Rani is a 2025 Sri Lankan Sinhalese biographical drama thriller film directed by Asoka Handagama and produced by Subaskaran Allirajah for Lyca Productions. Rani is the debut production of Lyca Productions Lanka and the first film released by the company in the Sri Lankan cinema industry. It stars Swarna Mallawarachchi in the lead titular role along with Rehan Amaratunga, Sanath Gunathilake, Sajitha Anthony, Bimal Jayakody, Ashan Dias, Mayura Kanchana and Rithika Kodithuvakku made supportive roles. The film is based on the life story of Richard de Zoysa, a journalist, writer, human rights activist and actor, who was abducted and killed on February 18, 1990. After the abduction, his mother doctor Manorani Saravanamuttu made a challenging journey, seeking justice for her son's death.
Rani released on 30 January 2025 in theaters to positive reviews from critics. praised for its soundtrack, cinematography and performance of Swarna Mallawarachchi and the cast.
As of 14 February 2025, the production company confirmed that the film had grossed LKR 100 million, making it one of the highest-grossing films in 2025 and in Sri Lankan cinema history.
Wiki
රාණි චිත්‍රපටය සඳහා පාදකව ඇත්තේ මෙරට විසූ ප්‍රකට මාධ්‍යවේදයකු, ලේඛකයකු, මානව හිමිකම් ක්‍රියාකරුවකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රිචඩ් ද සොයිසා 1990 පෙබරවාරි මස 18 වන දින බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් මරා දැමීමෙන් අනතුරුව, ඔහුගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මහත්මිය විසින් තම පුතුගේ මරණය වෙනුවෙන් යුක්තිය පසිඳලීම සඳහා කරනු ලබන අභියෝගාත්මක වූත්, අනුවේදනීය වූත් ක්‍රියාදාමයයි. රිචඩ් ද සොයිසාව දේශපාලන මැරයන් විසින් බලහත්කාරයෙන් ඔහුගේ නිවසින් පැහැරගනු ලබන්නේ, එකල මෙරට දූෂිත දේශපාලන දර්ශනය පිළිබඳව ඔහුගේ විවෘත විවේචනයට පළිගැනීමක් වශයෙනි. මෙම මව හා පුතු අතර ගොඩනැගී තිබුණේ මහා ලෙන්ගතු ආදරණීය බැඳීමකි. තම ආදරණීය පුත්‍රයාගේ දරා ගත නොහැකි වියෝව හමුවේ වික්ෂිප්තව සිටින මනෝරාණි වෙත වෙනත් දේශපාලන කණ්ඩායමක් ළංවන්නේ, ඇය වැනිම කිසිදු සලකුණක් නොතබාම තම දරුවන් පැහැරගත් මව්වරුන් වෙත, ඇයගේ නායකත්වය ලබා ගැනීමේ අරමුණෙනි. පීඩිතයන්ගේ සහ නිශ්ශබ්ද වූවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා සම්මත සීමාවන් ඉක්මවා යන ඇය, අසංඛ්‍යාත මව්වරුන්ගේ බලාපොරොත්තුවේ පහනක් බවට පත්වේ. “රාණි” යනු දැරිය නොහැකි ඛේදවාචකයන් හමුවේ ඔරොත්තු දීමේ ශක්තිය ධෛර්යය සහ මව් සෙනෙහසේ උත්තරීතර භක්තිය ග්‍රහණය කරගත් ශක්තිමත් එඩිතර මවකගේ කතාවද වේ.
ප්‍රවීණ සම්මානනීය නිර්මාණවේදී අශෝක හඳගම කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වනුයේ පාසැල් වේදිකාවේ රඟපාමිනි. දාහත් වන වියේදී තිර පිටපත් රචනයට පිවිසි ඔහු, “තවද එක් නිදසුනක්”, “පරසතු”, “තටාකයේ යක්ෂයා” යන වේදිකා නාට්‍ය ත්‍රිත්වය නිෂ්පාදනය කරමින් ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත. “හෙණ” වේදිකා නාට්‍ය සමඟින් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන ඔහු “අවුරෝරා”, “භූමිකා”, “මා ඝාත” සහ “ඇන්ටික් කඩයක මරණයක්” යන වේදිකා නාට්‍ය ඉදිරිපත් කළ අතර, “ප්‍රභාතය” ටෙලි සිත්තම නිර්මාණය කරමින් පුංචි තිරයට පිවිස පසුවදී, “දුන්හිද අද්දර”, “දිය කැට පහන”, “සින්තටික් සිහින”, “මේ පාරෙන් එන්න”, “නැගෙනහිර වෙරළින් ඇසෙන” වැනි ප්‍රාසංගික නිර්මාණ රැසකින් පුංචි තිරය සැරසීය. තිර පිටපත් රචකයෙකු, ගීත නිබන්ධකයකු හා ග්‍රන්ථ කතුවරයෙකු වන අශෝක හඳගම “අම්මා සහ සඳ එළිය” යන කෙටිකතාවත්, වේදිකා නාට්‍ය හා චිත්‍රපට තිර රචනා කිහිපයක්ම මුද්‍රණයෙන් එළිදක්වා ඇත. 1998 වසරේ තිරගත වූ “චන්දකින්නරී” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවද ජයගන්නා ඔහු, “මේ මගේ සඳයි” (2001), “තනි තටුවෙන් පියාඹන්න” (2003), “විදූ” (2010), “ඉනි අවන්” (2012), “ඇගේ ඇස අග”(2016), “අසන්ධිමිත්තා” (2019), “ඇල්බොරාදා”(2019) යන චිත්‍රපට තිරයට එක්කළ අතර, මෙතෙක් තිරගත නොවූ “අක්ෂරය” හා “සඳ දඩයම” යන චිත්‍රපට ද්විත්වයද ඔහුගේ නිර්මාණ අතර වේ. තුන් දෙනෙක් (ඈ, ඔහු, අනෙකා) නමින් ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර සමඟ එක්ව චිත්‍රපට ත්‍රිත්වයක එකතුවක් නිර්මාණය කරන ලදී. එහිදී අශෝක හඳගම “අනෙකා” චිත්‍රපටය නිර්මාණය කරන්නට යෙදුණි. රාණි ඔහුගේ එකොළොස්වන වෘත්තාන්ත සිනමා නිර්මාණයයි.
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු