INFOPLOTSONGSPHOTOS
Sama / සාමා
[ Black & White 35mm ]
Film No : 113
Released Date : 1965-05-13
59.785969084423
60% |   1682  Vote(s) | Vote Here
1 2 3 4 5
 
PLOT

ගතානුගතික ගති පැවතුම් ඇති ගම් මුලාදැනියකුගේ උද්ධච්ච බිරිය වූ නොන්නොහාමි ධනයෙන් පිරිහුනත් ජීවත් වූයේ මහන්තත්ත්වයෙනි. ඔහුගේ පුතා සිරිමල් ඊට හාත්පසින් වෙනස් ගති ඇති නිහතමානී තරුණයෙකි. තම අැවැස්ස නෑනා වූ "සාමා" ට ඔහු ආදරය කරයි. මේ සම්බන්ධයට සිරිමල්ගේ මව මුලින් කැමති වුවද තම පුතා සමාජයේ ඉහළ තැනකට යැවී​මේ ආශාවෙන් පෙ​ෙළන නොන්නෝහාමි ඒ සම්බන්ධයට අකමැති වෙයි. ගමේ අලුත් ගම් මුලාදෑනියාගේ දියණියට සිරිමල්ට යෝජනා කරයි. සිරිමල්ගේ මව එයට කැමති වෙයි. අසනීපව සිටින නෝන්නෝහාමිගේ සාත්තුවට නිතර පැමිණෙන "සාමා" ඇගේ ගෙදරට ඇරලවීමට සිරිමල්ගේ මව අකාරුණික වෙයි. මේ සිද්ධිය තමාට කළ අපහාසයක් ලෙස සලකන සාමාගේ සොහොයුරා ආපස්සට තම නැඟණිය විවාහ කර දීමට කටයුතු කරයි. ​මේ සිද්ධියේ තමා තෝරා ගන්නේ මව ද? පෙම්වතී ද යන පැනයෙන් සිරිමල් අතර මං වෙයි. විවාහය දා සාමා ගඟේ පැන සිය දිවි නසා ගනී. මෙයින් ඇතිවන කම්පනයෙන් නොන්නොහාමි ද මිය යයි. සිරිමල් තනිවෙයි. 

ඒ.ඩී. රන්ජිත් කුමාර 

 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS