තොරතුරු
My Red Comrade / රතු අතු අග
[ Colour ]
චිත්‍රපට අංකය : 1391
නිකුත් වූ දිනය : 2024-05-17
63.859649122807
64% |   57  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

My Red Comrade / රතු අතු අග
චිත්‍රපට අංකය : 1391
නිකුත් වූ දිනය : 2024-05-17
වර්ණමානය : Colour
වර්ගය :
කාලය : 90 mins
ප්‍රධාන නළුවා : Asiri Allage
ප්‍රධාන නිළිය : Tharindi Fernando
අධ්‍යක්ෂණය : Sudath Mahadivulwewa
නිෂ්පාදනය : Red Circle Production

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

සුදත් මහදිවුල්වැව ගේ අළුත්ම චිත්‍රපටිය මයි රෙඩ් කොම්රේඩ් MY RED COMRADE. සුදත් මේ වෘත්තාන්ත චිත්‍රපටිය හදන්නේ අවුරැදු දාහතක විවරයකට පස්සේ. ඒ කාල පරාසයේ සුදත් කළේ සිනමාව හදාරන ශිෂ්‍ය පරම්පරාවකට පාර කියා දුන්න එක. MY RED COMRADE චිත්‍රපටිය මේ දූපතේ ප්‍රෙක්ෂකයින්ට අළුත් අත්දැකීමක් වෙයි. තිර පිටපතක් ලියාගෙන, නිශ්පාදකවරයෙකු සොයා ගන්නට ක්‍රමයක් නැතිව ලතවෙන පරම්පරාවට පාඩමක් වෙයි. 
 
චිත්‍රපටියේ නිශ්පාදන වියදම් අවමයි. රෑපගත කිරීම් දවස් හතරෙන් ඉවරයි. චිත්‍රපටියෙන් සියයට අනූ පහක්ම රෑගත කරන්නේ පොඩි ලෑලි කාමරක් අස්සේ. සරලව ලියනවානං 'ස්ටුඩියෝ එකක ගහපු සෙට් එකක.' සමස්ථ සිනමාපටියේම ප්‍රධාන චරිත දෙකයි. පොලීසියෙන් පන්නාගෙන එනකොට හැංගෙන්ඩ තැනක් හොයන තරැණියයි, ඇයට ආරක්ෂාව සලසන්නට ඉදිරිපත්වෙන ලෑලි කාමරේට ජීවිතේ කොටු කරගත් වියපත් පුවත්පත් කලාවේදියයි. 
 
විස්සයි විස්සේ විතර කාමරයක් ඇතුලේ රැවන් කොස්තා කැමරාව හසුරවන ආකාරය අගනේයි. මේ කුඩා ඉඩකඩ ඇතුලේ වුව, ඇතැම් විට අංශක තුන්සිය හැටක් කැමරාව කරකවා රෑපගත කිරීම් කළ දර්ශනත් තියෙනවා. ඒ රෑපරාමු වල පොඩි ඉන්ද්රජාලික ගතියක් දැනෙනවා. මිලි මීටර අසූපහ, එකසිය දහය වාගේ Portrait lens භාවිතයෙන් හසුකරගත් රෑපරාමු සංස්කරණය කර ඇති ආකාරයත් අගෙයි.
 
MY RED COMRADE චිත්‍රපටියේ ශබ්ද මුසුකිරීම Sound Design සිනමා පටිය ඉතා ඉතා ඉහල අගයකට ඔසවා තබනවා. සංස්කරණය වූ රෑපරාමු අතර කාලය සහ අවකාශය මැනෙවින් තේරැම් ගෙන කළ නිර්මාණ කාර්යයක් එය. අපට දෘශ්‍යමාන රෑපවලට එපිටින් ඇහෙන්නට සලස්වන විශාල පරාසයක විහිදුනු ශබ්ද ප්‍රේක්ශකයා සිනමා පටියේ රෑපරාමුවලට ආසක්ත කරනවා. 
 
අවස්ථා දෙක තුනකදීම මට හිතුනා MY RED COMRADE තව ටිකක් සංස්කරණය වුනානම් හොඳයි කියලා. MY RED COMRADE හි සංගීත රචනය කිසියම් තේමාවක් පදනම්ව සිදුවුනා නම් එය චිත්‍රපටියේ සමස්ථ අගය ඉහල දමන්නට හේතු වෙන්නට තිබුනා. ඒවා සුදත්ට අයිති වැඩ. 
 
මේ සිනමා නිර්මාණය මේ රටේ සිනමා කර්මාන්තයේ ඛේදවාචකයත් අපට සිහිපත් කරනවා. සුදත්ගේ 'සුදු කළු සහ අළු' අත දිග ඇරලා කරපු නිර්මාණයක්. හද්දා පිටිසරට වෙන්න දැක්කම ආසා හිතෙන දර්ශන තල. ඇති තරම් නළු නිළියෝ. මිනිස්සු, බස්, ට්‍රැක්ටර්, ලයිට්, ට්‍රැක්, ඩොලි වැහි වැහැපු චිත්‍රපටියක් ඒක. ඒ වුනාට MY RED COMRADE රෑපගත වෙන්නේ විස්සයි විස්සේ ලෑලි කාමරේක. ඒ තමයි මේ දූපතේ සිනමා කර්මාන්තය වැටී ඇති තැන. තමන් ලියූ තිර පිටපත රෑපරාමු වලට පෙරලා ගන්නට, පොඩි හරි බජට් එකක් හොයාගන්නට බැරිව ලතවෙන අළුත් පරම්පරාවට MY RED COMRADE හොඳ පාඩමක්.
විශ්ණු වාසු.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Sudath Mahadivulwewa
නිෂ්පාදනය
Red Circle Production
කැමරාකරණය
රුවන් කොස්තා
සංස්කරණය
Ajith Ramanayake
සංගීත අධ්‍යක්ෂණය
Nadeeka Guruge
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS