
59.2
59% |   400  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Vihara Samarasinghe විහාරා සමරසිංහ
Vihara Samarasinghe

සම්මාන

 
තිරගත වූ චිත්‍රපට


තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

1හිතුමතේ ජිවිතේ
නිෂ්පාදනය
2022
ජීවදත්ත

දැන් පරණ විදිහට චිත්‍රපට කරලා හරියන්නේ නෑ….
සමහර වේලාවට පීඩනය දරා ගන්න අමාරුයි….
 
සත්‍ය කතාවක් පාදක කරගෙන ගුවන් හමුදාවේ හිටපු ගෲප් කපිතාන්වරයෙකු වූ ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්‍ෂණය කළ ප්‍රථම  සිංහල චිත්‍රපටය වන ‘හිතුමතේ ජීවිතේ’ මේ දිනවල සාර්ථක ලෙස තිරගත වේ. මෙම චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබාදෙන්නේ ඔහුගේ බිරිඳ විහාරා සමරසිංහ විසිනුයි. මෙම චිත්‍රපටය මේ වනවිට ඩකා සිනමා උළෙල” බි්‍රතාන්‍ය ආසියානු උළෙල ඇතුළු ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකට නිල වශයෙන් තේරී පත් වීමට සමත්වී ඇත. වර්තමානයේ පවතින අර්බුද හමුවේ චිත්‍රපටයක් තිරගත කිරීම ලෙහෙසි පහසු කරුණක් නෙමෙයි. ඉතිං ඒ අභියෝගය ජයගන්නේ කෙසේද යන්න පිළිබඳව අපි හිතුමතේ ජීවිතේ චිත්‍රපටය නිෂ්පාදිකාව වන විහාරා සමරසිංහ සමග පුංචි පිළිසඳරක යෙදුණා.
 
● හිතුමතේ ජීවිතේ චිත්‍රපටය තිරගත වීමෙන් පසු නිෂ්පාදිකාව විදිහට ඔබට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?
 
ප්‍රතිචාර හොඳියි. හැමෝම හොඳ කියනවා සමහරු කියනවා ඉංග්‍රීසි චිත්‍රපටයක් බැලුවා හා සමානයි කියලත් කියනවා. ඔය අතරේ ලොකු කරදර වගයකුත් වෙලා තියෙනවා. නොසන්සුන් තත්ත්වයක තමයි දැන් ඉන්නෙ.

● මේ වගේ කාලයක චිත්‍රපටයක් තිරගත කරනවා කියන්නෙ ලෙහෙසි නෑ නේද?
 
ඇත්තටම නිර්මාණය ගැන තමයි විශ්වාස කළේ. නිර්මාණය හොඳ නම් ප්‍රේක්‍ෂකයෝ  වැළඳගනීවි කියන විශ්වාසය තිබුණා. ඒක තවදුරටත් තියෙනවා. ක්‍ෂේත්‍රයේ අයගෙන් කිසිම සහයෝගයක් නොතිබුණහම හරි අමාරුයි වැඩ කරන්න. මම නෙමෙයි වෙන නිෂ්පාදකවරයෙකුට වුණත් ඇදගෙන යන්න අමාරුයි. සහයෝගයක් දෙන්න පුළුවන් අවස්ථා තිබියදීත් සමහරු ඒවා මගහරිනවා.
 
● චිත්‍රපටයේ වැඩකරපු නළු නිළියන්ගෙන් සහයෝගයක් ලැබෙන්නෙ නැතිද?
 
නළු නිළියන්ගෙන් නම් උපරිම සහයා්ගය  ලැබෙනවා. ප්‍රදර්ශක මණ්ඩලවලත් සහයෝගය තියෙනවා. සමහර හෝල් වලට මගේ චිත්‍රපටය දාන්න ඕනෑ කියලා ඔවුන් මට කතා කරනවා. ඒත් චිත්‍රපට සංස්ථාවෙන් ඔවුන්ට අනුමැතිය දීලා නෑ. ඒකට හේතුව ඔවුනුත් චිත්‍රපටයක් දාලා තියෙනවානේ. රිද්ම මණ්ඩලයෙන් අපිට එක දර්ශන වාරයක් හරි ලබාදෙනවා නම් ලොකු දෙයක්.
 
● නිෂ්පාදිකාව විදිහට ඔබ ඉන්නෙ කලකිරීමෙන්ද?
 
සමහර වේලාවට එන පීඩනය දරාගන්න  අමාරුයි. මට නෙමෙයි මගේ තැන ඉන්න ඕනෑම කෙනෙකුට ඒක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පළමුවෙන්ම චිත්‍රපටයක් දානකොට මේ වගේ දේවල් සිද්ධ වෙනවා ක්‍ෂේත්‍රයේ සමහර ප්‍රවීණයෝ උඩින් කතා කරලා යටින් සමහර දේවල් කරනවා. මේ ක්‍ෂේත්‍රයේ හැටිද කියන්න දන්නෙ නැ. අලුතෙන් කෙනෙක් එනවට හරි තරහයි. ඉතිං එහෙම කරපුවහම වැටෙන්නෙ චිත්‍රපට කර්මාන්තයමනේ.
 
● හිතුමතේ ජීවිතේ හදන්න වියදම කීයක් විතර ගියාද?
 
චිත්‍රපටය නිෂ්පාදනය කරන කොට මට ලොකු අභියෝගයක් ආවේ නෑ. ක්‍ෂේත්‍රයේ ඉන්න හැමෝගෙන්ම  සහයෝගය ලැබුණා. චිත්‍රපටය නිෂ්පාදනය කරලා ඉවර වෙනකොට මට ලක්‍ෂ 260 ක මුදලක් ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව දැනට මාර්කටින්වලට සෑහෙන මුදලක් ගිහිල්ලා තියෙනවා. මම දෙපාරක් මාර්කටින් කළා නේ.
 
පළමුවැනි මාර්කටින් එක පටන් අරගෙන ඉන්නකොට තමයි පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්නේ. චිත්‍රපටය තිරගත කරන්න දවස් හයක් විතර තියලා තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. ආපහු මාර්කටින් එක කරන්න යනකොට කොවිඩ් හොඳටම වැඩිවුණා. ඇත්තටම අපිට චිත්‍රපට සංස්ථාව උදව් කරනවා නම් ඒක අපිට ලොකු සහයෝගයක් අස්වැසිල්ලක්.
 
● යළි සිනමා කර්මාන්තයට සම්බන්ධ වෙන්න තියෙන අදහස අතහැරලද?
 
අතහැරලා කියන තැනකත් නෑ. තවම එකක් කරනවා කියන තැනකත් නෑ. අවංකවම උත්තර දුන්නොත් දැන් ඉන්නෙ හරි අතරමැදි තැනක. ඔය කියන අවස්ථා  දෙකේම නෙමෙයි” මට හිතාගන්න බැරිව ඉන්නෙ මේ වෙන දේවල් එක්ක. අවංකවම මම ඉන්නෙ පැටලිලි සහගත තත්ත්වයක. නිර්මාණයක් එනකොට කුහකකම නැතිව උදව් කරන්න ඕනෑ. මට නෙමෙයි කාට වුණත් දැන් පරණ විදිහට චිත්‍රපට කරලා හරියන්නෙ නෑ. අපි අලුත් ලෝකයත් එක්ක වෙනස් වෙන්න ඕනෑ. මම හිතන්නෙ එහෙමයි. අපි ඉන්නෙ ඩිජිටල් තාක්‍ෂණයේ. හැමදාම අපිට එකම දේ අරගෙන යන්න බෑ. අපේ රට පුංචි වුණත් අපි දැනගන්න ඕනෑ නව තාක්‍ෂණය එක්ක වෙනස් වෙන්න. එහෙම වෙනස් නොවුණ හින්දයි අපි අද චිත්‍රපට ක්‍ෂේත්‍රයෙන් පහළට වැටිලා ඉන්නෙ. ලෝකෙ කොහේවත් රටක චිත්‍රපට කර්මාන්තය වැටිලා නෑ. නමුත් අපේ රට එතැනට වැටිලා තියෙන්නෙ.
 
● නළු නිළියෝ කතාබහ කරන්නෙ නැතිද?
 
කතාබහ කරනවා. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා ඉහළයි. මගේ ගුරුවරයාත් මේ චිත්‍රපටයේ රඟපානවා. මහේන්ද්‍ර පෙරේරා ළඟ මමත් අවුරුදු තුනක් අධ්‍යාපනය ලැබුවා. මම විදෙස් ගතවෙලා මේ සම්බන්ධව හැදෑරුවා. නළු නිළියන්ගෙන් මට කිසිම ප්‍රශ්නයක් නෑ. ඔවුන්ගෙන් මට හොඳට සහයෝගය ලැබෙනවා.
 
● ජාත්‍යන්තර උළෙල කිහිපයක්ම පවා නියෝජනය කළා නේද?
 
මම ජාත්‍යන්තර නියෝජන තුනක් විතර කළා. ඊට පස්සෙ ඒවට මම ඇත්තටම දැම්මේ නෑ. ඒකට හේතුව අපේ ලංකාවේ” ඒවත් වැඩිපුර ගත්තහම ක්‍ෂේත්‍රයේ සමහරු තරහ වෙනවා. සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා. මම ආපහු කිසිම සම්මාන උළෙලකට දැම්මේ නැහැ. දාපු ඒවයෙනුත් අයින්කර ගත්තා. නිර්මාණයකට පවා මිනිස්සු අකුල් හෙළනවා. ඒ හින්දා මට සම්මානත් එපා වුණා.
 
දිනේෂ් විතාන
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS