Dawena Wihagun

Dawena Wihagun

දැවෙන විහඟුන්

Colour

Film No: 1281  ·  Released: 29 Jun 2018

54.45% · 2,030 votes
Rate this film

Summary

NameDawena Wihagun / දැවෙන විහඟුන්
Film No1281
Released Date29 Jun 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryStory
Main Actor: Pubudu Chaturanga Main Actress: Samanalee Fonseka Director: Sanjeewa Pushpakumara Producer: Sanjeewa Pushpakumara

Trailer

National Awards

For Artists

1 Best Director 7th Derana Film Awards 2019 - 2019 Sanjeewa Pushpakumara
2 Best Actress 7th Derana Film Awards 2019 - 2019 Anoma Janadari

Description

උදාවුණ දවස කුසුම්ට නම් තවත් එක් සාමාන්‍ය දවසක් විය. වෙනදා මෙන් ඉර උදාවට ප්‍රථමයෙන් අවදි වුණු ඇය ගෘහණියකගේ රාජකාරි කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කළේ මුළුතැන් ගෙයිනි. මොහොතකින් කුසුම්ගේ සැමියා ද එතැනට ආවේය. කුසුම් මුළුතැන් ගෙයට පිවිස රාජකාරී ආරම්භ කරන මොහොතේ ඉවෙන් මෙන් දැනගන්නා ඔහුගේ නෙත උදෑසනම විවර වන්නේ ඉබේටමය. මෙදින තවත් එක් අභිරහස්‍යමය සිදුවීමක් වන බව කුසුම් නොදත්තේය. ගොදුරකට මඟ රැකගෙන සිටිනා මෘගයන් කිහිප දෙනකු මෙන් මිනිස් කණ්ඩායමක් කුසුම්ගේ සැමියා නිවසෙන් එළියට එනතරු බලා සිටියේය. ඔවුන් කවුදැයි කිසිවකු හෝ හඳුනා ගත නොහැකිය. බියකරුය. මෙසේ ඉව අල්ලමින් සිටින්නේ කුසුම්ගේ සැමියා පැහැර ගන්නටය. දඩයක්කාරයින්ගේ හෝරාව පැමිණියේය. කුසුම්ගේ සැමියා නිවසින් එළියට බටහ. ක්ෂණයකින් ඔහුව වට කරගත් මැරයින් ඔහුව පැහැරගෙන පළා ගියහ. එතැන් පටන් පැය කිහිපයක් ඔහු ගැන කුසුම්ට ආරංචි නොවිණ. ඇය ගත කළේ තුෂ්නිම්භූත වූ දිවියකි. ඊළඟට පැමිණියේ ඇය බලාපොරොත්තු නොවුණ ආරංචියකි.

ඒ කුසුම්ගේ සැමියා ඝාතනය කොට ඇති බවය. දරුවන් අට දෙනකු සමඟ කුසුම් වැන්දඹුවක් බවට පත් විය. ඒ නැගෙනහිර පළාතේ දුෂ්කර ගමකි. බොහෝවුන් නුගත් ගැමියෝය. මේ අය අතර කුසුම් තම ජීවන අරගලය පටන් ගන්නීය. ඇගේ වැඩිමහල් දියණිය වාසනාය. වාසනාව ඇගේ නමට පමණක් සීමා විය. ඇය තම මවට ජීවන යාත්‍රාව පැද යන්නට වෙර දෙන්නියක් බවට පත් විය. ඔවුන් දහසකුත් කම්කටුලු මැද ජීවිත අරගලය ගෙන යා යුතුය. එය පහසු කටයුත්තක් නොවේ. පෙනෙන මරුන් පමණක් නොව නොපෙනෙන රුපුන් ද ජීවිතය ඩැහැ ගන්නට වටලා සිටිති. දැවෙන විහඟුන් පියාඹන්නේ කෙසේද? ජාත්‍යන්තර සම්මාන දිනූ දැවෙන විහඟුන් සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි සිනමා කෘතියයි. ආන්දෝලනාත්මක සිනමාපටයක් වන ඉඟිලෙන මාළුවෝ සංජීව පුෂ්පකුමාරගේ මුල්ම අධ්‍යක්ෂණයකි. ජාත්‍යන්තර කීර්තියට පත් සිනමාකරුවකු දේශීය සිනමා ලෝකයට අවතීර්ණ වනුයේ මෙමඟිනි.

ප්‍රසාද් සමරතුංග

Cast

Crew

Other Crew