කතාව
එකමත් එක කාලකෙ අපේ රටේ එකමත් එක රජ කෙනෙක් රාජ්‍ය කලා. රටවැසියන් සතුටින් ජීවත් වුවත් රජුත් බිසවත් නිතර සිටියේ සෝකයෙන්, ඊට හේතුව ඔවුන්ට දරුවන් නැති වීම∙ අනාගතයෙහි රාජ්‍ය පැවරීමට `ඔටුන්න හිමි කුමාරයෙකු` නැති වීම.
මේ අතර රට වැසියෝ රජුගේ සහ බිසවගේ පස් වැනි විහාව සංවත්සරය මහ ඉහලින් සමරන්ට සූදානම් වුණා. නැටුම් ගැයුම්වලට ප්‍රසිද්ධියට පත්ව සිටි කින්නරකුරුවේ නැටුම් කණ්ඩායම ගෙන්වීටත් කටයුතු සම්පාදනය කර තිබුණා. මෙම නැටුම් කණ්ඩායම මහ වනය මැදින් යද්දී ඔවුන්ගේ නඩේ ගුරා බීමත් ව විප්‍රකාර කරන්ට වීම නිසා කුපිත වූ වන අලි ඔවුන්ට පහර දුන්නා. සියල්ලෝ හිස් ලු ලු අත දුවන්ට වුණා. කූඩයක බහා සිටි සිය දරුවා සියතට ගන්න ගිය මවක් ද දිව යන පිරිසට මැදි ව ක්ලාන්ත ව අද වැටුණා. ප්‍රහාරය සඳහා පැමිණි වන අලි යලි වනය තුලට යන අතර කූඩයේ හුන් දරුවා හඩන්නට වුණා. ඇත් පෙලේ හුන් ගැබ්බර ඇතින්නියකට ඒ ලදරුවා කෙරෙහි සෙනෙහසක් හට ගත්තා. ඇතින්න ලදරුවා සහිත කූඩය පිට මත තබාගෙන වනයට ඇදුණා.
ඒ වන පෙදෙසේ තවුසෙක් සහ වැදි පවුලක් ද වාසය කලා. තවුසාගේ ආශිර්වාදය මැද වනයට ගෙන ආ ලදරුවා වැඩෙද්දී ගැබ්බර ඇතින්නට ද පැටවෙක් ලැබුණා. එතැන් පටන් අලි පැටියාත් කොලූ පැටියාත් යාළුවන් වුණා.
තවුසා අලි පැටියාට `රාජු` කියාත්, කොලූ පැටියාට `භාණු` කියාත් නම තැබුවා.
මේ අතර දරුවෙක් නැති කනස්සල්ලෙන් පෙලෙන බිසව රාජ මාලිගය හැර යන්ට සූදානම් වුණා. එවිට හදාවඩා ගැනීම සඳහා දරුවෙකු සොයා ගැනීම හෝ උත්සාහ කල යුතු බවට ඇමතිවරු උපදෙස් දුන්නා. දරුවෙකු ලබා ගැනීමේ අවසාන උත්සාහය විදියට කාන්තාවන්ට දරුඵල ලබා දෙන අලිමංදාව කෝවිලට ගොස් බාරයක් වීමට රජ බිසව තීරණය කලා. දාසියන් සමඟ වන මැද පිහිටි කෝවිලට ගිය බිසවට අලි පැටවා සමඟ ගංගාවක දිය නාමින් සිටින භානු ගැන දාරක ස්නේහහයක් හට ගත්තා. එහෙත් ක්ෂණයකින් ඔවුන් වනය මැද අතුරුදහන් වුණා. බිසව පෙරලා ඇවිත් භානුව සොයා දෙන ලෙස ඉල්ලා මාලිගය දෙවනත් කලා.
රජතුමා භානු සොයා ගැනීමට උදව් ඉල්ලා සිටියේ වැදි පිරිසගෙන්. වැදි පිරිස සහ රාජ පුරුෂයෙන්ගේ කුමන්ත්‍රණය ඇස ගැටෙන තවුසා ඔවුන්ගෙන් කොලූ පැටියාත් අලි පැටියාත් ගලවා ගැනීමට උත්සාහයක යෙදුණා. ඒත් භානු වැද්දන්ගේ දැලට අසු වුණා. භානු රාජුගෙන් වෙන් වුණා. භානුටත් රාජුටත් රාජු සහ වැද්දන් කල විනාශය ගැන වන අලි කුපිත වුණා.
වන සතුන්ටත් පරිසරයටත් ආදරය කිරීමට දරු දැරියන් පොලඹවන `අලි කතාව` අරුමැසි කතාවේ ඉතිරි කොටස රිදී තිරයෙන් දැක ගන්න.