Amuda Raja

Amuda Raja

Colour Yet to be released

Yet to be released

59.56% · 1,635 votes
Rate this film

Summary

NameAmuda Raja
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryComedy

Description

තිරකතා රචකයකු මෙන්ම සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් නමක් දිනා සිටින ගයාන් මහගලගේ මෙම මස 10 වැනිදා සිට සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත් වෙයි. ඔහුගේ කුලුඳුල් නිර්මාණයට නම තබා ඇත්තේ අමුඩ රජා ලෙසටයි. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන මෙහි අධ්‍යක්ෂණය සහ තිර රචනය ගයාන් විසිනි. ගිහාන් ප්‍රනාන්දු, මහින්ද පතිරගේ, නන්දන හෙට්ටිආච්චි, මධුශාන් නානායක්කාර, නිලුෂි පවන්යා, සමුද්‍රා හික්කඩුව, ලක්ෂිකා ජයවර්ධන, කුමුදුනි අධිකාරි, ඩී. බී. ගංගොඩතැන්න, උපතිස්ස බාලසූරිය, ලක්ෂ්මන් අමරසේකර, ජයතිලක හේරත්, ඉන්දික දේශප්‍රිය, දයාසිරි හෙට්ටිආරච්චි, ටෂින් මධුක විජේසිංහ අමුඩ රජා රංගනයෙන් හැඩ කරන නළු නිළි පිරිසයි. ජී. නන්දසේන කැමරා අධ්‍යක්ෂවරයා. අනූෂ සංජීවගේ සංස්කරණයකි. සුසාර සම්පත් කලා අධ්‍යක්ෂවරයාය. රවී චන්ද්‍රසිරි සටන් අධ්‍යක්ෂණයෙන් එකතු වේ. සංඛ ප්‍රසාද් නර්තන අධ්‍යක්ෂවරයාය. සමීර මධු කිඳෙල්පිටිය අංග රචනයෙන් එක් වෙයි. චමින්ද ඩයස් සංගීතයෙන් රසවත් කරයි.

මෙහි අධ්‍යක්ෂ ගයාන්, බන්දු සමරසිංහගේ පීටර් වන් චිත්‍රපටයේ තිර රචකයාය.

Cast

Crew

Other Crew